නෑදෑ පුරස්නය

දැං ඉතිං ඔයි ඔක්කොම මේන් නැකැත් සෙට්ටෙක ඉවරයිනෙ. තෙල් ගාලා පුකේ අරින නැකත එන්න තව දවස් දෙකක් විතර තියෙන එකේ අද ඉඳන් තව දවස් දෙක තුනක් යනකම් තියෙන්නේ ඔයි නැකැත්පති කාලේ නෑගම් යෑමනේ. බස් හෝල්ට්වල තියෙන රුවිත කඩෝල තියෙන කෙහෙල් ඇවරියි, කැවුං කොකිසුයි, බිස්කට් පැකටුයි, පරණ කේකුයි, අයිස්ක්‍රීමුයි උස්සං ගෙවල් ගාණේ ගිහිං තොපිට නෑයෝ කියලා හැත්තකුත් ඉන්නවෞත්තො කියලා පෙන්නන්න සිංහල මුස්ලිම් අලුත් අවුරුද්දට ගෙදර එන නෑදෑයෝ සෙට්ටෙක ඉන්නවනේ. නෑදෑයොනං හීනෙකිංවත් නොදෝමකිං වුණත්, කාමරේ දොර ගාවටම ඇවිල්ලා, අදාළ පුග්ගලයා ඇතුළේ ඉන්නවද කියලා කාටවත් නොදැනෙන්න හැංගිලා නිස්සද්දව හොරාට හැංගිලා කොට්ටෙට ගුඩුස් ඇර ඇර ඉඳිද්දි, වාත වෙලා, කන්නලව් කරලා, දොරට ගහලා, අගුල ලෙවකාලා, ඇරගෙන බලහත්කාරයෙංම වගේ කාමරෙං එළියට අරං වඩාගෙන සාලෙට එක්කං ගිහිං එක එකෞත්තවල් අහනෞත්තලට උත්තර දෙන්නත් එපැයි.

නැත්තං කාමරෙං එළියට එන්න වැය කරපු කාලය, ශ්‍රමය, මානසික සූදානම්වීම, වගේ දේවල් අපරාදේ යනවනේ. ඒ නැතත් ඉතිං ගෙදර සාලයේ හා ඒ තදාසන්න කලාපයන් හි පූර්ව භාගයේ හා සන්ධ්‍යා කාලයේ වී ඇති විපරියාස දැකීමෙන් ඇතිවන හදිසි කම්පනය සහ නැවත කාමරයට රිංගීමට නොහැකිවේ යැයි ඇති වන ඉච්ඡාභංගත්වය, ක්ෂණභංගූරතාවය, උණ්ඩුක පුච්ඡය, ලේ අතීසාරය, දිදාලය, ජලභීතිකාව, භින්නොන්මාදය වගේ මහාප්‍රාණික දේවල් ඇතිවෙලා ඉවරයි නේ.

ඉතිං ඔහොම අහන්න වෙන වැදගත් හුත්තක් නැති නිසාත්, ඕක්වර්ඩ් නිසාත්, උංගෙ පුක කසන නිසාත්, ඕපාරහ නිසාත්, මූණිච්චාවට, කුප්පකමට අහන ප්‍රශ්න කෙළකෝටි හැත්තෑවට සැපයීම සඳහා ආදර්ශ පිළිතුරු ටිකක් දක්කන්නයි බැලුවෙ. පිළිතුරු දෙන්න නං ප්‍රශ්නත් එපැයි. දැං ඔයි පකයි ඇවිත් අහන්නේ එකම මොඩල් එකේ ප්‍රශ්න. ඒවයි ඒවට දෙන්නෝන ආදර්ශ උත්තරයි මේමයි. (අදාළ වචන තමං කැමති විදිහට වෙනස් කරගෙන උත්තර කියවගන්න, ඔළුවට එන ඔක්කොමෞත්තවල් ලියනවා ඉතිං)

✪ ප්‍රශ්න:
ආ පුතා (හෝ දුව/ඒලියං/ගෙදරටකියනනම) කොහොමද ඉතිං? / අවුරුදු ජය ද? / කොහොම ද ජීවිතේ?

