ප්‍රාදේශීය හිකීම්, හුකාගැනීම් සහ හිකවීම් පිළිබඳව විශේෂ පොලිස් කොමිසම

සැළකිය යුතුයි!

මෙය සහමුලින්ම සමාන්තර විශ්වයක වූවක් බවත්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා රාජ්‍යය සබැඳි කිසිදු නිල තනතුරක්, සිදුවීමක්, ස්ථානයක් හෝ පුද්ගලයෙක් පිළිබඳ කිසිවක් මෙහි සඳහන් නොවන බවත්, යම් අයුරකින් එසේ දැනෙන්නේ නම් ඒ මෙය කියවන්නා වූ ඔබගේ මනෝවිකාරයක් හෝ හිතළුවක් බවත්, ලියන්නා කිසිදු හේතුවක් මත ඒ මනෝවිකාර වලට හෝ හිතළු වලට වග නොකියන බවත් කාරුණිකව සළකන්න.

 

– හලෝ!

– ආ හෙලෝ.. මේ හුළුඅත්ත පොලිසිය ද?

– ඔව්.. මේ කොස්තාපල් රංජිත් අබේනායක කතා කරන්නේ. මොකද්ද කාරණාව..?

– ආ මහත්මයා මම සාලිය. මම පදිංචි වෙලා ඉන්නේ හිට්ටාසළුවේ, කාණුපල්ලේ. මම මේ කතා කරේ පුද්ගලික කාරණාවක් පිළිබඳ නීතිමය තත්ත්වය කොහොමද කියලා දැනගන්න..

– ආ.. කියමු බලන්න මොනවගේ කාරණාවක් ද?

– නෑ රංජිත් මහත්මයා. මේක කොහොමද අහන්නේ කියන ප්‍රශ්නෙ තියෙන්නේ.. අ.. මේ..

– කිසිම ප්‍රශ්නයක් නෑ.. බය නැතුව කෙලින් අහන්න.. පොලිසියේ අපි බැඳිලා ඉන්නවා ජනතා සේවකයන් වශයෙන් ඔබතුමාලගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න..

– ඔව්.. නිලධාරීතුමා.. නමුත් මේක.. අ.. මේ.. මම මෙහෙම කියන්නම්කො.. මගේ වයස දැනට අවුරුදු 24යි. මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙ වයස් අවුරුදු 21යි.. මේ මට දැනගන්න ඕන වුණේ මේ… අපි දෙන්නට හුකන්න අවසර ගන්න ඕන කාගෙන්ද කියලා..

– ආ.. හුකන්න කිව්වේ මහත්තයා.. මේ

– ඔව් ඔව් ඒක තමයි..

– ආ ඒක නම් අපේ ලොකු සර්ගෙන් තමයි අහන්න ඕන.. මම එතුමට කෝල් එක ට්‍රාන්සර් කරන්නම් ඔහොම ලයින් එකේ ඉන්න..

– ආ.. හරි..

– හලෝ.. ඉන්ස්පෙක්ටර් සරමකෝං කතාකරනවා..

– ආ හෙලෝ.. ඉන්ස්පෙක්ටර් සරමකෝං මහත්මයා මම සාලිය.. කතා කරන්නේ හිට්ටාසළුවේ, කාණුපල්ලෙන්.. මේ.. මම කතාකළේ පුද්ගලික කාරණාවක් පිළිබඳ නීතිමය තත්ත්වය දැනගන්න..

– ඔව්.. කියන්න..

– මේ.. අ.. මට දැන් වයස අවුරුදු 24යි.. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට වයස 21යි.. මේ.. ඉන්ස්පෙක්ටර් මහත්මයා.. තරහ ගන්න එපා මෙහෙම ඇහුවට.. මේ අපි දෙන්නට හුකන්න අවසර ගන්න ඕන කාගෙන්ද කියලා දැනගන්න පුළුවන් ද හරියටම?

– ආ..?! මොකද්ද පරයෝ තමුසේ ඇහුවේ?!

– අනේ තරහා ගන්න එපා බුදු ඉන්ස්පෙක්ටර් මහත්තයෝ නොදන්න කමට ඇහුවේ..! අපේ එහා ගෙදර චම්පා ඇන්ටියි ඉස්සරහ කඩේ ගෝරිං මුදලාලියි දෙන්නම කිව්වේ හුකන්න අවසර ගන්න තැනක් තියෙනවා.. පොලිසියේ මහත්තුරු හරියටම දන්නවා කියලා.. ගැත්තාට තරහා අවසර දේවයන් වහන්ස.. අම්මෝ.. නොදන්නාකමට සමාව භාජනය කරන්න!

– ආ.. අහ්ම්.. හරි.. මේ.. ඒ පිළිබඳව අහන්න ඕන අපේ සහකාර පොලිස් අධිකාරී එම්. බී. බී. එස්. දසයා යකා තුමාගෙන් තමයි.. එතුමා තමයි “ප්‍රාදේශීය හිකීම්, හුකාගැනීම් සහ හිකවීම් පිළිබඳව විශේෂ පොලිස් කොමිසම” භාරව කටයුතු කරන්නේ.. එතුමට මම කෝල් එක ට්‍රාන්සර් කරන්නම්.. ඔහොමම විනාඩි දෙකක් ලයින් එකේ ඉන්න…..

– හෙලෝ.. ඒ. එස්. පී. ලිය- සොරි ඒ. එස්. පී. දසයා හිය.. හූස් ඉස්කීපිං?

– ආ.. හෙලෝ.. දසයා මහත්මයා.. මම සාලිය හිට්ටා-

– ආ ඔව් මිස්ට සාලිය.. මට ඉන්ස්කෙප්ටර් සරමකෝං විස්තරේ කිව්වා.. දැන් ඔබතුමාගෙ වයස කීයයි කියලද කිව්වෙ?

– ආ.. මගේ වයස අවුරුදු 24යි සර්.. ගර්ල්ෆ්‍රෙන්ඩ්ට 21යි.. මේ..

– හා.. හරි.. ඒ කියන්නේ සාලයා පුතා ඔයාට දැම්ම ඔය ගෑණු දරුවා එක්ක මෙවුවා කරන්න බෑ.. හරි.. මොකද ඔයගොල්ලන් තාම නිසි වයසට ඒ කියන්නේ මෙවුවා කරන වයසට එළඹිලා නෑ.. ඕල්රයිට්?! දැන් සාලයා පුතා ඔයා තාම කරදඬු උස් වෙන වයස.. ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට තාම ලෝකේ ගැන දැනුමක් තේරුමක් නැති වයස.. අනික සාලයා පුතා-

– සාලිය සර්.. සාලිය..!

– ආ ඔව්.. සාලයා පුතා.. මෙහෙමයි.. ඔයාගෙ මෙවුවා එකට අපිට අවසර දෙන්න විදිහක් නෑ.. අපේ ජුරිස්ඩිස්කන් ඒ කිව්වේ හෘද සාක්ෂි.. ඉයස්.. හාට් විට්නස් එකෙන් එහා තමයි ඒක තියෙන්නේ.. ඕල්රයිට්?

– ඒත් සර්.. අපි දෙන්නම නීත්‍යානුකූලව වැඩිහිටි-

– ඒත් සර් මේත් සර් ගාන්න බෑ සාලයා පුතාහ් ඕල්රයිට්..??! අවර් වර්ඩ්ස් එක ඉස් ද ලෝව් හරි..?! ඔයාට ඕනම නං පුළුවං ඇපෑලක් දාන්න.. ඒකට හැබැයි ඉතිං.. ගමේ පන්සලේ නායක හාංදුරුවන්ගෙන් හරි ගමේ පල්ලියේ ස්වාමි කෙනෙක්ගෙන් හරි ලෙටර් එකකුයි.. ම්ම්.. ඔය පැත්ත භාර ග්‍රාමසේවකගෙන් ලියුමකුයි.. ඔය ළමයි දෙන්නගෙම අයි ඩී කොපීසුයි උප්පැන්නේ කොපීසුයි දෙමාපියන්ගෙ විවාහ සහතික ෆොටෝ කොපි එහෙම කරලා අවසර ඉල්ලීමේ ලියුමක අලවපු රුපියල් දාහේ මුද්දර දෙකක් උඩ ජේපී කෙනෙක් ඉස්සරහ ඉඳං සයින් කරලා ඒක ෆයිල් කරලා එහෙම.. ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දෙන්න.. ආ.. අමතක නොකර ඔය පැත්තෙ ප්‍රාදේශීය පුවත් වාර්තාකාරයෝ ඉන්නවනම් එයාලටත් කොපිය බැගින් යවන්න.. එහා ගෙදරටයි ළඟ පාත කඩේකුයි තියෙනවනම් ඒකටත් කොපියක් දෙන්න.. ඕල්රයිට්..?!

– හා සර්.. හොඳමයි සර්.. මේ එතකොට සර්.. අ.. මේ.. අපි හුකන්නැතුව දෙන්නා එකතු වෙලා අත් අල්ලගෙන අපේ ගේ ඇතුළේ හෙළුවෙන් බල්ටි ගහනවානං හරි.. අ.. මේ.. එහෙමත් නැත්තං.. මේ.. දෙන්නම හෙළුබැල්ලෙන් කොහොඹා කංකාරිය හරි කාවඩි නැටුමක් හරි නටනවනං හරි ඒකටත් අවසර ගන්න ඕන සර්ගෙන් ද නැත්තං ඒකටත් ජනාධිපති ලේකම් කාර්යාලයට ඔය ඩොකියුමන්ට්ස් භාර දෙන්න ඕන ද?

– මක් කිව්වා?!

– නෑ සර්.. මං ඇහුවේ තොගෙ අම්මත් එක්ක හැමිණෙනවනං අවසර ගන්නෝන කාගෙන් ද කියලා?! යකෝ මාජරින් කැරියෝ.. මටයි මගේ අශෝකමාලටයි අපේ ගේ ඇතුළේ හැමිණෙන්න හරි ආච්චිට හාල් ගරන්න හරි තොපේ අවසරේ පුකටද පකෝ? අපි ආතල් එකේ ගෙදර හුකනවා.. තොට පුළුවන් හුත්තක් කරපං.. ආ.. පුළුවන්නම් අපේ එහා ගෙදර කට හැකර චම්පටයි කඩේ ගෝරිංටයිත් කියපං මං මෙහෙම කිව්වා කියලා.. අර ගස් කැරියටත් කියපං මේකත් පුළුවන්නම් පත්තරේ දාන්න කියලා.. ගංකබර හුකන්නෝ..! තියන්නං සර්..!

© 2017 Pamuditha Zen Anjana

Advertisements

අභිමානයයි අවමානයයි, මුවිඳු බිනෝයිගේ කොලාජ් එකයි

“අභිමානයේ සලකුණ ජේතවනාරාමය…
අවමානයේ සලකුණ මීතොටමුල්ල කුනුකන්ද…”
වෙන තැනක රොෂාන් මලින්ද කියලා ඩයල් එකක් දාපු කමෙන්ට් එකක් ඒ.
 
හරියටම හරි. අභිමානයයි අවමානයයි දෙක එක උඩ තියලා පෙන්නුවම ඒක රිදෙනවා තමයි. මොකද අභිමානයට වඩා ඔය කාගේ කාගෙත් හිත් වල අවමානය වැඩ කරනවා. කුණුකන්දක් නාය ගිහින් මිනිස්සු මැරෙන එක මොන විළි ලැජ්ජ නැති වැඩක් ද ඕයි? එතකොට ඔය කාට කාටත් අතීතකාමී පම්පෝරිය ගහන්න විදිහක් නැතුව යනවා. ඒ පම්පෝරිය ඉන්වැලිඩ් වෙනවා. හා නැද්ද?
 
– අඩෝ අපි අරක හැදුවා.. මේක හැදුවා.. අරකත් හැදුවේ අපි තමයි.. ඇයි මේක ඒකත් අපිම තමයි.. හැබැයි ඒ කාලේ!
– එතකොට උඹලා දැන් මොකද කරලා තියෙන්නේ?
– අපි කුණු කන්දක් හැදුවා ඕයි.. මෙන්න උස.. අඩෝ කඩන් වැටුණා කියහන්කෝ.. කැරිම සීන් එක!
 
