ත්‍රස්තවාදියාට ආගමක් ඇත

ත්‍රස්තවාදියාට අනිවාර්යයෙන්ම ආගමක් ඇත.

ඌ නිකම්ම ගෙදර නිදාගෙන ඉන්දැද්දි, එක පාරටම උගෙ මැරිච්ච මී බාප්පොච්චි පළවෙනියටම ගෙදර හදාපු ඇල්සේෂන් බල්ලාගේ සර්වබලධාරී හොල්මන හීනෙන් පෙනී සිට;

“එම්බා නරපණුව, නොහුකා මා කියන දේ අසව. අද සිට තා මා ඇදහිය යුතුයි. මා කියන දෑට පිටින් නොයා යුතුයි. මා කියන දෑට පිටින් යන සියලු දෙනා මිථ්‍යාලබ්ධිකයන් වන බව දත යුතුයි. එබැවින් වහා උන් සොයා මැරිය යුතුයි. එසේ මරණ තෝ, එපින් බෙලෙන් මිය ගිය පසු සුර බල්ලෙක් වී ඉපිද සුර බැල්ලියන් දහසක් හා සංසර්ගයේ යෙදෙමින් සදාකල් සැපතෙහි වැසීමේ වාසනාව උදාකරගන්නා බව දත යුතුයි. වූෆ් වූෆ් බුහ් බුහ්, ඒස්වාඃ තුඃ!”

කියා කියන්නේ නැති බවත්,

එකපාරට පුකේ රිංගූ කඩියෙක් පුක්ඛමාර්ගය ඔස්සේ ඇඟ ඇතුළට ගොස් කොළබොක්කේ කෙළවරක් අමුවෙන් හැපුවාක් මෙන් වහාම නැගීසිට හෝ හුකමින් නැත්තං අතේ ගසමින් බඩු යන්නට ඔන්න මෙන්න කියා තිබියදී එජින් කරමින් හිඳ දැන්නං නොහුකන අතේ නොගහන ඔක්කෝම මරන්නෝන කියා සිතා හෝ එළියට දුවගොස් බඩු දසත විසිරුවා මරාගෙන මැරෙන්නේ නැති බවත් නොතේරෙන්නට අපි සූප්පු කටේ ගසා ගත් බබ්බු නොවේ ය.

ඕනෑම ආගමක් අනිත් පැත්ත ගසා පාවිච්චි කිරීමේ හැකියාව ඕනෞත්තෙක්ට තිබේ. එය ඉස්ලාම් ද බුද්ධ දර්ශනය ද කිතුණු දහම ද අන්වෙනත්තුත්තක් ද කියා වෙනසක් නැත. ඔය ඕනා එකක අන්තයකට ගොස් වෙන අර්ථයක් යොදාගෙන, එය හරිම එකයැයි හිතාගෙන, ඒක අනිත් හුත්තගෙපුතාලටත් උගන්වා, ඔළු කා, නොදන්නා යමක් වෙනුවෙන් මියයෑමේ හැකියාව කුඩා කල සිටම පුහුණු කරනුයේ; එකල පටන්ම, මිනිසා අදාළ ප්‍රදේශය තුළ සාමාජයීය ජීවියෙක් ලෙස එක අරමුණකට නාභිගත කරවීමට, අන් අයගේ යහපත උදෙසා පද්ධතිගතකොට හික්මවීමට යොදාගන්නා අතිශය ප්‍රාථමික ආම්පන්නයක් වන, මරණින් මතු සිදුවන්නේ කුමක්දැයි යන්නට උත්තර දීමට ගොඩනගාගත්, මහා උත්තම පූජනීය තත්වයක හෙවත් සියලුම මානුෂික හැඟීම් වලටත් වඩා ඉහළින් පූජාසනයක තබා සරණ යැවෙනු ලැබෙන, අනෙක් සියල්ලටම වඩා පරම වූ සත්‍යයක් යයි ඉපදුණු දා සිට ෆැන්ටසිමය අයුරින් මනසට කාවද්දනු ලබන, ආගම ම බව අමතක නොකළ යුතු ය.