✪ පිළිතුරු:
අවුලක් නෑ ඉන්නවා / හොඳින් ඉන්නවා / වරදක් නෑ / මේ ටිකේ නං සවුත්තුයි ඉතිං / චොර / චොක තමා / සනීපෙන් ඉන්නවා / ෂේප් / වැඩක් නෑ / ගන්න දෙයක් නෑ / එළ / කරන්ට් කපනවා අප්පා එපා වෙලා ඉන්නේ / ගෝඨා ආවොත් හරියයි / මහින්ද යුද්දේ දින්න නිසා අවුලක් නෑ / රනිල් ගොඩදැම්මොත් හරියයි / හිටං ඉන්නේ / මේ මොහොතේ බලපවත්තන දේශපාලන තත්වෙත්තෙක්ක ගත්තහම වැඩිකල් යන්න කලින් මේ රටේ හෙජමොනික ජාතිවාත්සල්‍යය උත්තුංග මහන්තත්වයක් යටතේ ඒකාකාරී විදිහට විජලනයට ලක් වෙලා ධනවාදයේ තුන් වෙනි කාර්තුවෙ බල ව්‍යුහයන් කිහිපයක් යටතේ විචල්‍යයක් හොයාගන්න බැරි කලු කුහරයක් තුළ හිරවීමට නියමිත නිසා පුංචිඅම්මලට මහන්සිත් ඇතිනේ, තේකක් බොනවද?

✪ ප්‍රශ්න:
මේ දවස් වල මොකද කරන්නේ ඉතිං? / ජොබ් එකේ වැඩ කටයුතු කොහොම ද? / බිස්නස් හොඳ ද? / තාම මොකුත් නොකර ගෙදරට වෙලා ද ඉන්නේ?

✪ පිළිතුරු:
අවුලක් නෑ හොඳට යනවා / අපෝ වැඩක් නෑ ඉතිං වෙනදා වගේම තමයි, බොසා මරවනවා තියාගෙන / දැන් හොඳයි ඉතිං, අලුත් ප්‍රමෝෂන් එකක් ලැබුණනේ / ෂේප්පෙකේ යනවා / නෑ ගෙදරට වෙලා දිගටම අතේ ගහන්න තමයි කල්පනාව / අලුතින් පුස්සයිකලයක් අරගත්තනේ, මේ දවස්වල ගෙවල්ගාණේ ගිහිං පත්තර විකුණනවා / බයින් ඇන්ඩ් සෙලින් තමයි / මරදානේ බඩු ඩීල් කරනවා / අලුතින් ස්පා එකක් දැම්මා, මාමට ඕන්නං එන්න ඒ පැත්තේ, නැන්දවත් එක්කගෙනම එන්න බැරියැ / ස්ටොක් යනවා පොඩ්ඩක් අවුල් ඉතිං, තාම පටං ගත්තා විතරයි නේ / පහළ කෑල්ලේ කුඹුර හාන්න ගත්තා, හරකෙක් නැති නිසා මංම හානවා / මේ දවස්වල ඉතිං ඉකොනොමි එක ඕල්වේස් බ්‍රේක් ඩවුන් නේ අංකල්, අයිම් තින්කින් ඔෆ් ගොයින් පිටරට, යා, මෝස් ප්‍රොබබ්ලි ඊළඟ මන්ත් එකේ යන්න තමයියින්නේ, යුරෝප් තමා හොඳ, මිඩ්ල්‍ යීස්ට් ෆුල් හියුමිඩ් නේ, මෙහෙ මෙහෙම ඒසීයෙකෙත් ඉන්න බෑකොට එහේ හව් ටු ලිව් නේ, මං මල්ලාටත් කිව්වා ඉතිං, මං ගියාට පස්සෙ පවුලම ගන්නවා, අංකල්ලත් කෝකටත් පාස්පෝට් ඒම රෙඩි කරගන්න, උගුල්ලාංව ඒම ෆොගෙට් මී නොට් කරනවද?