ඔන්න දැන් විළි ලජ්ජාව එනවා ෂේප් එකේ එළියට. ගන්නවා කට්ටියම රෙදි කරට. අර අවමානය වහගන්න ඊට වඩා ලොකු අවමානයක් කියලා හිතට දැනෙන එකක් ඕන. ගන්නවා ආගම් පයිය(මල්ල) එළියට. ඒකෙන් තෝරගන්නවා “මේ අපේ ඩර්මේ හුත්තෝ” පැකේජ් එක. (2012 ඉඳන් ෆේස්බුක් ඉන්න උන් දන්නවා මේ පැකේජ් එක මොකද්ද කියලා) අරගෙන ගහනවා අර කොලාජ් එක යට ජංගි ගළවගෙන, දත්මිටි කාගෙන, කීබෝඩ් මිරිකගෙන, පුක විකාගෙන, බහුජ්ජභාවය හොඳටම පේන කමෙන්ට්ස්. අම්මටම බැණලා දානවා. සිංහලබෞද්ධයන්ට (තනි වචනයකි) ගෙදර බුදුන් අම්මා තමයි. හැබැයි අනුන්ගේ අම්මලා නෙමෙයි. එළකිරි දැන් වැඩේ ඕකේ.
 
ආර්ට් කියන්නේ ඕකම තමයි. ඒ දාපු හැම කමෙන්ට් එකක්ම දැන් ඒ කලාකෘතියේ කොටසක්. ඔය දෙපැත්තම නැතුව කලාව පවතින්නෑ. කලාව තියෙන්නේ මිනිස්සුන්ගෙන් රිඇක්ෂන් ගන්න. මිනිස්සුන්ට දේවල් ප්‍රශ්න කරන්න පුරුදු කරන්න. මිනිස්සුන්ට හිතන්න ඉඩ දෙන්න. ඒකයි කලාව පුද්ගලානුබද්ධ වෙන්නේ. ඕනම කලාකෘතියක් ඕනම පුද්ගලයෙක් කියවගන්නේ තම තමන්ගේ රාමු, පාට කණ්ණාඩි, පුරුදු, අත්දැකීම්, ආසාවන් අනුව. ආට් රසවිඳින්න හරි ආට් වලින් ඔෆෙන්ඩ් වෙන්න හරි බලපාන්නේ තම තම නැණම තමයි. ඒ නිසා කොහෙදිවත් කලාකරුවෙක් තමාගෙ කලාකෘතියක් අනික් අයට තේරුම් කර දිය යුතු නෑ.
 
ජේතවනාරාමය කියන්නේ ලෝකෙන් ඊජිප්තු පිරමීඩ වලට පමණක් දෙවනි වෙන පතාර සයිස් ගොඩනැගිල්ලක් කියලා මම කොහෙන් හරි අහලා තිබ්බා. ආගමිකව ඕකට මල් පූජා කරන දොහොත් මුදුන් දී වඳින සාමාන්‍ය බෞද්ධයන්ගේ කුලකය පැත්තකින් තිබ්බම ඕක ඇත්තටම ලංකාවේ උන්, විශේෂයෙන්ම සිංහලබෞද්ධයන් (තනි වචනයකි) තමන්ගේ අතීතයේ පොර ටෝක් එක ලොකු සීන් එක පෙන්නන්න යොදාගන්න අයිටම් එකක්. ඒක උඩින් මුවිඳු ගෙනල්ලා තියනවා ලාංකේය අභි- සොරි අවමානය, මීතොටමුල්ල කුණු කන්ද. දැන් මිනිස්සුන්ට ලේසියෙන්ම ගන්න පුළුවන් එක දෙයක් තියෙනවා. අඩෝ මූ අපේ උරුමෙට කුණු පිරෙව්වා කියන එක.
 
ඈ බං.. උඹලගේ රෙද්දේ උරුමෙට කුණු පුරුවන්න දෙයක් නෑ. උඹලත් ඇතුළෙන් කුණු වෙලා ගඳ ගගහා ඉන්නේ. උරුමේ ඉස්සරහට අරන් යන්නේ උඹලා. ඔය කොලාජ් එකකට අමුතුවෙන් ඔෆෙන්ඩ් වෙන්න රෙදි කරට ගන්න ඕන්නෑ. උඹලා කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් තම තමන්ගේ මූණු බලපන්. මොළේ ඉඳන්ම දෙපතුළ දක්වාම කුණු. ඔෆෙන්ඩ් වෙනවනම් වෙන්න ඕන තම තමන් ගැනම තමයි.
 
අහක ඉඳලා චූන් වෙච්ච සෙට් එකක් අහනවා ඇයි “උඹලගේ” පල්ලියකට හරි වෙන මොකක් හරි එකකට ඔය කුණු පිරෙව්වේ නැත්තේ කියලා. මුවිඳු ඒ පිළිබඳව මොන වගේ අදහසක හිටියත් මම නම් ඉන්නේ ආගම් කියන්නේම කුණු ගොඩක් කියන තැන. ඔය ආගම් වලින් පුරවපු කුණු තමා හැමෝම හැම තැනම කමෙන්ට් විදිහට හළ හළ යන්නේ. එහෙම පල්ලියකට හරි වෙන අටමඟලයකට හරි කුණු වල ෆොටෝ එකක් දාලා කොලාජ් එකක් හැදුවොත් මට නම් ප්‍රශ්නයක් නෑ. මට වෙලාවක් තිබ්බනම් මමම ඕක කරලා දානවා.
 
කොහොමහරි ඔය අව් අස්සේ ජාතික හෙළු කරුමෙට පැත්තකින් මුක්කුවක් ගහන් ඉන්න, “හරි ගොසිප්” කියලා පජාත සයිට් එකක් කරන ලෙෂාන් ප්‍රබෝධ විදානගමාච්චි කියලා එකෙක් චූන් වෙනවා මුවිඳුගෙ කොලාජ් එක දැකලා. ජාතික හෙළු කරුමෙත් එක්ක පොර වැඩේට බහිනවා. කොහොමත් ජාතික හෙළු උරුමයට ඕන අර ඒ දවස්වල වගේ තමන් තාම ඉන්නවා කියලා ආයේ ලෝ- සොරි ලංකාවට පෙන්නන්න. ඒකට ඉතිං මුවිඳු බිනෝයි කියන නම මදි. එතකොට ඕන වෙනවා ප්‍රසිද්ධ නමක්. දකිනවා සමණලී ව. අම්මටසිරි ඒකි මේ කොලාජ් එක ෂෙයා කරලා තියෙනවා. අඩෝ වරෙන් හුත්තෝ ඩර්මේ රකින්න. ගැහුවා මඩ පෝස්ට් 7ක් 8ක්. දැම්මා කැප්ෂන් එකක්. “අලුත් පරපුරේ” සමණලී ජේතවන දාගැබට කුණු පුරවන්න කියයි කියලා විකෘති කරපු අදහසක්. දැන් සමණලීගෙ කර උඩ තමයි හෙළ උරුමෙ ඉන්නේ. කොලාජ් එක හදපු එකාට වඩා ගහන්නේ සමණලීට. මොකද අර අන්තවාඳී ඉස්ලාම් උන් ගෑණු පහතින් තියනවා වගේම බහුජ්ජයොත් කැමතියි ගෑණු සද්ද වහලා පැත්තකට වෙලා ඉන්නවට. ජාතික හෙළු කරුමය කියන්නේ ඔය බහුජ්ජයන්ගේ කැඩපත. ඒ දවස් වල ගංගොඩවිල සෝමගේ දෙණ උඩින් පාර්ලිමේන්තුවට ගියා වගේ ජාතික හෙළු කරුමය තාමත් දඟලන්නේ මොකකින් හරි තමන්ට ලකුණු ටිකක් දාගන්න.
 
ආතල්ම සීන් එක තමා ටික කාලෙකට පස්සේ හරි ආයෙමත් “සාමකාමී” බහුජ්ජයන්ගේ රෙදි ගැලවෙන එක. ජාතික හෙළු කරුමයේ සම සභාපති මැඩිල්ලේ විමලසාර කියලා කෙනෙක් පොලිස්පතිට ලියුමක් යවලා හීනියට තර්ජනය කරනවා “සිත් රිදීමට ලක් වූ බෞද්ධයන් නීතියට පිටතින් ගොස් අදාළ චූතියන් සොයා ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීම වැළක්විය හැක්කේ පොලීසිය මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමෙන් පමණක් බව” කියලා. ඒ ඉෂූ කරන්නේ අයිසිස් පන්නයේ ටෝක් එකක්. ත්‍රස්තවාඳී ක්‍රියා පිළිබඳව ඇඟවීමක්. උඹලා නොකළොත් අපි නීතිය අතට ගන්නවා පන්නයේ ටෝක් එකක්. ලිඛිත තර්ජනයක්. ඔන්න අස්සේ හැංගිලා තියෙනවා බහුජ්ජයන්ගේ ඇත්ත කතන්දරේ. හා බොරු ද?
 
ෂාරුක්ට බෝම්බ ගහපු එකේ, ඒකෝන්ට විසා නොදුන්න එකේ, බුදු ටැටූ එකක් ගහපු ටුවරිස්ට් කෙනෙක්ව පිටුවහල් කරපු එකේ, බුදු පිළිමයක් ගිලෙනවා ඇන්ඳා කියලා ගප්පියව මරං කන්න හදපු එකේ උඹව මරං කන්න මේ රටේ උන් බලන් ඉන්න එක පුදුමයක් නෙමෙයි බං. ඊළඟ ටොපික් එක එනකම් තව දවස් කීපයක් උඹව මරං කන්න හදන උන් දිහා බලාගෙන ආතල් එකේ හිටපං, එහෙමත් නැත්තම් සමන්තබද්‍ර තියරිය මෙතනට ඇප්ලයි කරලා මේකෙන් උඩ පලයං මචං කියලා විතරයි මුවිඳුට කියන්න තියෙන්නේ.
 
සාධු කියන්න පිංවතුනි
බෞදියට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.
 
ප. ලි.
මම ඔය කොලාජ් එක යට කමෙන්ට් කරද්දි “උඹේ අම්මගේ ෆොටෝ එකක් ඔහොම එඩිට් කරලා දැම්මොත් අවුලක් නැද්ද?” කියලා මගෙන් අහන බහුජ්ජ උන්ට කියන්න තියෙන්නේ පුළුවන්නම් අපේ අම්මගේ ෆොටෝ එකක් හොයාගෙන එහෙම දාපන්. මට නම් අවුලක් නෑ. කවුරුහරි ෆොටෝ එකක් එඩිට් කරාම අපේ අම්මට අවනම්බු වෙන්න අම්මා ෆොටෝ එකක් නෙමෙයි නේ. නේ ද?
 
ප.ප.ලි.
අඩෝ ඇත්තටම මට ආසයි සමන්තබද්‍ර මේකට මොනා කියයිද බලන්න.
© 2017 Pamuditha Zen Anjana
#බහුජ්ජාතල්කැඩීම #ජේතවණේමීතොටමුල්ලටගේමු #වරෙංරෙදිගලවංයන්ඩ #ජාතිකහෙළුකරුමය #ෆොටෝෂොප්බෑඩෝ #මුවිඳුබිනෝයි #තග්ලයිෆ් #ෆොටෝෂොප්උගන්නමු #ෆොටෝෂොප්ඉගෙනගමු #අහසේදෙවියෝනෑ #ජාති #තදතද #නිගාදීලා #කොලාජ්එකටඇවිස්සුණුකඩිගුල #කුණුෆෙටිෂ් #ජාතකේහොයනවා #මංඅවජාතකයිලු #කහසිවුරුත්රස්තවාදය #බහුජ්ජයෝඅම්මගේහුත්තේකුණුපුරවපංකිව්වාබං #අම්මගහයි #කුණුකෑවාෆ්රෙන් #මීතොටමුල්ලෙකුණුඅම්මගේහුත්තටවඩාලොකුයිනේ #බෞද්ධෆෙටිෂ් #මොකෙක්හරිමොකක්හරිකළොත්අලුත්පරපුරේ #හෑෂ්ටැග්අංජන #එහෙමත්නැත්නම්එන්ජීඕඑකේ #පල්ලිකාක්කා #පුකේමාමයිට් #අහකඉන්නජේසුටයිඅනිත්උන්ටයිත්බණිනවා #මංපැස්ටාෆාරියන් #කේතෑක්ස්බයි #lka
18034148_1892139821062858_1082000691022892380_n

හූනියමක් කරන්නේ කෙසේ ද?

හූනියම : ඉතාම තදබල ලෙස මිථ්‍යා විශ්වාස වල එල්ලී සිටින ඕනෑම අයෙක් ඉතාම පහසු ක්‍රමයකට නැතිබංගස්ථාන කර දමන ආකාරය.