ඔය එසේ ත්‍රස්තවාදියාට ආගමක් නැතැයි කියනා භාගයක් දෙනා; හැමෝටම උපතින්ම ලැබුණු නොඑසේනම් පසුව අහුලාගත්, “අම්මෝත්තෝ මේක තමයි පරම සත්තය, මෙතනිං එහා ආයේ සත්තෞත්තක් කියා එකක් නැතිය” කියා බොක්කෙන්ම හිතාගත්, තමන්ගේ කුට්ටිය හෙවත් ගෝත්‍රික කුලකය වඩා ගෙන, ඔළුවේ තබාගෙන, පුකේ රුවාගෙන, ලොකු කරගන්නට දත කන; ඉන් අන් වෙනත් යමකින් නොලබනා යයි සිතන සැනසීමක් හෝ, මෙලොව නොලබන සැපක් සොයන රේස් එකේ හිරවුණු උන්දැලාම වීමත්, අනෙක් භාගය; තමන්ගේ විශ්වාසයට, මතවාදයට එසේ කීමෙන් ලොකු ‘හයියක්’ එන නිසා එසේ කියනවුන් වීම ඒ විහිළුවේම කොටසක් විනා අනෙත් යමක් නොවේ.

මං දැනං හිටියේ නෑ, මට මතක නෑ, මට කිව්වේ නෑ, මං දැක්කේ නෑ, කියා ජනාධිපති, අගමැති ඇතුළු පක්ෂවිපක්ෂ ඇමති මන්ත්‍රීන් මෙන්ම අනෙකුත් වගකිවයුතු නිලතලලත් සියල්ලන්ටම ඕනෑමෞත්තකින් බේරීමට හැකි වුව ද, අනෙක් ඕනෑම නීතිමය කාරණාවක දී, ආ මං එහෙම නීතියක් දැනං හිටියේ නෑ කියා බේරීමට, සාමාන්‍ය රටවැසියන් වන ඔබට හෝ මට අවසරයක්, අවකාශයක් කොහෙත්ම නැත.

එලෙසම;

“බළඥ්ඥ ඊගුල්ලාං ඊක විරදියටහ් අරාං නී, ඊඛහ් හරියිටි ගත්තිම මීමයි, උං අපී ආගමී නිමී, ඊක අපී ආගමේ විරදක් නිමී ඥී!” කියා අත පිහිදාගැනීමට ඔබට නොහැක.

ඕනෑම ආගමක් අදහන යහපත් හා බුද්ධිමත් මිනිසුන් සිටින බවත්, එමෙන්ම ඕනෑම ආගමක් අදහන අයහපත් පුද්ගලයන් මෙන්ම ගොබ්බ ගොං හරක් ද සිටින බවත් තේරුම් ගත යුතු ය.

එනිසා;

මේ හත්පොළේ විහිළු කිරීම් නවත්වා ආගම් පූජාසනවලින් මේසයට ගෙන; ත්‍රස්ත්වාදී ක්‍රියා හෝ බලහත්කාරකම් හෝ මනුෂ්‍යයාට හානිකර ක්‍රියා හෝ ඉටුකිරීම උදෙසා යොදාගනු ලබන, එලෙස යොදාගැනීමට හැකි, එලෙස අර්ථ දක්වාගත හැකි සියලුම “අතිශය පූජනීය” වගන්ති, සංකල්ප, කතා, කවි යනාදී එකී මෙකී නොකී ඕනෑමෞත්තක්, ප්‍රශ්න කිරීමට, විවේචනය කිරීමට, උපහාසයට ලක් කිරීමට විවෘත කිරීම, ඒ ඔස්සේ සංවාද ගොඩනැගීම, නූතන ලෝකයට අනුව යල්පැන ගියෞත්තවල් තම තමන්ගේ ආගම්වලින් ඉවත් කරගැනීම, සහ ආගම යනු අනෙකුන් මැරීමේ ආයුධයක් හෝ ආම්පන්නයක් නොවන බවත්, හිත හදාගැනීමේ නිවා ගැනීමේ ආම්පන්නයක් විය යුතු බවත්, තමන් පරම යැයි විශ්වාස කරනා සත්‍යයට අමතර සත්‍යයක් සමහරවිටෙක පැවතිය හැකි බවත්, කුඩා කල සිට ඉදිරි පරම්පරාවලට ඉගැන්වීමේ වගකීම ඔබ සතු ය.