✪ ප්‍රශ්න:
බඳින්න එහෙම අදහසක් නැද්ද? / හැමදාම ඔහොම ඉන්න ද කල්පනාව? / දැං කලවයසත් හරි නේ? / එක්කෙනා දෙන්නා වෙන්නෝන කාලෙනේ ද? / අම්මතාත්තව බලාගන්නත්තෙක්ක නරකද මඟුල් තුලාවක් බැලුවොත් හොඳ තැනකින්? / අපි දන්න තැනක් තියෙනවා කතා කරන්න ද? / තාම කාවවත් හොයාගත්තේ නැද් ද?

✪ පිළිතුරු:
අපෝ දැම්ම බෑ ඉතිං / තව කල් තියෙනවනේ / පොඩ්ඩක් ස්ටේබල් වෙලාම හිතනවා / ගහක තමයි ඉතිං බඳින්න වෙන්නේ / බැන්ඳානේ ගිය මාසේ, කියන්නත් බැරි වුණා, මේ තියෙන්නේ බැඳපු කණුව / ඔව් නැන්දේ කොහොමත් නගුල බැඳලා තමා හාන්නේ / සුදු නංගිගෙත් කලවයස හරි නේ? එයා කැමතිනං මටත් අවුලක් නෑ මාමේ / මාව බලාගන්න බැරුව කොහොමද තව මනුස්සයෙක් බලාගන්නේ? / බඳින්න බෑ නේ මහප්පේ මං කැමති කොල්ලන්ටනේ, තාම ලංකාවෙ ලීගලයිස් කරලා නෑ, මහප්පලා ඔය සංස්කෘතික ප්රශ්න ඉක්කණට විසඳගත්තනං ඉතින් අපිටත් පුළුවන් අලුතින් ජීවිතයක් පටන් ගන්න / අපිව බලාගන්න කවුරුත් නෑනේ / මට බඳින්න අදහසක් නෑ බාප්පේ, ඔව්වා තේරුමක් ඇති දේවල් නෙමෙයි, බුදුහාමුදුරුවොත් කියලා තියෙන්නේ සංසාරං භයංකාරං කියලා, ආසාව නැති කරලා නිවන් දකින මාර්ගයට එළඹෙන්න ඕන එළඹ සිටි සිහියෙන්, කොහොමත්තිතිං එන අවුරුද්ද වෙද්දි සාසනේට ඇතුළ් වෙලා රට ජාතිය වෙනුවෙන් යමක් කරන්න තමයි අදහස / ඔව් අම්මතාත්තව බලාගන්නත්තෙක්ක ළඟදිම වැඩකාරියෙක් ගන්නවා අංකල් ගෙදරට, ඒකි කැමතිවුණොත් ඕන්නං හුකන්නත් බැරියැ, ඒ නිසා ලස්සන පොඩ්ඩක් බලනවා, ඇහැට කණට පේන කවුරුහරි හිටියොත් කියන්න, හැටේ හැත්තෑවේ නාකි ගෑණුනං එපා, අවුරුදු පහක් දහයක් වැඩිමල් වුණාට අවුලක් නෑ, අංකල්ට තේරෙනවනේ සීන්නෙක?

✪ ප්‍රශ්න:
වාහනයක් එහෙම ගන්න බැලුවෙ නැද්ද? / හැමදාම ත්‍රීවිල් වල ගිහිං බෑනේ, වියදම සුළුපටුයැ? / බස්වල යන්න පුළුවනෑ දරුවෝ? / ලීසිං පාරක් දාලා හරි රෝද හතරක් ගත්තනං මොකෝ?