  • වුවමනා දෑ:
  1. නැතිබංගස්ථාන කර දැමීමට වුවමනා පුද්ගලයෙක් (ඉතාම තදින් මිථ්‍යා විශ්වාස වල එල්බගත් අයෙක් විය යුතු ය)
  2. තරමක් මහත කහ නූලක් හෝ එකට අඹරාගත් සිහින් කහ නූල් හතක්
  3. මල් වර්ග හතක්
  4. එක නැට්ටේ දෙහි
  5. බිත්තරයක්
  6. ඉන්ජෙක්ෂන් කටුවක්
  7. රතු පැහැති කුකුල් සායම් හෝ ෆේක් බ්ලඩ් ස්වල්පයක් (සත්‍ය සත්ව හෝ මනුෂ්‍ය ලේ ද භාවිතා කළ හැක)
  8. කුඩා තඹ පත් ඉරුවක්
  9. ඇණයක්
  10. රතු නිල් හා කහ පැහැති නූල්
  11. විනිවිද පෙනෙන කුඩා කුප්පියක් හා ඊට සරිළන පොරොප්ප ඇබයක්
  12. කුඩා සත්වයෙක්ගේ ඇට කැබලි (තරමක් දිරාපත් වූ ඒවා නම් වඩාත් සුදුසු ය)
  13. අළු අවශ්‍ය තරමට (මිනී අළු වඩාත් සුදුසු ය)
  • පෙර සූදානම:

ප්‍රථමයෙන් කහ නූල ගෙන එහි මැදට වන්නට ගැට විසි එකක් දමන්න. එය පසෙකින් තබන්න. දැන් කුකුල් සායම් හෝ ෆේක් බ්ලඩ් ගෙන අවශ්‍ය ප්‍රමාණයට ලේ වාගේ පෙනෙන සේ සකසා ගන්න. ඉන්පසු බිත්තරය ගෙන ඉන්ජෙක්ෂන් කටුවේ ආධාරයෙන් ඉතාම පරිස්සමට බිත්තරයේ කට්ට සියුම් ලෙස සිදුරු කර ඊට ලේ විදගන්න. එක නැට්ටේ දෙහි ගෙඩි වලට ද එලෙසම ලේ විදගන්න.

දැන් කුඩා තඹ පත්ඉරුව ගෙන ඇණය මගින් යන්තරයක් ලෙස බොහෝ දුරට පෙනෙන අයුරින් ඕනෑම යමක් ඇඳගන්න. එහි අකුරු සිංහල හා දමිළ අකුරු ළඟින් යන හැඩයේ ඒවා වීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. ඉන්පසු එය හොඳින් රෝල් කර රතු නිල් හා කහ පැහැති නූලෙන් එක නූලකට ගැට හතක් බැගින් එන සේ ගැට විසි එකක් යොදා ගැට ගසන්න. එසේ පිළිවෙලකට ගැට ගසාගත් තඹ රෝල පොඩි කුප්පිය තුළට දමා පොරොප්පය ගසා තද කර වසා දමන්න.

දැන් ඔබ නිවරදි ලෙස අවශ්‍ය දේ ඉටු කිරීමට සූදානම් වී ඇත.

  • නැතිබංගස්ථාන කරන ආකාරය:
  1. කෙම්මුර දිනක අදාළ පුද්ගලයා නින්දට ගිය පසු හොරෙන්ම ඔහුගේ නිවසේ ඉදිරි දොර වෙත යන්න.
  2. කලින් පිළියෙල කර ගත් කහ පැහැති නූල පාපිස්ස යටින් හෝ දොර ඉදිරිපස පස් යටට හෝ දමා මදක් පෙනෙන සේ වසා දමන්න.
  3. එක නැට්ටේ දෙහි ගෙන හිසේ ගෑවෙන නොගෑවෙන තරමට උළුවස්සේ එල්ලන්න.
  4. දොරකඩ ඉදිරිපස හොඳින් පෙනෙන තැනක කුඩා කවයකට සිටින සේ මල් වර්ග හත තැන්පත් කරන්න.
  5. එය මැදට වන්නට කලින් පිළියෙල කරගත් බිත්තරය තබන්න.
  6. දැන් සත්ව ඇට කැබලි ටික ගෙන කැමති ආකාරයට ඒ මල් කවය හා බිත්තරය මැද හිඩැස් සරසා ගන්න. සැරසිල්ල හැකිතාක් ගුප්ත වන අයුරින් නිර්මාණය කරන්නට වග බලා ගන්න.
  7. ඉන්පසු අළු ගෙන ඒ සැරසිල්ල වටා හොඳින් පෙනෙන සේ කවයක් සළකුණු කරන්න.
  8. අළු ස්වල්පයක් ගෙන ඉදිරිපස දොරේ කැමති ඕනෑම ආකාරයක සළකුණක් අඳින්න.
  9. දැන් වත්ත කෙළවරකට ගොස් කලින් පිළියෙල කරගත් කුප්පිය වළලන්න. (ගැඹුරට වළක් හෑරීම අවශ්‍ය නොවේ. පස් වලට යට වීම ප්‍රමාණවත් ය)
  10.  අළු ඉතුරු වී ඇත්නම් ගේට්ටුවේ හා අවශේෂ ජනෙල් දොරවල් වල ද ගුප්ත සළකුණු ඇඳීම වඩාත් හොඳ ය.

දැන් ඔබ අවැසි සියල්ලම පාහේ සිදු කර ඇත. දැන් ඇත්තේ බලා සිටීම පමණි.

පසු දින හිරු උදාවත් සමගම අදාළ පුද්ගලයා තමන්ට කවුරුන්හෝ “හූනියමක්” කර ඇති බව වටහාගනු ඇත. එතැන් පටන් ඔහුගේ මනසට විෂබීජ එන්නත් කිරීම හා ඔහුගේ කාලයත්, මානසික සුවයත්, මුදලුත් විනාස කර දැමීම ඔහු වටේ පිටේ සිටින සියළුම දෙනා හා, හූනියම කැපීමට ඔහු හයර් කරන කට්ටඬියන් ඉටු කරනු ඇත.

***රෑට නිවසේදී විවිධ ක්‍රම යොදාගෙන බිය වැද්දීම හා ඉන්පසු උදාවන සෑම කෙම්මුර දිනකම ඉදිරිපස දොරේ සත්ව ලේ වලින් විවිධ දෑ ලියා තැබීම වැනි දෑ කිරීමෙන් ඔබට අවශ්‍ය දේ වඩාත් ඉක්මණින් කරගත හැකි ය.***

සැ. යු.
මෙය අයහපත් දේට යොදා නොගන්න. යහපත් දේට පමණක් යොදාගන්න. මෙය හොඳට හෝ නරකට යෙදීමට ගොස් සිදුවන කිසිම දෙයකට කිසිසේත්ම කතෲ වග කියනු නොලැබෙන බව සළකන්න. එසේම අදාළ පුද්ගලයා නින්දට යන තුරු නොඉඳ කඩි කුලප්පුවෙන් මෙය කිරීමට යෑමෙන් සිදුවන හදිසි අනතුරු වලට වග කියනු නොලැබෙන බවද කරුණාවෙන් සළකන්න.

© 2016 Pamuditha Zen Anjana

රතු බස් රැළිය

කෑම එකක් ගේන්න පාරට ගියාම දැක්කේ පාර වැහෙන්න බස්!

පාලම උඩත් බස්.. පාලම යටත් බස්.. පෑලියගොඩ පැත්තේ ඉඳන් රතු පාටින් සැරසිච්ච කොළ පාට කොඩි දාගත්තු බස් රැළක් නොකඩවා එනවා එනවා.. ඉවරයක් නෑ.. අන්න බස් දැකලා නැති පොඩි එවුන් ඉන්නවනම් “ආං පුතේ බලාගන්න බස්!” කියලා පෙන්නන්න මරු දවස අද.. ටකස් ගාලා ෂර්ට් එකක් දාගෙන පොඩි එකාවත් අන්දගෙන ත්‍රීවීල් එකක් අරගෙන කොළඹ පැත්තට එන්න.. පොඩි උන්ට පෙන්නන්න රතු බස් වල එකමුතු කම..

මම පාලම යටට ඇවිදගෙන ගියා.. පාලම යට නවත්තලා තියෙන බස් ළඟ මිනිස්සු සෙට් වෙලා බස් වලට ගගහ බජව් දානවා. ඒ පැත්තේ ඉඳන් ආපු කොල්ලෝ දෙන්නෙක් මගෙන් ඇහුවා “අයියා මේ ළඟ.. මේ.. රෙස්ටොරන්ට් එකක් තියේද?” කියලා.. මම කෑම ගන්නද කියලා ඇහුවම “නෑ.. මේ.. බියර් එකක් ගන්න..” කියපු ඒ ඩබලට මම බාර් තියෙන පැති සේරටම අත දික් කරලා පෙන්නලා දීලා ආවා.. (මම බාර් තියෙන තැන් දන්නෙද? මම දන්නේ ඒ දවස්වල ප්‍රොජෙක්ට් එකකට රීසර්ච් කරපු නිසා.. ඔව්!) අපරාදේ එද්දි දැනගන්න එපෑ නිවාඩු දවස් වලට බාර් වහනවා කියලා.. බාර් කරන කට්ටියයි නීති හදන කට්ටියයි දන්නවා වැඩ කරන දවස් වලට විතරයි මිනිස්සුන්ට බොන්න ඕන වෙන්නේ කියලා..

කෑම එකක් අරගෙන ගෙවල් පැත්තට එද්දී කට්ටිය සේරම අව්වෙන් බේරෙන්න තැන් හොයනවා.. කැප් දාගෙන රෙදි ඔළුවේ ඔතාගෙන වතුර හොයාගෙන කාන්තාරෙක යන සෙට් එකක් වගේ වැඩ කරන ජනතාව ඉබාගාතේ ඇවිදිනවා.. අපේ ලේන් එකට හැරෙන තැනම තනි සුදු සරමකුයි ෂර්ට් එකකුයි ඇඳන් හිටපු අවුරුදු 55ක් 60ක් විතර වයස පොරක් කරටි කැඩෙන්න ගහලා.. පොර ළඟ සන් ග්ලාසස් දෙකක් දාගෙන සීන් එකේ හිටපු පොලිස් කාරයෙක්ට අම්බානකට බණිනවා..

“අපේ මහත්තයට මොකුත් කියන්නෙපා.. අපේ මහත්තයට බණින්නෙපා කැරියෝ.. මම බය නෑ.. උඹ මොනා කීවත් මං බය නෑ.. හැබැයි අපේ මහත්තයට බණින්නෙපා.. කැරියෝ!”

මාත් ආතල් එකේ ෆ්‍රී ෂෝ එක පොඩ්ඩක් එන්ජෝයි කරලා ගෙදර ආවා.. මොනා වුණත් වැඩ කරන ජනතාව හොඳට ආතල් ගන්න දන්නවා.. මට හීනියට හිනාවක් ගියා. උන්ගේ ආතල් එක හින්දා නෙමෙයි.. අර ආපු බස් එකක ගහලා තිබ්බ පෝස්ටරයක් මතක් වෙලා..

මිස්ටර්. රනිල්ගෙයි තව නාඳුනන මන්ත්‍රී කෙනෙක්ගෙයි ෆොටෝ දෙකක් උඩින්ම දාලා තිබ්බ ඒකේ සටහන් කරලා තිබ්බේ;

“කැප කරපු ජනතාවගේ
ජාතික මැයි රැළියට
සුබ පැතුම්…”

කියලා. මොකකට කැප කරපු ජනතාවක් ගැනද මේ කියන්නේ කියලා මීටර් නැති නිසා මම කෝකටත් තව ළං වෙලා බැලුවා.. ඇයි යකෝ කවුද දන්නේ මුන්ව “මරණයට” වත් කැප කරලා තියෙනවද කියලා..!

යටින් පොඩියට වගේ ගහලා තිබ්බ වචන ටිකෙන් තමා නාඳුනන මන්ත්‍රී කවුද කියලා දැනගත්තේ..

“කොලොන්න එ.ජා.ප. ප්‍රධාන සංවිධායක, සබරගමුව පළාත් සභා මන්ත්‍රී පී. අබේනායක සමග කොලොන්න ආසනයේ ජනතාව” තමයි ඒ විදිහට වැඩ කරන ජනතාවගේ දිනය වෙනුවෙන්, රතු මැයි දිනය වෙනුවෙන් කොළ කැප් දාගෙන දුරු කතර ගෙවාගෙන ඒ බස් එකේ කොළඹ වගේ හැතැක්මකට එක ගහක් දෙකක් තියෙන කතරකට ඇවිල්ලා ගිනි කාස්ටක අව්වේ රට වටෙන් එහෙට එන මිනිස්සුත් එක්ක එකතුවෙලා වැඩ කරන ජනතාවගේ දිනය සමරලා ආතල් ගන්නේ..