නොඑක් ගොබ්බ ආගමිකයන්ට ගොබ්බ වැඩ කරන්නට නොදීමේ වගකීම, තමන් බුද්ධිමත් ආගමිකයෙක් යන්න සිත්දරා දිවිගෙවන ඔබ සතු ය.

එසේ නොමැතිව;

ත්‍රස්තවාදියාට ආගමක් නැත යන්න පුනරුච්ඡාරණය කරමින්, තම තමන්ගේ මුහුණු වල පවුඩර් ගාමින්, දෑත පිහිදාගන්නා ඔබේ ආගං කිල්ලෝට, ලේ වලින් පුරවන්නට ගොබ්බයන්ට ඉඩ දෙන ඔබත්, ප්‍රශ්නයේ කොටසක්ම බව තේරුම් ගැනීම මැනවි.

© 2019 Pamuditha Zen Anjana

අටහමාර

පෙර රජ දවස පටන් ම, රාත්‍රී අටහමාර යනු;

ක්‍රින්ජියානු සාගරයේ අමුතු ඇටය නොහොත් ලකේපංකාව යන අසිරිමත් දිවයිනේ මුල්ලකට වන්නට පිහිටියා වූ, ‘බීසනේ’ නිති රජකරන, මෙලෝ වගතුවක් නොමැති මිරිකාන පොලිස්වසම තුළ වසන සියල්ලෝම පාහේ, දරු මල්ලන් ගුරු දෙගුරුන් හිස දරාගෙන, බඩ බැඳගෙන, තදින් බදාගෙන, තුරු හිස්, ගොඩනැගිලි මුදුනින් පැන පොළා විත්, මහ පාර පුරා හිස් ලූ ලූ අත දිවගොස්, තම තමුන්ගේ ගේදොර කැදලි තුළට වැදී, හතිළමින්, හනි හනිකට දොරපලු වසාගෙන, කොසු ඉදලින් හැඳිමිටෙන් සන්නද්ධ ව, බුජම් බේසම් හා හට්ටි මුට්ටි ඔළු වල දමාගෙන, ඇඳ ඇතිරිලි, පාපිසි හා ජනෙල් තිර හෝ පහන්තිර වලින් සියල් සිරුරු වසාගෙන, පෙට්ටගම් පසුපස, සයනය යට, අල්මාරි තුළ හෝ වතුර ටැංකි තුළ, බියෙන් වෙව්ළමින්, කෙළ පෙරමින්, විසල් වූ දෑස් දෑතින් තද කර වසාගෙන, ඊටත් උඩින් සෙලෝටේප් හෝ රබර් ටේප් වෙළාගෙන, දිව හපාගෙන, සහේතුක ව සළිත වන සිරුරට අනිසි බලපෑමක් නොඒ යැයි සිතමින්, දෙවියන් බුදුන් හෝ හැකි සියල්ලෝම යදිමින්, කල් ගෙවන්නා වූ අතිශය බියකරු කණිසමකි.

අටහමාර පසු වී තත්පරයකින් හතළිස් දහකින් එකක් හෝ යන්නටත් පෙර ‘සෙනිකවම’ එකී ප්‍රදේශය වෙළාගන්නා වූ අද්භූත බලවේගයන්ගේ බලපෑම් ප්‍රාදේශීය දනන්ගේ මෙම විකාරරූපී හැසිරීමට හේතුවන බව විද්වත් මතය යි. ඒ මන්දැයි සිතන්නට ගොස් පැණනැගි කුතුහලය නිති සිත් පෙළන්නට වූයෙන්, නොවළාම ඒ සංසිදවාගනු වස්, රාත්‍රී අටහමාරේ කණිසමෙන් පසු, මෙම අද්භූත බලවේගයන් ඇසින් දුටුවන් සොයා මිරිකාන විජයාරාම පෙදෙසට ගිය අපට, ඒ අසිරිමත් පුරුෂෝත්තමයන්ගෙන් එක් අයෙක් මුණගැසීමේ භාග්‍යය ලැබිණි.