✪ පිළිතුරු:
ඒවනං කවදා ගන්න බැරි ද නැන්දේ / දැං පෙට්‍රල් වල ගණන් දැක්කම වාහන ගන්න තියා හිතන්නවත් බෑ නේ / යහපාලනේට ඡන්දේ දුන්නේ කාර් කට්ටක් ගන්න කියලා තමයි, කොහෙද ඉතිං, කෙළෙව්වනේ / රෝද හතරක් නං ගන්න බැරියැ, ඉතුරු ටික ගන්න තමයි අමාරු, එන්ජින් එකයි, චැසියයි, අරකයි මේකයි, අනිත්තෙකයි කියලා තව කීයක් කෑලි වලට වියදං කරන්න කියල ද / ආ ඔව් මං ඉන්නේ කරත්තයක් ගන්න, ගොනෙක් ඕන්නෑ, මාමව බඳිනවා ඉස්සරහිං, ඇදං ගිහිං ගොඩදාලා දෙන්න / ආ වාහනේ කියන්නේ ලොකු අම්මේ, මේ ට්‍රැෆික්කස්සේ ඩ්‍රයිව් කරන්න ගියාම හොඳ පණ යනවනේ, ඉතිං මං සල්ලි සල්ලි කියලා බලන්නැතුව ගියමාසේ පඩියෙං ගත්තා හෙලිකොට්ටෞරයක්, ඒ පැත්තේ එන්නංකො වෙලාවක, හැබැයියිතිං බාන්න අමාරු වෙයි නේ, අර ළඟ පිට්ටනියේ ඉඳං ගෙදරට ගොඩක් දුර ද? එතනට ලොකු තාත්තට කා එකේ ඇවිල්ලා ඉන්න කියන්න බැරියැ නේ? ඒක නෙමෙයි කෝ ලොකුඅම්මලගේ වාහනේ?

✪ ප්‍රශ්න:
දරුවෙක් මල්ලෙක් එහෙම හදලා පවුලක් පංසලක් වෙන්න එපැයි නේ? / මොකුත් සුභාරංචියක් නැද්ද? / දැං දෙන්නා තුන් දෙනා වෙන්නෝන කාලේ නේ? / දැං තුන්දෙනා හතරදෙනා වෙන්නෝන කාලේ නේ? / දැං ඉතිං තමං ගැන විතරක් හිතලා බෑ, රට ජාතිය වෙනුවෙන් හරි ළමයි පේළියක් හදන්න කාලේ නේ? / ළමයෙක් හිටියනං ගෙදරට සිරියාවයි නේ? / පොඩි එකෙක්ගෙ හිනාව බලන්න අදහසක් එහෙම නෑ? / අපි දන්න ඩොක්ට කෙනෙක් ඉන්නවා ඕන්නං නංගිව පෙන්නමු ගිහිං නේ ද?

✪ පිළිතුරු:
ඔව් ඔව්, ඒවත් වෙන්නෙපැයි / මේ පාර නං බඩු ඇතුළෙම තමා මාමේ / කියන්න බැරිවුණානේ අවුරුදු අසිරිය අස්සේ, දැං මාස දෙකක් වෙනවා / ආ ඔව්, මං එන මාසේ ආයෙමත් ෆ්ලයි කරනවනේ අංකල්, මෙයාට මං කොහොමත් කිව්වේ තව එක්කෙනෙක් හදමු කියලා, මං එනකං එයාට බැරියැ ළමයි ටික බලාගන්න / දැං සිරියාව නං නැන්දේ ගන්න දෙයක් නෑ, ඔව්, බෝම්බ එහෙමත් ඉඳහිට පුපුරනවලු නේ / ඔව් පුංචිඅම්මේ මේ දවස්සල මං චක්කරේ පාඩං කරනවා, එක් වරක් එක එකායි, එක් වරක් දෙක දෙකායි, එක් වරක් තුන තුනායි / ඔව් මහප්පාතාත්තේ දැනටම පහක් ඉවරයි, හය වෙනියා බඩේ, ෆේස්බුක්කෙකේ පෝස්ට්ටෙකක් එහෙම දාලා තිබ්බා පහට වඩා ඉන්නවනං එකෙක්ට තිස්දහ ගාණේ දෙනවා කියලා, මං හිතන් ඉන්නේ ඒ සල්ලි ටික අරං අර ඉස්සර කෑල්ලේ තාප්පේ වැඩ ඉවර කරන්න, දැං ගල් සිමෙන්ති වල ගණන් දැක්කම බඩ දඟලනවා / එක්කෙනෙක්ගෙ කියලා නෙමෙයි මාමි, මං පොඩි උං ගොඩාකගේ ස්මයිල්ස් සී කරනවා ඉතිං හැමදාම, මාමිට ඒ ටිකට මතක නැති වුණානි මං ටීච් කරන්නේ මුන්ටිසොරි එකක කීලා / මාත් ඉන්නේ රෙඩා පොට් කරන්න බලාගෙන නැන්දා, කොහෙද ඉතිං සුදූට ඔව්වට උනන්දුවක් නෑනේ හැමදාම බෝඩ් එකේ රෙඩා හංගනවා / ටහිකෙනවනේ, හුකන්න මතක් වුණේ නෑනේ නැන්දා ඇවිත් කියනකම්, ඩොක්ටස්ලනං ඕන්නෑ, නැන්දලට ඉතිං දැනුං තේරුං තියෙන කට්ටියනේ, බැරිවෙයි ද දන්නෑ හුකන විදිහේ වැරැද්දක් එහෙම තියෙනව ද කියලා පොඩ්ඩක් බලලා කියන්න, දැම්ම හුකන්නං, බලනව ද?