13131679_10153649955605292_8405667633625260156_o.jpg

ඒ ගොල්ලන්ගේ ඒ ආතල් එකෙන්, මාත් හීනියට ආතල් එකක් ගත්තා.. ඇයි බං ඔන්ලයින් වැඩ කරන ජනතාව විදිහට අපිත් ඒ වැඩ වලට මෙහෙමවත් සම්බන්ධ වෙන්න එපැයි.. හා නැද්ද?

© 2016 Pamuditha Zen Anjana

මේ තුජේ මාර්දූඟා කුත්තේ කමීනේ සාලේ ටීවී එකේ!

දන්නා කාලයේ සිටම ලංකාවේ බහුතරයකට ඉන්දියාව ලොවෙත් පේන්නට බැරි ය. ඉන්දියාවේ එකෙක් වැරදිලාවත් පාරේදී හම්බුණොත් කාරා කෙළ ගහන සයිස් එකට මළ ය. ඒ කොහෙන් ආ මළක් දැයි මට නම් නිච්චියටම කිව නොහැකි ය. හැබයි එකෙක් දෙන්නෙක් හැර මට මෙතෙක් මුණ ගැහුණු ඇටිකිච්චාගේ පටන් බක පණ්ඩිතයා දක්වා ලාංකිකයන් සැවොම එලෙස ඉන්දියාවටත් ඉන්දියානුවන්ටත් රොම්බ සයිස් එකෙන් බණින බව නම් නිසැකවම දන්නවා ය.

කෙසේ වෙතත් පසු කාලීනව බෝවූ මාරාන්තික ක්‍රිකට් උණ නිසා ඉන්දියාවත් සමග පවතින මේ ජන්මාන්තර වෛරය තවත් වැඩි වී ඇති බව පැහැදිලි ය. ක්‍රිකට් උණෙන් ඔද වැඩුණවුන් ඉන්දියානුවන්ගේ මවු පියන් ආදරෙන් පවා සිහිපත් කරනවා ය. කවදත් මරාගන්නට බලාගෙන ඉන්නා ලංකාවේ උන් සෙල්ලමක් නිසා පවා මරාගන්නවා ය. ඉනුදු නොනැවතී සීපා එක්ටා වැනි ගිවිසුම් අත්සන් කරනවා කියූ ගමන් ගිවිසුමේ අකුරක්වත් නොදැක පවා මුන්දැලා ඉන්දියන් කාරයොන්ගෙන් සමාජ වෙබ් අඩවි වල මරාගෙන මැරෙන්න ගේම ඉල්ලනවා ය.

හැබැයි ඒ කෙසේ වෙතත් ලංකාවේ උන් වෙනස් ය.

ඉන්දියාවේ සබන් ඔපෙරා හෙවත් එක් පවුලක, පරම්පරා ගණනාවක ඕපා දුප ගණනාවක් නාට්‍යරූපි ලෙස ඉදිරිපත් කරන ශාන්ති, ප්‍රීති, භීති, ප්‍රවීණා, මහ ගෙදර, එහා ගෙදර, ඊට එහා පැත්තේ එකාගේ ආච්චිගේ ගෙදර වැනි අම්බානක දිග නාට්ය වගේ ඒවා රෑ බතත් පසෙක ලා තලු මර මර රස විඳිනවා ය. එවුවායේ රඟපාන නිළියන් මෙහේ “වැඩැම්මවූ” විට ඇකයේ හුන් දරුවන් පවා බිම අතහැර කාර් රැළියට අතවනන්නට දුව යනවා ය. ඉන්දියන් නළු නිළියන් මතකයට නංවාගෙන හොරෙන් හොරෙන් ස්වයං වින්දනයේ යෙදෙනවා ය. ඉන්දියන් ගීත රස විඳිනවා ය. හින්දුස්ථානී සංගීතය දේවත්වයෙහි ලා සළකනවා ය. අනෙකක් තබා ඒවායේ තනු ගෙඩි පිටින් ගෙන මෙහේ රීමේක් කරනවා ය. ෆිල්ම් පවා රීමේක් කරනවා ය. හැබැයි ඒ ඉන්දියාවෙන්ම ෂාරුක් ඛාන් ලංකාවට ආ විට මෙහේ උන් බෝම්බත් ගැහුවෝ ය. එනිසා මොනා වුණත් හැබැයි ඉන්දියාවත් එක්ක මුන්ට අමර මළක් තියෙනවා කියන එක නම් ෂුවර් ඇන්ඩ් ෂොට් ය.

ඇත්ත වශයෙන්ම කියුවහොත් ඒ වෙනස ගැන අපි ආඩම්බර විය යුතු ය.

සමහර විට මේ මළේ මුල ආදී රජ කාලේ ඉඳන් තිබූ සොළී ආක්‍රමණ නිසා විය හැකි ය. අනගාරික ඉන්දියාවට ගොස් බුද්ධගයාව බේරාගෙන එහෙටම වී ආයේ නම් ආත්ම ගණනාවක් ගියත් ලංකාවේ නම් නොඉපදේවා කියා මිය ගිය නිසා ද විය හැකි ය. තවත් සමහරක් විට මහින්ද අහසින් වැඩ තිස්සට කෝචොක් දමා අඹ ගස් ගැන ඇසීමෙන් වූ විළිලජ්ජාව නිසා විය හැකි ය. නැත්නම් සංගමිත්තා ජය ශ්‍රී මහා බෝධිය වැඩමවීමත් සමග දූපතට ආ සංස්කෘතික ආක්‍රමණය නිසාත් විය හැකි ය. එසේත් නැත්නම් ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය, තම්බපණ්ණියේ කුවේණිට රෙඩා පොට් කර බෝඩ් එකෙන් එළියට විසික් කළ නිසා ද විය හැකි ය. හැබැයි අන්තිම පොයින්ට් එක එච්චරම ලෙජිට් නැති ය. මන්ද යත් ඉන්දියාවත් එක්ක මේ තිබෙන මළේ හැටියට එහෙනම් මෙහේ එකාලා කුවේණිගේ දරු දෙපළ වන ජීවහත්ථ හා දිසාලාගේ පරම්පරාවට දූපතේ උරුමකරුවන් ලෙස සැළකිය යුතු නිසා ය. එහෙත් දැන් ඉන්න උන්දැලා වැද්දන් හෙවත් ලංකාවේ ආදිවාසීන්ව තඹ පයිසාවකට වත් ගණන් නොගන්නා බව ආදිවාසීන් පවා දන්නවා ය. මොකද මෙහේ බහුතරයකට ඇත්තේ සිංහ ලේ බව දන්නෝ දන්නා නිසා ය.

ගොඩක් කාලෙකින් මොකුත් නොලිවූ නිසා වටෙන් ගොඩෙන් මතක් වූ ඉන්දියන් කතා එලෙස පෙළ ගැස්වූ කල, මේ වෛරයට හේතුව දූපතේ හිමිකාරීත්වය තියෙනවා යැයි රාමායණයේ සහ ජනවහරේ සඳහන් වන රාවණා පරපුරේ යක්ෂ ගෝත්‍රිකයෝ පුටු කේස් එකක් නිසා ගිරි දිවයිනට එළවූ බුදුන් ගේ ක්‍රියා කලාපය ද විය නොහැකි බව ලියන්නාට හිතෙනවා ය. මන්ද යත් ඉන්දියාවේ උන්ට *ක *රාගෙන (දුක දරාගෙන) බණින ලංකාවේ උන්ගෙන් හෙණම සෙට් එකක් අදහන්නේ ඉන්දියාවේ ජීවත් වූ ආගමික ශාස්තෲවරයෙක් වූ බුදුන් හඳුන්වා දුන් දර්ශනයෙන් බිඳී ආ ආගමක් නිසාත් ඒ ආගම බිත්තර රකිනා කිකිළියන් මෙන් රැක ගන්නට තතනන උන්ගේ අම්මෝ ලොකු මෙවුවා එක විවිධාකාරයෙන් එළියට දැමීම නිසාත් ය.

බන්දු සමරසිංහ කියන්නා සේ “ආඩම්බරයි තේරුමක් නැතුව” ය.

© 2016 Pamuditha Zen Anjana

සිනමාතල්

~ තමන්ගේ තාත්තාට හෘදයාබාධයක් ඇති වීම නිසා පුළුවන් ඉක්මණට ඔහුව රෝහල වෙත ගෙන යාමට චිත්‍රපටයේ වීරයා හෙවත් ‘කොල්ලා’ ට වුවමනා වේ.

  • හොලිවුඩ් සිනමාව

වහා ක්‍රියාත්මක වී ඇම්බියුලන්ස් එකකට කෝල් එකක් දෙන කොල්ලා, විනාඩි කිහිපයකින් එතැනට පැමිණෙන ඇම්බියුලන්ස් එකේ දමාගෙන තාත්තාව රෝහලට රැගෙන යයි. අතරමගදී ඇම්බියුලන්ස් එක ගමන් කරන මාර්ගය බරාස් ගා හදිසියේ පැළී ගැඹුරු විවරයක් ඇති වෙයි. රියදුරා අසීරු බ්‍රේක් පහරකින් අනතුරුව රථය නවත්වා ගනියි. මොහොතකින් නුදුරු අහසේ මෙතෙක් වෙලා කැමෆ්ලජ් වී තිබූ පාවෙන පීරිසියක් මතු වේ. ඉන් ගොඩ බසින පිටසක්වළ ජීවීන් මිනිසුන් හා ගොඩනැගිලි විනාශ කරමින් පෘථිවිය ආක්‍රමණය කිරීම අමෙරිකාවෙන් පටන් ගනී.

එතැනට හතර වටින් පැමිණෙන පොලිස් රථ හා යුධ හමුදා රථ පිටසක්වළයන් වටේට හිඳ වෙඩි තබන්නට පටන් ගනී. පිටසක්වළයන්ද ඔවුන්ගේ අද්භූත විනාශකාරී ආයුධ වලින් ප්‍රතිප්‍රහාර එල්ල කරයි. ඒවා පාවෙන පීරිසිය අසළදී ආපසු හැරවී පොළව වෙත් විත් අසළ වූ ගොඩනැගිලි වලට වදියි. කඩා වැටෙන විසල් කොන්ක්‍රීට් කුට්ටි වලට යට වී සාමාන්‍ය මිනිසුන් මිය යයි. මිනිසුන් විලාප තබමින් කෑ ගසමින් හිස් ලූ ලූ අත දිව යයි. අවටින් පැමිණෙන ගුවන් හමුදා ප්‍රහාරක යානා පාවෙන පීරිසියට මිසයිල ප්‍රහාර එල්ල කරයි. ‘කොල්ලා’ තවමත් ඇම්බියුලන්ස් එකේ ය. තාත්තා සමග තරමක් හාස්‍යජනක, එහෙත් සංවේදී කතා බහක් ඇති වෙයි. ලොව බේරාගන්නට හැකියාව ඇත්තේ කොල්ලට පමණක් බවත් ඊට නොබියව ඉදිරිපත් වන ලෙසත් තමාට කිසිවක් නොවන බවත් පවසන තාත්තා කොල්ලා දිරිමත් කරයි.

මද සිනහවක් නගන කොල්ලා ඇම්බියුලන්ස් එකේ ඇළ වී සිටින තාත්තා වැළඳගෙන සිනහවක් සහිතව ඉන් එළියට බසියි. ඊට නුදුරින් සිටින පිටසක්වළයෙක් එය දැක කොල්ලට වෙඩි තියයි. ඉංග්‍රීසි කුණුහරුප කිහිපයක් කියන කොල්ලා බඩ පිනුමක් ගසා අසළ වූ වාහනයකට මුවා වෙයි. අසළ වෙඩි වැදී වැටී සිටින හමුදා නිලධරයෙක්ගේ තුවක්කුවක් ගන්නා ඔහු පිස්සුවෙන් වාගේ පිටසක්වළයන්ට වෙඩි පිට වෙඩි තබයි. තබන තබන වෙඩි පහරට සක්වළයෝ උන් උන් තැන්වල මැරී වැටෙයි. එය දකින දුෂ්ටයා හෙවත් හොරා, (**මේකේ හොරා පිටසක්වළයෙක් බව සළකන්න) කොල්ලා දෙස කෝපයෙන් බිහිසුණු බැල්මක් හෙළා ඔහු සිටින දෙසට බිල්ඩින් කුඩු පට්ටම් කරගෙන මිනී මරාගෙන සක්වළයන්ද මරාගෙන දුව එයි. හොරා එල්ල කරන වෙඩි පහරකින් අසළ තිබෙන ඇම්බියුලන්ස් එක පුපුරා කුඩු පට්ටම් වෙයි.