ඒ කෙසේ ද යත්;

ගෝල් දේශයේ තාඩන පීඩන වලට නොබියව මුහුණ දුන් කොට කලිසම් කිසිසේත් නාඳින රෝමානු සොල්දාදුවන්ගේ කඳවුරක අසිරි ගත්, චීනමහා ප්‍රාකාරය මෙන් අහස් කුස සිසාරන උස් තාප්පයකින් හා මිනීකන කිඹුලන් පිරි විසල් ඇළකින් වට කර, සිව්කොණ සතරවරම් දෙවියන්ට කැප කොට, එළාර මරා රට එක්සේසත් කර දිවංගත වූ මහා දුට්ඨගාමණී අභය දෙවියන්ගේ ආනුභාවයෙන්, තද තද හිත් ඇත්තා වූ මුරභටයන්ගේ ආරක්ෂාව නිති ලැබෙන්නා වූ, ජ’පුර පුරාණ රජමහා විහාරස්ථානය බලා ගිය අප පිරිසට, එම භූමියේ ඉදිරිපස ගේට්ටුව අසළ මඳක් නැවතීමට සිදුවිය.

ඒ අප පිරිසේ කිසිවෙක් කොටකලිසම් හැඳ නොසිටී ද යන්න බැලීමටත්, පුරුෂයන් මෙන් වෙස්වළාගත් කාන්තාවන් සිටිත් දැයි බැලීමටත්, අප පිරිසේ සියල්ලන්ගේම පුඃලිඟු අතගා, කන්‍යාවන් ද බැලීමට මුණ්ඩ පස්සට ගසා, ගුදමගට ඇඟිලි ගැසීමට ආරක්ෂක භටයන් හට ඉහළින් උපදෙස් ලැබී තිබූ නිසා බව තරමක් වයෝවෘධ ආරක්ෂක භටයෙක් අපට දැනුම් දුනි. ඔවුන්ගේ හතළිස් ඇඳිරියෙන් වැසුණු තීක්ෂණ දෑසින් මිදී ඒ සියල් පරීක්ෂා දරාගෙන ඒ මහා පුණ්‍යභූමිය තුළට අපි සැවොම කුළුණු හැඟීමෙන් යුතු ව ඇතුළු වූයෙමු.

බලන බලන අත එළි විහිදුවන්නා වූ විදුලි පහන් කුළුණු ය. අවට සිසාරා හමන වෙරළු මල් සුවඳ ය. මදක් එහාට වන්නට විසල් ගොඩනැගිලි මැදිකරගත් මහා වෘක්ෂයෝ ය. ඒ සියල්ල යා කරනා මහා මාර්ග ය. එනමුදු කිසිදු මිනිස් පුළුටක් පෙනෙන්නට නොවී ය. අසන්නට ද කිසිවෙක් නොවීයෙන් අපි ‘හිසහැරුණුඅතේ’ න්‍යාය භාවිතා කොට එක් මගක් තෝරාගෙන ඒ ඔස්සේ ඇදෙන්නට වීමු. තරමක් දුර යත් දී විදුලි එළි පහන් කිසිවක් ගොඩනැගිලි සීමාවෙන් ඔබ්බට නොමැති බව් වටහාගත් අප තරමක් දෙගෙඩියාවෙන් බලා සිටිත් දී, මඳක් එහාට වන්නට පිහිටි පඳුරු ගොන්නකින් චුන්දයා සූකරයන් මරත් දී උන් කෑගසන්නාක් මෙන් හඬක් නොනවත්වා නැගෙන්නට වී ය.