ටටෞත්තො!

© 2019 Pamuditha Zen Anjana

#හැප්පිනිව්වියර් #අලුත්තෞරුද්දටනෑගම්යෑම #කදමලුබැඳගෙනගෙවල්ගානේයෑම #ආවනංතියෙනෙකක්කාලාපලයංහුත්තොවදනොදී #මංඑන්නෑකාමරෙන්තොපිලපංගහපං #ඕන්නැතිහුත්තක්නැතිහැත්ත #හීනෙකිංවත්නොදෝමකිං #ටෞකණනෑකම #ආච්චිටහාල්ගරන්නදාලා #ළමයිහදලාඋංටනෑයෝඅඳුන්නලාපව්දෙනවා #පුකදීමෙත්සීමාවක්තියෙන්නඕන #පැණපිළිතුරු #පැනපැනදීම #මේසාවිසල්පෙරෙමයක් #හැමදාමඔහොමඉන්නදකල්පනාව #පිළිවෙලක්වෙන්නාදහසක්නැද්ද #හුකහං #lka

Advertisements

මං දැන් ලොකු ළමයෙක්

එතකොට මං පොඩියි. ස්වයං වින්දනය කියන වචනය වත් තේරෙන්නේ නැති කාලේ මම ස්වයං වින්දනය අත්හදා බලමින් හිටියා. මෙන්න යකෝ එක පාරටම අමුතු හැඟීමක් එක්ක මොනාද එකක් එළියට ආවා. බය වෙච්ච පාර මම ආයේ කවදාවත් මොකුත් නොකරම ඉන්න තීරණය කරා.

කුතුහලය නිසාම වගේ එදා ගේම් එකක් ගහන්න ගෙදර ආපු නෑදෑ අයියා කෙනෙක්ට සීන් එක අමාරුවෙන් කියලා උපදෙස් ඉල්ලුවම පොර හිනා වුණා. හේතුවක් නොකියාම මට කාමරේටම වෙලා ඉන්න කියපු අයියා එළියට ගියා.

රෑ වෙද්දි කාමරේ ඉන්න බැරි කමටම දොර රෙද්ද අස්සෙන් ඔළුව එළියට දාල බලපු මට පෙනුණේ අයියා ඒ වෙලාවෙද කොහෙද වැඩ ඇරිලා ගෙදර ආපු අපේ තාත්තත් එක්ක හිනා වෙවී මගේ කාමරේ දිහා බල බල මොනාද කතා කරනවා. තාත්තට සීන් එක කියනවද කොහෙද දැන් නම් ගුටි කන්නත් වෙයිද දන්නේ නෑ. මම ඇඳට නැගලා රෙද්දෙන් ඔළුවේ ඉඳන් පෙරවගත්තා.