කොල්ලා ඉංග්‍රීසියෙන් දම්සාරීඊඊඊ කියා කෑගසයි. (**ඉංග්‍රීසි බසින් දම්සාරී යන්න ඇසෙන්නේ “නෝ” කියා ය.) තාත්තා මැරූ තරහින් වියරු වැටෙන කොල්ලා අසළින් දුව එන සක්වළයෙක්ට මූණ නාළු වෙන්නට පහරක් එල්ල කර ඌගේ ආයුධය ගෙන හොරා ට වෙඩි පිට වෙඩි තබයි. එහෙත් හොරා දරුණු එකෙකි. ඌට වදින වෙඩිල්ලක් නැත. දුව එන හොරා කොල්ලා උස්සා පොළේ ගසයි. ඉන්පසු භයංකර ද්වන්දව සටනක් ඇරඹෙයි. කොල්ලා අම්බානක ගුටි කයි. ඉන් අමාරුවෙන් ගැළවෙන ඔහු ගොඩනැගිලි අතරින් දුව විත් අසළ වූ බිත්තියකට මුවා වෙයි.

මේ අතර අසළින් පණ බේරාගන්නට දුවන ඇහැට කණට පේන කෙල්ලෙක් ද එතැනටම පැමිණ ඒ බිත්තියටම මුවා වෙයි. ඈතින් එන හොර පිටසක්වළයා කොල්ලා සොයමින් එතැනට විටින් විට වෙඩි තබයි. කොල්ලා “ෂික් මූට වෙඩි තිබ්බට මැරෙන්නෙම නෑ නේ!” කියා කුණුහරුප කිහිපයක් සමග ඉංග්‍රීසියෙන් කියයි. එවිට එතැනම මුවා වී සිටින කෙල්ල සක්වළයාගේ බුරිය මැදට වෙඩි තැබූ විට ඌට ඩැමේජ් වන බව පවසයි. කොල්ලා විශ්මයට පත්වන අතර කෙල්ල තමන් හට මැරුණ සක්වළයෙක් අධ්‍යයනය කරන්නට හැකි වූ බව පවසා ඒ විශ්මය දුරු කරයි. කෙසේ හෝ දරුණු සටනකින් අනතුරුව කොල්ලා බුරියට වෙඩි තබා හොර පිටසක්වළයා මරා දමයි. පිටසක්වළ ලොක්කා මිය යනු දකින අනිත් පොඩි පොඩි සක්වළ බච්චෝ සියල්ල අකුළාගෙන “නැවත එන” බව කියා පීරිසියට නැගී මාරු වෙයි.

කැඩුණු බිල්ඩිමක් අසළ නැවැත්වූ ඇම්බියුලන්ස් එකකට බරව කෙල්ල සමග සුහද කතා බහක යෙදෙන කොල්ල ඇයව සිප ගනී. අසළ සිටින වෛද්‍ය සේවකයන් ඔහුගේ අතෙ සුළු තුවාල කිහිපයකට බෙහෙත් දමයි. හදිසියේම ඇම්බියුලන්ස් එක තුළින් තාත්තාගේ කටහඬ ඇසෙන අතර, පසුව බලද්දී කලින් විනාශ වී ඇත්තේ වෙනත් ඇම්බියුලන්ස් එකක් බව කොල්ලා දැනගනී. සියල්ලෝම සතුටින් සිනහ වේ.

  • ප්‍රංශ සිනමාව

කොල්ලා ඇම්බියුලන්ස් එකේ තාත්තා දමාගෙන රෝහල වෙත රැගෙන යන අතර අතරමගදී බයික් වලින් පැමිණෙන කළු හැඳගත් පුහුණු මැරයෝ ඇම්බියුලන්ස් එක වට කරයි. හැඳ සිටින ජැකට් වලින් ස්වයංක්‍රීය අවි එළියට ගන්නා ඔවුහු ඇම්බියුලන්ස් එකට වෙඩි තබයි. වේගයෙන් වාහනය එළවන්නට රියදුරාට කෑ ගසන කොල්ලා තමාගේ කකුලේ සඟවා තිබූ රිවෝල්වරයක් ගෙන නාඳුනන තුවක්කු කරුවන්ට පෙරළා වෙඩි තබයි. ඇම්බියුලන්ස් එකේ අයින් දොරක් විවර කරන ඔහු එහි වූ ඔක්සිජන් ටැංකියකින් ළඟම එන බයික් එකට පහර දෙයි. බයික් කරු පාලනයෙන් ගිලිහුණු බයික් එකද සමග වේගයෙන් ගොස් අසළ නවත්වා තිබූ කුණු ලොරියක ගැටෙයි.

හදිසියේ රථයේ වහළයෙන් ඇතුළට වෙඩි පහරවල් පිට පිට එල්ල වෙයි. වැඩ කෑල්ලක් දමා අධි වේගයෙන් ධාවනය වන ඇම්බියුලන්ස් එකේ වහළයට නැගගන්නා කොල්ලා ඒ මත සිටිනා හොරෙක් සමග විසිල් නැති වැඩකෑලි කරණම් බල්ටි හා කුංෆු වූෂූ අංගම් පොර ඇතුළු බිහිසුණු වේගවත් සටන් ක්‍රම යොදාගනිමින් වහළය මත සිට සටන් කරයි. රථයට ළං වන බයික් කරුවෙක් අයිනේ දොරෙන් ඇම්බියුලන්ස් එකට ඇතුළු වෙයි. වහළය උඩ සිටින හොරාට සටාස් ගා අපර් කට් පහරක් එල්ල කරන කොල්ලා අයිනේ දොරේ එල්ලී කරණමක් ගසා ඇතුළේ සිටින බයික් කරුවාට අනික් පස දොර ගළවාගෙන එළියට විසි වන්නට පහරක් එල්ල කරයි. වැරදීමකින් අත වැදී ඇම්බියුලන්ස් එක ඇතුළත තිබෙන තරමක් විශාල පෙට්ටියක් වැනි යමක් විවර වේ. ඒ තුළ තිබෙන කාල බෝම්බයක් දකින කොල්ලා කලබල වෙයි. මේ අතර තව වාහනයක්ද දෙපසින් එළවා එන බයික් කරුවන්ට එකතු වෙයි. ඔවුහු විටින් විට වෙඩි තබමින් ඇම්බියුලන්ස් එක හප්පයි.

වේගයෙන් පාර පුරා ධාවනය වෙන වාහන කිහිපයට පොලිස් රථ කිහිපයක්ද එක් වෙයි. ඉන් එකක සිටින පොලිස් නිලධාරිනී කෙල්ල වැඩකෑලි දමා හොරුන්ට වෙඩි තබයි. බිහිසුණු වෙඩි ප්‍රහාර හා හැප්පිලි මගින් වාහන හා ගොඩනැගිලි විනාශ වී යයි. හදිසියේ ඇම්බියුලන්ස් එකේ රියදුරාට වෙඩි වදියි. වහා ක්‍රියාත්මක වන කොල්ලා ඔහුව එහා සීට් එකට දමා රථය පදවන්නට ගනියි. හානි සිදුවූ ඇම්බියුලන්ස් එක අසීරුවෙන් පාලනය කරගෙන එය රෝහලට දෙසට රැගෙන යන අතර විටින් විට පැමිණෙන බයික් කරුවන් හා සටන් කරන්නට කොල්ලාට සිදු වෙයි. කෙසේ හෝ ඔවුන් මග හැර රෝහල් පරිශ්‍රයට ඇතුළු වෙන ඔහු තාත්තා හා රියදුරා එතැන දමා රෝහලේ සේවකයන්ට කෑ ගසයි. දුව එන රෝහලේ සේවකයන් තාත්තා හා වෙඩි කෑ රියදුරු ඇතුළට රැගෙන යනවාත් සමගම එතැනට පැමිණෙන බයික් කරුවන් එදෙසට වෙඩි තබයි.

කරණම් ගසා අසළ වූ බිත්තියක් මත ඇවිද බයික් කරුවෙක්ට පහර එල්ල කරන කොල්ලා තුවක්කුවක් රැගෙන අනික් පසින් පැමිණෙන වාහනයට වෙඩි තබයි. මේ අතර ඇම්බියුලන්ස් එකට රිංගූ බයික් කරුවෙක් බෝම්බය රැගෙන දුවන්නට ගනියි. කොල්ලා ඒ පසු පස එළවයි. එතැනට පැමිණෙන පොලිස් රථයකින් බිමට බසින පොළිස් නිලධාරිනී කෙල්ල ද ඔවුන් පසු පසින් දුව යයි. බෝම්බය රැගත් බයික් කරුවා රෙස්ටෝරන්ට් එකක් ඇතුළට දිව යයි. කෑම හදන ස්ථාන අස්සෙන් ඔහු පසු පස දිව යන කොල්ලාට තවත් මැරයන් සමග සටන් කරන්නට වෙයි. බයික් කරුවා පඩිපෙළක් දිගේ ගොඩනැගිල්ලේ වහළයට ගොඩ වී වහළයෙන් වහළයට වැඩකෑලි දමමින් කරණම් ගසමින් පනිමින් දුවන්නට ගනියි. කොල්ලාද ඊට නොදෙවෙනි ලෙස ඔහු පසු පස වහළයෙන් වහළයට පනිමින් හඹා යයි. පැනගන්නට නොහැකිව ප්‍රංශ බසින් කුණුහරුප කියන කෙල්ල වීදි අතුරින් උඩ බලමින් ඔවුන් පසු පස හඹා එයි.

අවසානයේ වහළයක් උඩ ත්‍රාසජනක සටනකට පසු හොරා වහළයෙන් වැටෙන්නට යයි. කොල්ලා බෝම්බයෙන් අල්ලාගෙන ඔහු වැටෙන එක වළක්වයි. එහෙත් වියරුවෙන් සිනාසෙන හොරා ටටා කියා ප්‍රංශ බසින් කියා බෝම්බය අතහරියි. උස ගොඩනැගිල්ලෙන් බිමට වැටෙන හොරා මියයයි. එතැනට එන කෙල්ල තමාගේ වෝකි ටෝකි එකෙන් බෝම්බ නිශ්ක්‍රීය අංශය හා සම්බන්ධව බෝම්බය නිශ්ක්‍රීය කරන්නට කොල්ලට උදව් කරයි. ත්‍රාසජනක මොහොතකට පසු බෝම්බය නිශ්ක්‍රීය කරයි. ඔවුන් සතුටින් උඩ පනින අතර බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් ද ප්‍රීති ඝෝෂා නගයි. කොල්ලා පසු දිනෙක පොලිස් කෙල්ලගේ අතින් අල්ලාගෙන රෝහල්ගත කළ පියා බලන්නට යයි.

  • දකුණු ඉන්දියානු සිනමාව

පැයකට පමණ පසුව එන ඇම්බියුලන්ස් එකට තාත්තා දමාගන්නා කොල්ලා තාත්තා මැරුණාක් සේ හඬමින් පොළවේ හැපෙන අහළ පහළ මිනිසුන්ගෙන් අසීරුවෙන් ගැළවී රෝහල වෙත යන්නට පිටත් වෙයි. තත්පර කිහිපයකින් ඇම්බියුලන්ස් එක ට්‍රැෆික් එකේ හිර වේ. කෙසඟ සාමාන්‍ය තරුණයක් වන කොල්ලා එළියට බසියි. ඒ වෙලාවේම එතැනට පැමිණෙන මැරයෝ පිරිසක් ඔහුට පහර දෙන්නට සැරසෙයි. මැරයන්ට උපහාසාත්මක ‘පන්ච් ලයින්’ සහිත කතාවකින් පොඩි ‘සද්දයක්’ දාන ඔහු තනිව ඔවුන් හා සටන් කරයි. වට පිටාවේ මිනිසුන් රැස්වී ඒ දෙස මුව අයා බලා සිටියි. කෙසඟ කොල්ලා තඩාර සයිස් මැරයන්ට වාහන හෙළවී වැටෙන්නට පාරේ කඩ සාප්පු කුඩු වෙන්නට අඩි සීයක් දෙසීයක් විසි වී යන්නට තරම් තදින් කෝපයෙන් පහර දෙයි. හදිසියේම එතනට හොරා (**බොහෝ විට හොරා දූෂිත දේශපාලනඥයෙක් වීමට ඇති ඉඩ වැඩිය.) අඳුරු කණ්ණාඩි සහිත ජීප් රථයකින් පැමිණෙයි. කොල්ලා අවසාන මැරයාටත් පහර දී ‘ලොකු සීන් එකෙන්’ හොරා දෙස බලයි.