ඒ භයානක හඬින් බියපත් අප සැවොම, බියෙන් මුසපත් ව මහ පොළොව බදා එහි පිහිට පැතූ පිරිසේ අවශේෂයන් එතැන අතැර දමා, ‘සෙනිකවම’ එතැනින් ඈත් වනු වස්, අතපයට පණ දී දුවන්නට වූයෙමු. තරමක් දුර හිස් ලූ ලූ අත දිවූ අප නොදැනුවත්වම පැමිණ ඇත්තේ පඳුරු වලින් ගහණ අඳුරු පෙදෙසකට බව පසක් වූයෙන් බියෙන් සළිතව කරකියාගත කිසිත් නොහැකිව විසල් දෑස් අඳුරට යොමා වෙව්ළන්නට වූයෙමු.

විගස අසළ පඳුරක් වේගයෙන් සෙළවෙන්නට විය. මොහොතක ඇවෑමෙන් තවත් පඳුරක් ද, තවත් පඳුරක් ද යනාදී වශයෙන් වටා පිටාවේ වූ සියල් පඳුරු වේගයෙන් සෙලවෙන්නට විය. අවට සිසාරා භීෂණකාරී සුළඟක් නොකඩවා හමන්නට විය. පෙර ඇසූ සූකර මරහඬ සතර දෙසින් දෙගුණ තෙගුණ වී ඇසෙන්නට විය.

අප බියට පත් කුඩා ගැහැණු ළමුන් මෙන් සොප්‍රානෝ හඬින් යටිගිරියෙන් කෑගසන්නට වීමු.

‘සෙනිකවම’ සූකර මරහඬ ද පඳුරු සෙළවීම ද වේගවත් සුළඟ ද නැවතුණි.

මොහොතක ඇවෑමෙන් නැවතත් පඳුරු ගොනු සර සර හඬ නගමින් අක්‍රමවත්ව සෙළවෙන්නට විය. ඒ තුළ සිටි යම් කණ්ඩායමකගේ කලබලකාරී කතාබහක් ඇසෙන්නට විය.

“නෑඹුල් යුවතියන් පිරිසක් නේ ද සහෝදරයා?!”

“සහෝදරයා සහෝදරයා කියා කෑ නොගසා මේ කලිසම ඇඳගන්න මිතුර!”

“මගේ යට කලිසම ඔබ ඇඳගෙන සොයුර, අහෝ ඕක ගලවා දෙන්න!”

“කිසිදු මංගලෝත්සවයක් කිරීමට පෙර ඔබේ පුඃලිඟුව ඔය ගස් බෙණයෙන් ගලවා ගන්න යහලුවේ!”

“එළියට ගොස් බලන්න කොලුව, අප මෙහි සිටින්නම්!”

අසළ වූ පඳුරකින් එළියට පැන්නේ අපිළිවෙලට හැඳ පැළඳගත්, නවදැළි හේනක තනිවූ වඳුරකුගේ පිළිස්සුණු ලෝම මෙන් මුහුණේ තැනින් තැන යන්තම් දැළි රවුළු වවාගත් තරුණයෙකි. විසල් දෑසින් පඳුරු දෙස බලා නිහඬව නිසොල්මන්ව හුන් තැනම පාෂාණිභූත වී සිටි අප දුටු විගස තුෂ්ණිම්භූත වූ ඔහු, මොහොතකින් මුහුණ සිනාවකින් එකාලෝක කරගෙන අප වෙතට පැමිණියේ ය.

“Muhude nau giyata parawal hitinne nane.. ewage unata 8.30n psse hitiyata aulk na.. habai..ubala wage mekata ena hamaekagema muhudu na.. ubala ubalage ewa muhudu kragena widawana eka anith ahinsaka kelantath krala un widawanawa blnna asha athi.. ubala maha kuhakai.. ubalage wesa kamata anith un palida.. 8.30n psse meka inna gaththoth japure kello ithuru wenne nathuwa out weddi okkama ganu idi ubala asa ehema wenawa blnnada.. ubalata unu de anith untath krannada..?”

කියා ඇසූ ඔහු, අප සියල්ලන්ගේම සිත්තුළ පැණ පිට පැණ ඉතිරි කර තබා නැවත පඳුරකට පැන අතුරුදහන් වී ය.

© 2019 Pamuditha Zen Anjana