ටිකකින් තාත්තා කාමරේට ඇවිත් මට කතා කරා. රෙද්ද මෑත් කරලා බැලුවම අයියත් ඇවිල්ලා. මම ලොකු ළමයෙක් වෙලාලු. දැන් වගකීමෙන් වැඩ කරන්න ඕන කාලේලු. දවස් හතක් යනකම් කාමරෙන් එළියට බහින්න නාන්න කරන්න එපා ලු. ගෑණු පරාණයක් දකින්නත් හොඳ නැල්ලු.

එතැන ඉඳන් දවස් හතක් යනකම් කාමරේට කෑම ගෙනාවේ තාත්තයි අයියයි. පොත් පත්තර කාමරේට ලැබුණා. හත්වෙනි දවස ළං වෙන්න ළං වෙන්න ගෙදරට කට්ටිය එන එක වැඩි වුණා. අපේ නෑදෑයෝ ගොඩක් ගෙදරට ඇවිල්ලලු. මගේ කාමරේට ඉතින් මාමලයි බාප්පලයි අයියලා මල්ලිලා එහෙම ඇවිල්ලා ගියා. හත්වෙනි දවසේ මට පාටි එකකුත් දානවලු. ඒක නම් මොනා වුණත් හොඳයි.

කවුරුත් නැති වෙලාවට අපේ නෑදෑ අක්කලා නංගිලා එහෙම මගේ කාමරේ ජනේලේ ගාවට ඇවිල්ලා එක එක විහිළු කරලා දුවනවා. මට ඒ හැටි තේරුමකුත් නෑ මොකද්ද වෙන්නේ කියලා.

හත්වෙනි දවස උදාවුණා. උදේ පාන්දරම තාත්තයි මාමලා සෙට් එකයි කාමරේට කඩා වැදිලා මාව ඇහැරෙව්වා. ඔළුවේ ඉඳන් රෙද්දක් පොරවලා ගේ මැදින් මාව පිටිපස්සේ ළිඳ ගාවට ගෙනිච්චා. කට්ටියම එකතුවෙලා මාව හොඳට නෑව්වා. වතුරට වතුසුද්ද මල් එහෙමත් දාලා තිබ්බා. මොනාද මොනාද චාරිත්‍ර ටිකකුත් කියලා දේවල් ටිකකුත් කළා.

ආයේ පාරක් මට උපදෙස් යමරෙට ලැබුණා. එදායින් පස්සේ ඉන්න ඕන විදිහ හැසිරෙන්න ඕන විදිහ අරක මේක ඔක්කෝම කියලා දුන්නා. මාව සුදු රෙද්දකින් පොරවගෙන ගේ ඇතුළට එක්ක ගියා. කාමරේ තිබ්බ අළුත් ඇඳුම් ටික අන්ඳවාගෙන මාව සාලෙට එක්කගෙන ගියා.

සාලේ නිවෙන පත්තුවෙන ලයිට් දාලා රසට කෑම මේසයක් එහෙම ඇරලා එකෙන්ම උත්සවශ්‍රීයක් තිබ්බේ. අපේ නෑදෑයොයි පවුලේ හිතවතුන් ඔක්කෝම වගේ හිටියා. ඔක්කෝම මගේ දිහා බලාගෙන හිටපු නිසා මම හෙණ ලැජ්ජාවට පත් වෙලා හිටියේ.

වැඩිහිටියෝ හැමෝටම මට වඳින්න වුණා. හැබැයි ඒ හැමෝම මට එක එක තෑගි බෝග එහෙම දුන්නා. ඒ හින්දා මට ඒකේ ලොකු අවුලක් තිබ්බේ නෑ. කොහොමින් කොහොම හරි එදා තමයි මම ලොකු ළමයෙක් වුණේ. පිරිමියෙක් වුණාම හැසිරෙන්න ඕන විදිහ මට එදා තේරුණා.

~ සමාන්තර විශ්වයක තරුණයෙක් විසින් එවන ලද්දක් බව සළකන්න.

© 2016 Pamuditha Zen Anjana