හොරා වියරු ලෙස සිනහ සී අසුරු ගසයි. ජීප් රථයෙන් මැරයෝ විසි පහක් විතර බිමට බසියි. අවටින් ආයුධ රැගත් තව මැරයන් පැමිණෙයි. කෙල්ල ජීප් රථයෙන් බිමට බසින මැරයන් දෙදෙනකු අතරට මැදිව අසරණ වී සිටියි. මැරයෝ වියරු සිනහවකින් ඇයගේ බෙල්ලට පිහියක් තබා තර්ජනය කරයි. කෙල්ලගේ බෙල්ලට පිහියක් තබා තිබෙනු දුටු කොල්ලා කෑ ගසා ලොකු සීන් දාන්නට යයි. හොරා කෙල්ල අසළට ගොස් දැඟලුවොත් මරා දමන බව ලොකු සීන් එකෙන් පවසයි. කොල්ලා අසරණව අඩපණ වෙයි. වටෙන්ම එන මැරයෝ ඔහුට බිම වැටෙන තුරු පහර දෙයි. කෙල්ලට කරදරයක් වේ යැයි සිතා කොල්ලා කිසිවක් නොකර අම්බානක ගුටි කා නහයෙන් කටින් ලේ දාගෙන සිහි නැති ව බිම ඇද වැටෙයි. හොරා කෙල්ල ඇදගෙන යන්නට හදයි. ඇය කොල්ලාගේ නම කියා දුක්ඛිත ලෙස විලාප නගයි.

ඒ විලාප ශබ්දයට කොල්ලා ඇස් අරියි. විගස දුහුවිලි අවුස්සාගෙන නැගී සිටියි. ඒ ශබ්දයට පසුපස බලන හොරා විශ්මයට පත් වෙයි. මැරයන්ට පහර දෙන්නට සන් කරයි. කෑ ගසමින් ආයුධ අමෝරා දුව එන මැරයන් දොළහකට පමණ දෙන එක පහරකින් දොළොස් දෙනාම විසි වී අඩි සියයක් එහා තිබෙන තාප්පයක් පෙරළාගෙන බිම වැටෙයි. කොල්ලා අසළ ඇම්බියුලන්ස් එකේ බෆර් එක මහ දවල් පාර මැද ගලවා ගෙන ඉන් දෙකේ දෙකේ සයිස් දරුණු පෙනුමැති මැරයන්ට පහර දෙයි. හොරා සමග දරුණු සටනකින් අනතුරුව කොල්ලා ජය ලබයි. හොරා අවාසනාවන්ත ලෙස මිය යයි. කෙල්ල කොල්ලා වෙත දුව විත් තුරුළු වී කඳුලු සළයි.

වට වී සිටින මිනිසුන් ඔල්වරසන් සහ අත්පොළසන් මගින් කොල්ලා පසසයි. ඒ අතර ඇම්බියුලන්ස් එක පැත්තෙන් කොල්ලාගේ පියා කෙඳිරි ගානවා ඇසෙයි. කලබල වෙන කොල්ලා වට පිට බලයි. ට්‍රැෆික් එක තාම එසේම ය. වහා ක්ෂණිකව ක්‍රියාත්මක වෙන කොල්ලා ඇම්බියුලන්ස් එකේ වහලය මතට නැග වට පිට මිනිසුන්ගේ ලොමු ඩැහැ ගැන්වෙන ලෙස කතා කරයි. මිනිසුන්ද ඊට ඔල්වරසන් දෙයි. ඒ කතාවේ අවසානයට ඉතාම සංවේදී ලෙස තමන්ගේ පියාට වී තිබෙන අකරතැබ්බය ගැන පවසද්දී වටේ පිටේ එක් රැස් වුණු ජනතාවගෙන් එක් අයෙක් පැමිණ රෝගී පියා ඇම්බියුලන්ස් එකෙන් එළියට ගනියි. විගස සංවිධානය වෙන ජනතාව පාර දිගට අත්වැලක් සාදා රෝගී පියා අතින් අත රෝහල වෙත මාරු කර යවයි. කොල්ලා කඳුළු පිරුණු දෙනෙත පිස දමාගෙන සිනාසී කෙල්ලව තුරුළු කරගනී.

  • බොලිවුඩ් සිනමාව

දකුණු ඉන්දියානු සිනමාවට බොහෝ දුරට සමාන වන අතර වෙනස් වන්නේ කොල්ලා මදක් හැඩි දැඩි සුදු ලස්සන සල්ලි තියෙන කොල්ලෙක් වීම හා සටන් කරන ස්ථාන හා අනෙක් දේවල් මදක් වෙන්ඩ පොෂ් අලංකාරවත් ලුක් එකක් ගැනීම පමණක් බව සළකන්න.

© 2015 Pamuditha Zen Anjana

ගොන් කතාවක්

මෙහේ එකාලාට මෑතක පටන් වී ඇත්තේ අන්දරේට වූ හදිය ම ය. මඟුල් ගෙදර යන්නට පෙර ආඩම්බරකාර අප්පුච්චා ගොනා වාගේ ඉන්නට කියූ දා සිට මුං ගොනා වාගේ ම ඉන්නවා ය. අපරාදේ කියන්නට බැරි ය. ඉන්නවා විතරක් නොව අත් දෙකේම ඇඟිලි වලින් ඔළුවේ අං සාදාගෙන එකිනෙකාට ඇණ ගන්නට පවා යනවා ය. ඒ දැක මඟුල් ගෙදර කා බී නටමින් ගයමින් ප්‍රීති වෙන වැඩිහිටියන්ට හතර හිනා ය. කතාව ඒ මඟුලක් ගැන නොව ලංකාවේ ගොන්නු ගැන ය.

මෙහේ ගොන්නු ප්‍රතිශතයක් ලෙස ගත්තාම සෑහෙන වැඩි ලු ය. ගොන් ප්‍රභේද වලින් නා නා විධ, විවිධාප්‍රකාර ගොන්නු මෙහේ ඉන්නවා ලු ය. බත් කන හරක් කියා ලංකාවටම ආවේණික ප්‍රභේදයක් ගැන ද ලියන්නා කොහේදි හෝ අසා තිබෙනවා ය. ගොඩක් ගොන්නුන්ට පමණක් නොව ගොපල්ලන්ට ද විවිධ භාෂා වලින් උම්බෑ කීමේ හැකියාව තිබෙනවා ලු ය. ඔය කාට කාටත් ඒ බව සැකයි නම් රෑ නවයහමාරෙන් පමණ පසු රූපවාහිනියේ ගුවන් විදුලියේ පවා විවිධ භාෂා වලින් උම්බෑ කියන ගොන්නු සහ ගොපල්ලන් දැකීමට ඇසීමට හැකිය. ලියන්නා පත්තර කියවනවා සෑහෙන අඩු ය. එහෙත් කලාතුරකින් පත්තරයක් අතට ගත්තාම පොල්ගෙඩි අකුරින් පිටු පුරා උම්බෑ කියන ගොන්නු ලියන්නා දැක තිබෙනවා ය.

ලංකාවේ ගොන්නුන්ට නොතේරෙන එව්වා ද ගොඩක් තිබෙන්නේ ය. මතක් වෙන හැටියකට ඒවා මෙහි ලියන්නට ලියන්නා උත්සාහ කරනවා ය.

ගොන්නු හිතං ඉන්නේ හැමදාම උලා කන තණ බිම් උන්ගේ කියා ය. එහෙයින් හැමදාම තණබිම් වල අයිතිය රැක ගන්නට, ඒ අටමඟලෙම හිතාගෙන ඉන්නා වෙන වෙන ගොන්නු සමඟ ඇණ කොටා ගන්නවා ය. මේ එක ගොනෙක්ට වත් නොතේරෙන්නේ තණ බිම් මොන හරකෙක්ට වත් අයිති නැති බව ය. ඔළුවෙන් හිටගෙන කීවද, බීරි අලින්ට වීණා ගැහුවාට ඇහෙන්නේ නැතිවාක් මෙන් තණකොළ කා උම්බෑ කියන්නට පුරුදු ගොන්නුන්ට ඒවා කියා වැඩක් නැති ය. ඒ අව් අස්සේ ගොන්නු බලන ගොපල්ලන් ද තණ බිම් උන්ගේ බාප්පොච්චාගේ වාගේ හැසිරෙනවා ය. ගොනෙක් වැරදිලා වත් සීමාවෙන් පිට ගියොත් උන්ගේ රැස්පොට් බැලිය හැකිය. උන්දැලා එහෙම හිතාගෙන හිටියාට එව්වා උන්ටත් අයිති නැති ය. ඔය කොච්චර රැස්පොට් තිබ්බ ද ගොන්නු කෙතරම් කුළල් කාගත්තද ගොපල්ලන්ට වගක් වත් නැතිවාක් සේ ය. ආතල් එකේ තමන්ගේ වැඩක් බලාගෙන වස් දඬුවක් පිඹගෙන, කෑල්ලකට ලයින් දාගෙන උන් ඉන්නවා ය. ඉතින් ඇණ කොටාගන්න එකෙන් කෙළ වෙන්නේද ගොන්නුන්ට ය. එය නොතේරී තව තවත් මරාගන්නේ ද ගොන්නු ම ය.

ඔය කුමක් වුවත් ගොපල්ලෝ ගොපලු තනතුරට පත් වන්නේ කොහොමද යන කාරණාව ගොන්නුන්ට ඒ හැටි නිනව්වක් නැති පාට ය. එහෙම මෙව්වා එකක් තිබ්බ ද ඒ හැටි ගාණක් නැති පාට ය. ඔහේ වමාරා කමින් ඔළුව වනමින් ඉන්නවා ය. ලියන්නාට හිතෙන්නේ, ඒ ගොන්නු, තමන් ගොන්නු බව නොදන්නා නිසා කියා ය. මොකද මේ නිකම් ගොන්නු නොව ගොන් බබාලා නිසා ය. දෙන දෙයක් කා, වෙන දෙයක් බලාගෙන ඉන්නට මේ ගොන් බබාලා පට්ටටම කැමති ය. ඉඳහිට කරත්තයේ, බරබාගයේ බැන්ඳාම පොඩ්ඩක් කුණු කුණු ගෑව ද, බර අදින්නට පටන් ගත් විට ලෝස් නැතිව අයිතිකාරයාගේ අම්මාගේ අප්පුච්චාගේ පටන් පවුලේ බේබිලාගේ පවා බර අදිනවා ය. ඒ ගැන උම්බෑ ගාන්නට යන ගොනෙක් නැති ය.

මන්ද යත් ඒ උම්බෑ සද්දේ ජූංජක් හෝ වැඩි වුවහොත් පස්සට ගොපල්ලාගේ කෙවිටි පාර සුවර් බව හැම ගොනෙක් ම දන්නා නිසා ය. තත්වය එසේ වුව ද ඉඳහිට කණාවට වාගේ නාහෙට නාහන ගොන්නු ද සිටින බව කලාතුරකින් අහන්නට ලැබෙනවා ය. ඒ ද උන් සුද්දාගේ වෑන් වල යන චාරිකාවෙන් අනතුරු ව මස් කඩේට දැක්කුවාට ද පසුව ය.

“දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනි ය” කියා කතාවක් ලියන්නා පොඩි කාලේ පටන් අසා තිබේ ය. මොකද එකී කතාවට මුල්වූ ගොන්නු දෙන්නාගෙන් එකෙක්ට මැස්සන් එළවීමට වලිගයක් තිබුණේ නැති නිසා ය. මැස්සන් කනවා දැනුණ ද එළවන්නට වලිගයක් නැති ය. මෙහේ ගොන්නුන්ට වෙලා තියෙන්නේ ද ඔය හා සමාන සංගදියක් ය. අයිතිකාර ඇත්තෝ ඔක්කෝගේම වලිගය කපාලා ය. ලියන්නාට හිතෙන්නේ දැන් දැන් ඉපදෙන වහු පැටවුන්ගේ පවා වලිගය ඉපදෙද්දීම කපනවා කියා ය. මොනා වුණත් හදිසියකට මැස්සෙක් මදුරුවෙක් එළවාගන්නට වලිගය නැති එක ගැන නම් පට්ට දුක ය.

ගොන්නු ගැන කියන්නට ගොන් කතා තවත් තිබෙනවා ය. ඒත් එහෙම කතා ඔක්කොම එකට ලියලා ද වැඩක් නැති ය. පස්සේ දවසක තවත් ගොන් කතා පුළුවන් වුණොත් ලියන්නම් ය.

අන්තිමට කියන්නට තවත් එකක් මතක් වුණේ ය. ඒ ගොන්නු කොපමණ සිටියද එළදෙනුන්ගේ හිඟයක් දැනෙනවා වාගේ ය. මොකද මෙච්චර හරක් ඉන්නා රටේ කිරිපිටි ගිනි ගණන් ඇයි ද කියා සකබග් උන්දෑගේ අඩවියේ පෝස්ට් එකක් හුවමාරු වෙනවා දුටු නිසා ය. එක අතකින් බැලුවාම ඒ හැටි පුදුමයක් ද නැති ය. මොකද මේක මහ අමුතු ඇටයක් නිසා ය. පඳුරකට පයින් ගැහුවාමද ඇස් දෙකටම ඇඬෙන්නට ආශ්චර්යය එළියට පනින නිසා ය.

මේ උම්බෑ කිව්වා හොඳටෝම ඇතිය. හදිසියේ වත් සද්දේ වැඩි වෙලා කංකරච්චලයක් වගේ වලව්වට ඇසුණොත් ලියන්නාගේද වලිගය කපා සුද්දාගේ වෑන් වල එක්ක ගොස් එලොව පොල් පෙන්නාවි යැයි ලියන්නාගේ මෑණියන්දෑ කීවා ය. එහෙම වුවමනාවක් ලියන්නාට තාම නම් නැති ය. මේ ගොන් අඩවියට ඇවිදිං ගොන් කතා කියවා යන ගමන් ඔය මොනා හරි කොටාගෙන යන එකෙන් ලියන්නාට තවත් ගොන් කතා ලියන්නට හිතේවි ය. ඒ නිසා ඕන ගොනෙක් කැමති ගොන් කතාවක් ඕන විදිහකට දාගෙන ගියාට ලියන්නාට අවුලක් නැති ය.

© 2014 Pamuditha Zen Anjana

යුද්ධයට උපන්නෝ

අපි යුද්දෙට ඉපදුණ දරුවෝ. මේ පුංචි දූපත ඇතුළේ දන්න දවසේ ඉඳන් පැවතුණ, (ඊට ඉස්සරත් පැවතුණා ලු!) ඉදිරියටත් පවතින්නට නියමිත ජාතිවාදෙට ඔහේ මුදාහැරුණු ජීවියෝ කොටසක් තමයි අපි.

මම ඉපදෙන්නේ අසූඅටේ. කළු ජූලියට අවුරුදු පහකට පස්සේ. මමඉපදුණ දා ඉඳන් දෙදාස් නවය වෙනකම්ම ඇහුවේ යුද්දේ ගැන කතා. “පර දෙමළු” උන්ට රටෙන් කෑල්ලක් ඉල්ලපු හැටි, දුටුගැමුණු රජ්ජුරුවෝ දෙමළු පලවා හැරලා රට එක්සේසත් කරපු හැටි, ඇයි මේ රට අපේ (සිංහලයන්ගේ) වෙන්නේ, ඇයි කොටි මරාගෙන මැරෙන්නේ, යනාදී කතා බොහොමයක් ඒ කාල සීමාව තුළ අපි ඇහුවා. තේරෙන කාලෙට එද්දී අපි යාළුවෝ එක්ක වාද කළා. සමහර විට ඔය කතා බහට එක් වුණු දෙමළ යාළුවෝ උන් කොටි ගැන හිතන විදිහ අපිට තේරුම් කරන්න උත්සාහ කරලා බැරි බව දැනුණම, කාගෙවත් ඊළමකට වඩා යාළුකම වටින නිසාද කොහෙද කතාව වෙන මාතෘකාවකට මාරු කළා.

කොහොම හරි දෙදාස් නවයෙදි යුද්දේ ඉවර වුණා (?) කට්ටිය නම් කිව්වේ අපේ ජනාධිපති තුමා යුද්දේ ඉවර කළා කියලා. ළඟදි හිරෙන් නිදහස් වෙච්ච ජෙනරල් යුද්දේ ඉවර කළා කියලා තවත් සමහරු කිව්වා මට මතකයි. ඒත් ඇත්තටම යුද්දේ ඉවරද? අවි අතට අරගෙන දෙපැත්තෙම උන් එකිනෙකා මරාගත්තු යුද්දේ ඉවර ලු! එහෙමයි දන්න හැමෝම කියන්නේ. මගේ මොකෝ, යුද්දේ හැමදාමත් කොළඹ අපිට සෑහෙන දුරින් තමයි දැනුණේ. බෝම්බයක් දෙකක් කණ ළඟින් පුපුරලා කෙස්ගහකින් පණ බේරුණාම නම් ටිකක් විතර ළඟින් දැනුණා. ඊට පස්සේ, “ඔය කොටි ඔක්කොම වනසල නැති බංගස්තාන කරලා දන්න ඕන, උන්ගේ පවුල් පිටින් නැති කරලා දාන්නෝන” කියලා සතියක් විතර යනකම් තැන තැන බැණලා ගෙදර ගිහින් හවස ප්‍රවෘත්ති විකාශයේ කොටි අච්චරක් මෙච්චරක් මැරුණා ආමි එකේ දෙන්නෙක් විතරයි මැරුණේ වගේ කතා අහලා අනුපාතය ගැන කුරිරු සතුටක් විඳලා නිදාගන්න යනවා. ඒත් සතියකට දෙකකට පස්සේ ආයෙමත් කොළඹ වෙනදා වගේම කලබලකාරියි. (ලංකාවේ මිනිස්සුන්ට ඕනම දෙයක් මතක හිටින්නේ සතියයි කියලා වේලුපිල්ලේ ප්‍රභාකරනුත් කිව්වලු නේ)

යුද්දේ ඉවරවෙලා අවුරුදු හතරකුත් ඉවර වේගන එනවා. ඒත් අපි හැමෝම හිත් ඇතුළෙන් (සමහරු නම් පාරවල් වලත්) වෙන වෙන යුද්ද වල පටළැවිලා. ආණ්ඩුවේ යම් යම් දේවල් විවේචනය කළාම, “ෂ්ෂ්! කෑගහන්න එපා බූරුවෝ, සුදු වෑන් එකක යන්න ආසද?” කියලා  ඒ ගැන දන්නව කියන මිනිස්සු අහනවා. (ආණ්ඩුවේ කවුරුවත් තාම එහෙම අහනවා නම් මට ඇහිලා නෑ) පාරේ නම් දැන් යුද්ද කරන්න පටන් අරන් තියෙන්නේ හාමුදුරුවරුයි, (චීවරධාරියෝ?) සිංහලබෞද්ධ (තනි වචනයකි) මිනිස්සුයි. එයාලට ආගම ජාතිය බේරගන්න ඕනෙයි කියන්නේ. මුස්ලිම් මිනිස්සු තව අවුරුදු ගාණකින් රට අල්ලගන්න යනවයි කියන්නේ. අපේ කට්ටියගේ (සිංහල, දෙමළ, මුස්ලිම්) ජාතිවාදය අන්තර්ජාල සමාජ ජාල, අවුල්ජාලයක් කරලා. කුණුහරුපවලින්, තම තමන්ගේ ආගම් වල ධර්ම කාරණා වලින් දිගට කොමෙන්ට් දාලා වාද විවාද කරලා තමන්ගේ එක තමා හරි එක, ලොකු එක කියන්න දඟලනවා. සමහරු නම් කියනවා මෙව්වා වෙන වෙන අයගේ යටි උගුල් අහුවෙන්න එපා කියලා. (කියලා වැඩක් නෑ)

ඇත්තටම මේ රටේ මිනිස්සු කියන්නේ (මාත් ඇතුළුව) ඕපාදූප වලින් තොරව ජීවිතය ගෙවාගන්න බැරි ජාතියක්. යුද්දේ තියෙනකම් යුද්දේ ගැන ඕපාදූප ඇහුවා. දැන් යුද්දේ ඉවරවෙලා වෙන වෙන ඕපාදූප හොයනවා. ග්‍රීස් යක්කු, සුදු වෑන්, දුටුගැමුණුගේ කඩුව, මහින්ද රාජපක්ෂගේ වශී බෝලේ, පිටසක්වළ ජීවියෝ, තෙවන පාර්ශව, රෝහිතගේ ගෑණු ළමයගේ උපන් දිනේට දුන්න තෑගි, එජාපයේ ජාතිය පාවාදීම්, හලාල්, විදේශීය කුමන්ත්‍රණ, අනම් මනම් ඕපාදූප කෝටියයි.

යුද්දේ ගැන තාම කතා වෙනවා. කලින් විදිහට නැතුව වෙන වෙන විදි වලට යුද්දේ ගැන කතා වෙනවා. යුද්දේ ඉවර කළා කියන එක (ලංකාවේ අයට සතියකින් අමතක වෙන නිසාද කොහෙද ) දවස ගාණේ කවුරු හරි කියනවාමයි. ටීවී එකෙන් ඇහෙන “අවුරුදු තිහක යුද්දෙකට පස්සේ මේ රට දියුණු වෙන මේ අවස්ථාවේ..” කියන වාක්‍යයේ ඉඳන් සාමන්‍ය මිනිහා කියන “මොනා වුණත් යුද්දේ ඉවර කළානේ” කියන වචන ටිකට වෙනකම්ම මේක අපේ මොළවලට ‘ඉන්ජෙක්ට්’ කරලා. වෙන උදාහරණ ඕනේ නෑ, මේ මාත් ලියන්නේ.

දැන් හැබැයි පොඩි අමුතු විපර්යාසයක් වේගන යනවා. බොහෝ තැන් වල දකින්න ලැබුණු කාරණාවක් තමයි වැඩි දෙනාගේ හිත් වල හිටපු වීරයෝ දැන් මැරිලා කියන එක. දැන් ඒ රික්තකය මකන්න වෙන වීරයෝ නැති නිසා දුෂ්ටයා වීරයෙක් වේගෙන එනවා. පොඩ්ඩක් ආපස්සට හිතලා බැලුවොත් ඒ කාළේ යුධ වීරයෝ පසුව දුෂ්ටයෝ වුණු විදිහ ගැන සිදුවීම් කල්පනාවට එයි. සරත් ෆොන්සේකාගෙන් පස්සේ එකී කාරණාවට උදාහරණයක් වෙන්නේ වැලිවේරියේ වෙඩි තැබීම. “උඹලා ආරක්ෂා කරන්න බෝධි පූජා තියපු අපිට මෙහෙම නම්, උතුරේ හිටපු උන්ට කොහොමද කියලා අපිට හිතාගන්න පුළුවන්” කියන තැනේ ඉඳන් “මොනා වුණත් අවුරුදු තිහක් වත් මෙහෙම ගේම් එකක් තනියෙන් ගහන්න තරම් ප්‍රභාකරන් වීරයෙක්” කියන කාරණාවට එනකම්ම මේ රටේ මානසිකත්වය වෙනස් වේගන යනවා. ඥාණසාරගේ පටන් එක එක යටි අරමුණු රැගත් තනි තනි පුද්ගලයන් තාවකාලිකව ලංකාවට අවශ්‍යව තිබෙන වීරයාගේ භූමිකාව රඟපාලා ඒ කාරණාවෙන් අවධානය වෙන අතකට ගත්තට වතුරේ ඔබන්න හදන රබර් බෝලයක් වගේ ඒක උඩ එනවා.

ඒ එක්කම ප්‍රකාශනයේ නිදහස ගැන ප්‍රශ්න ඇහෙන්න ගන්නවා. වාරණය කියන කාරණාව සාමාන්‍ය වචනයක් බවට පත් වෙනවා. පවතින ක්‍රමයට එරෙහිව යමින්, සිදු වෙමින් පවතින විකාරරූපී සිදුවීම් ගැන තමන්ට හරි කියලා හිතෙන දේ ගැන කතා කරන බොහොමයක් දෙනා අතුරුදන් වෙනවලු. එහෙම නැත්නම් ඒ අය රාජ්‍ය විරෝධී, දේශද්‍රෝහී ලේබල් වලට එහෙමත් නැත්නම් කොටි පිල්ලියක්, එන්ජීඕ කාරයෙක්, හම්බයෙක් වගේ ලේබල් වලට ලක් වෙනවලු. කලා කාරයන්ට තමන්ගේ නිදහස වෙනුවෙන් කලාව කැප කරන්න වෙනවලු. හැබයි වගකිව යුත්තන්නම් කියන්නේ එහෙම එකක් නෑලු. මේවට අනේ මන්දා සරත් කියලා හුස්මක් අරගෙන දුක තමා රංජනී කියලා මේ වගේ ලිපියක් එක්ක ඒ හුස්ම පිට කරලා දාන එක ඇර වෙන කරන්න දෙයක් නෑ (?)

එකී මෙකී නොකී සියළුම කාරණා පැත්තකට දැම්මම, මොනා වුණත් අපිට තාම කල්පනා කරන්න කාරණාවක් ඉතුරුවෙලා තියෙනවා. ඇත්තටම යුද්දේ ඉවරද? නැත්නම් හරි යුද්දේ පටන් ගත්තේ දෙදාස් නවයෙද?

– යුද්දේ නැතුව පාළුයි! | Bored without War!

© 2013 Pamuditha Zen Anjana

දේශානුරාගී අන්තවාදය

මේ බ්ලොග් පෝස්ට් එක දාන්න හේතුව වුණේ ෆේස්බුක් එකේ මගේ යාළුවෙක් ළඟදි මාව ටැග් කරලා දාලා තිබ්බ පෝස්ට් එකක්. ඔහු මාව ඒකේ ටැග් කරලා තිබුණේ මීට පෙර මම කිහිපවතාවක් ම ජාතිවාදය හා මුස්ලිම් අන්තවාදය කියන කාරණා පිළිබඳව ඔහු සමග වාද කර තිබූ නිසාවෙන්.

මුලින් ඒ පෝස්ට් එක කියවන්න.

මුලින් ඒ පෝස්ට් එක කියවන්න.

මුලින් මම එයට පිළිතුරු දෙන්නට නොසිතුවත් පසුව යම් කාරණා කිහිපයක් සඳහන් කිරීම අත්‍යාවශ්‍ය බව දැනුණු නිසාම ඔහුගේ පෝස්ට් එකම නැවත වෙනත් ආකාරයකට ප්‍රතිරචනය කර එයට පිළිතුරු දුන්නා. මෙතැන් සිට ඔබ කියවන්නේ ඔහුගේ අදහස් හා මගේ අදහස් ගැලපීම සහ නොගැලපීම සිදු වූ ආකාරය.

*******

“මේ තරම් දුරට කරුණු කාරණා ඉන්ටනෙට් එකේ දකිද්දි ඇයි ඔයා ජාතිවාදියෙක් නොවුණේ..?” සමහරු මගෙන් අහනවා.

මම ආඩම්බරෙන් කියන්නේ මම ජාතිවාදියෙක් නෙමෙයි කියලා!

හැබැයි එහෙම වුණේ නම් අපි හැදුණු විදිහ හින්දා.. තේරුණේ නැහැ නේද?. මුල ඉදන්ම කියන්නම්කෝ.

අපි ඉංග්‍රීසිය කරපින්නාගෙන හැදුණු මිනිස්සු නෙවෙයි. . ඇත්තටම සිංහල විදිහට විදිහට හැදුණු අය.. (අම්මා කොළඹ වුණාට තාත්තා දරුණු ගැමියෙක්!) පුංචි කාලේ අපි පාන්දර නැගිටින්න ඕන. ඒ නැගිට්ටාම රේඩියෝවේ පිරිත් දේශනාව… ධම්ම චින්තාව.. ඊට පස්සේ අර ලස්සන දේශානුරාගී ගීත… (මාල්ගුඩි දවසුත් යනවා ටීවී එකේ) පුංචි කාලේ අපි හැමදාම දවස පටන් ගන්නේ අපේ ආගම ගැන, අපේ ජාතිය ගැන, අපේ කම ගැන අපූරු ගෞරවනීය හැගීමක් එක්ක… (හැබැයි කවදාවත් අනිත් ආගම් පහත් කරලා කතා කරන්න අපිට උගන්නලා නෑ.. අනිත් ආගම්වල ජාතිවල එවුන් අමනුස්සයෝ කියලා අපිට කියලා දුන්නේ නෑ!)

පුංචි දවස් වල අපිව බලාගත්ත අත්තම්මා (විතරක් නෙමෙයි අම්මත්) අපිට කතන්දර කියලා දුන්නා. ග්‍රිම් සහෝදරයින්ගේ සුරංගනා කතා (හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩසන්ගේ කතා, ඒ අය දන්නේ නැති නිසා පොත් ගෙනත් දුන්නා!) .. පන්සිය පනස් ජාතක පොතේ ජාතක කතා.. විහාරමහා දේවිය රට වෙනුවෙන් මුහුදට බිලිවුණ හැටි.. දුටුගැමුණු කුමාරයා සිංහල රට වෙනුවෙන් යුද්ධ කරපු හැටි.. අපේ ජාතිය ආගම ගැන අර අපූරු හැගීම ඒ හැම දේකින්ම පුංචි පැලෑටියක් වගේ වැවුණා. (ඒ එක්කම අනිත් ආගම් අදහන අයට ඒ නිදහස තියෙනවා කියලත් අපිට කියලා දුන්නා. මගේ ඉස්කෝලේ හොඳම යාළුවා මුස්ලිම්. උගේ පවුලේ නොතේරෙන පොඩි එකාගේ පටන් මට වෙසක් කාඩ් එවලා තියෙනවා… කඩෙන් අරන් නෙමෙයි.. අතින් හදලා! තේරෙන කමකට නෙමෙයි, ඒත් එහෙමයි උන් හිතන්නේ.)

(ටිකක් ලොකු වෙද්දි අපේ අත්තම්මලා 83දි දෙමළ මිනිස්සුන්ගේ ජීවිත බේරගත්ත විදිහ ගැන, ඒ හිටපු පැත්තේ හිටපු මිනිහෙක්ගේ කෙස් ගහකට අත තියෙන්න එක පරයෙක්ට එන්න නොදීපු හැටි ගැන අපිට කියලා දුන්නා. ඔක්කොටම වඩා ලොකු මනුස්සකම කියලා තේරුම් ගන්න පාර හැදුවා. අම්මා මාව පල්ලියකට එක්කගෙන ගිහින් ඒක ගැන කියලා දුන්නා. ඒ ආගම් වල කතා තියෙන පොත් ගෙනත් දුන්නා. මගේ යාළුවත් එක්ක මම මුස්ලිම් පල්ලියකට ගියා. ඒකේ ඇතුළේ මිනිස්සු වඳින හැටි මම දැක්කා. ඒත් ඌ මට කවදාවත් උන්ගේ ආගම ලොකු කරලා කතා කියලා නෑ. තමන්ගේ විශ්වාසය එළියේ දාලා වනන්නේ නැතුව තමන් ළඟ තියාගන්න දන්න යාළුවෝ මට හිටිය එක ගැන මම සන්තෝස වෙනවා!)

ඉස්කෝලේ (ගියාම වගේම) ගිහින් ඇවිත් අපි හවසට බුදුන් වදින්න ඕන.. (ඉස්කෝලේ බුදුන් වඳිද්දී මුස්ලිම් උන් ක්‍රිස්තියන් උන් අත් පහළ දාගෙන නිසලව -තමන්ගේ ආගම සමහරවිට සිහි නොකළත්- ගෞරවය පෙරදැරි කරගෙන බිම බලාගෙන ඉන්නවා.) හවසට අපේ ගෙදර පැතිරිලා යන හදුන්කූරු සුවද, අපි සද්දෙන් ගාථා කියන හඩ.. හරි ප්‍රසන්නයි.. (හැමදාම හතට ඉස්සරහ පන්සලේ බුද්ධ පූජාවට ගිහින් සද්දෙට ගාථා කියන්න අපි හරි ආසයි!)

හැන්දෑවට ටෙලි නාට්‍ය බලන්න අපිට නිදහසක් තිබුණේ නැහැ. (පුංචිම කාලේ ටීවී එකේ බලන්න අවසර තිබුණේ කාටූන් විතරයි! ලොකු වුණාමත් වැඩියෙන් බැලුවේ කාටුන් තමයි. හැබයි අතරින් පතර හොඳ නාට්‍ය බැලුවා. පොත් කියවන්න නීතියක් නම් තිබුණේ නෑ.. හැබැයි හැමදාම මම ආසාවෙන් පොත් කියෙව්වා! අම්මලට ප්‍රශ්නේ තිබ්බේ පොතක් අතට ගත්තම වෙලාවට කන්නේ නැති එක ගැන! හැමදාම උපන් දිනේට ඒ හින්දම මට ලැබුණේ පොත් ගොඩක්! කැම්පස් යන්න ආසාවක් තිබ්බෙත් නෑ.. ආවත් යන්නෙත් නෑ කියලා හිතාගෙන හිටිය නිසාම මම ලේසියෙන් කැම්පස් යන්න පුළුවන් විෂයයන් වෙනුවට ගත්තේ භාෂාවන්.. මොකද උසස් පෙළ කියන අත්දැකීම ගන්න ඕන නිසාම.)

(ලෙනින් කවදත් මට වීරයෙක් වෙලා නෑ.. මාක්ස්වාදයේ සමහර කෑලි මගේ ළඟ ඇති.. ඒත් ඔය කිසිම වාදයක් ඔළුවේ එල්ලගෙන නෑ! මට වැඩකුත් නෑ! සෝම හාමුදුරුවෝ වීරයෙක් නෙමෙයි ඒ කාලෙට අදාළව මීඩියා වලින් එළියට ආපු බය නැතිව බොහොමයක් දේවල් ගැන කතා කරපු චරිතයක් විතරයි කියලා තේරුණේ ගොඩක් කාලෙකට පස්සේ. මම රාවණාත් දන්නවා, ඇලෙක්සැන්ඩර්වත් දන්නවා! සරදියෙල්වත් දන්නවා, රොබින් හුඩ්වත් දන්නවා! බුද්ධ වචනය අනුගමනය කරන්න හැකි හැම වෙලාවෙම උත්සාහ කරනවා, ඒ වගේම ජේසු, මුහම්මද්, ශිව ගැනත් දන්නවා. සියල්ල දත් නෙමෙයි. අවශ්‍ය තරමට දන්නවා!)

ඉරිදා උදේට ගෙදර වැඩ කරනකොට මම ඒ වැඩ කළේ සින්දුවක් අහගෙන (මට මිනිස්සු එක්ක හිනා වෙලා කතා කරන්න, එකට වැඩ කරන්න වගේම ඒ මිනිහා මොන වගේ එකෙක්ද කියලා තීරණය කරන්න ජාතියවත්, ආගමවත්, කුලයවත්, සමාජයීය හංවඩු වත් බාධකයක් වුණේ නෑ වගේම සංගීතය රසවිඳින්න භාෂාව බාධකයක් වුණේ නෑ)

අපි වෙනස් තමයි. ඒත් ඒ වෙනස ගැන අපිට ආඩම්බරයි. ඇයි දන්නවාද..?

අපි කවදාවත් (අනුන්ගේ ජාතිවලට ආගම්වලට අපහාස කරන, අනුන්ගේ ඔළු උඩ නැගලා උඹලා අපිට වඩා පහත් කියලා කියන, උඹලගේ ආගම සක්කිළියි ඒ හින්දා අපේ ආගම අදහපන් බුදු හාමුදුරුවෝ තමයි පොර කියන, නානසාරගේ කහ රෙද්ද අස්සේ හැංගිලා උඩු බුරන) අම්මා අප්පා විකුණන අවජාතිකයෝ නොවන නිසා.

මං හිතන්නේ මටත් වැරදුණා!

2013 Pamuditha Zen Anjana

පෙරවදන

දිරාපත් ව කුණු වී
එක් තැන් ව පල් වී
පණුවන් ගසා ගඳ ගසන
කාලකණ්නි තොපේ..!

ඇවිදින මළකුණු
සතපවාලන්නට,
සාමූහික මිනී වලවල්
තොපිම කපාගත්තාට
අපට ඇති රුදාවක්
ලොවෙත් නැත…

එහෙත්
ඒ මිනී වලවල්වලම
අහක සිටි අපටද
ලගින්නට වන්නේ නම්,
නිහඬවම
වලට බසින්නටද
අප සූදානම් නැත…

ඉදිරියට තබන අඩියක් පාසා
පිපෙන්නට නෙළුම් මල් නැත
මල් තිබුණ ද ඊට සරිලන
පොළවක් ඇත්තේද නැත…

නැති වන්නට දෙයක් ද
ඉතුරු වී නැත
අළුතින් ඇති කරන්නට දෙයක් ද
අහළක වත් නොමැත

දසතින්ම අපව වෙළාගත්
තිත්ත පාළුවක් පමණක් ම
මෙසේ නන්නාඳුන දූපතක් තුළ
හිතුවක්කාර ලෙස ශේෂ ව ඇත.

-යුද්දේ නැතුව පාළුයි! | Bored without War!

© 2012 Pamuditha Zen Anjana