අටහමාර

පෙර රජ දවස පටන් ම, රාත්‍රී අටහමාර යනු;

ක්‍රින්ජියානු සාගරයේ අමුතු ඇටය නොහොත් ලකේපංකාව යන අසිරිමත් දිවයිනේ මුල්ලකට වන්නට පිහිටියා වූ, ‘බීසනේ’ නිති රජකරන, මෙලෝ වගතුවක් නොමැති මිරිකාන පොලිස්වසම තුළ වසන සියල්ලෝම පාහේ, දරු මල්ලන් ගුරු දෙගුරුන් හිස දරාගෙන, බඩ බැඳගෙන, තදින් බදාගෙන, තුරු හිස්, ගොඩනැගිලි මුදුනින් පැන පොළා විත්, මහ පාර පුරා හිස් ලූ ලූ අත දිවගොස්, තම තමුන්ගේ ගේදොර කැදලි තුළට වැදී, හතිළමින්, හනි හනිකට දොරපලු වසාගෙන, කොසු ඉදලින් හැඳිමිටෙන් සන්නද්ධ ව, බුජම් බේසම් හා හට්ටි මුට්ටි ඔළු වල දමාගෙන, ඇඳ ඇතිරිලි, පාපිසි හා ජනෙල් තිර හෝ පහන්තිර වලින් සියල් සිරුරු වසාගෙන, පෙට්ටගම් පසුපස, සයනය යට, අල්මාරි තුළ හෝ වතුර ටැංකි තුළ, බියෙන් වෙව්ළමින්, කෙළ පෙරමින්, විසල් වූ දෑස් දෑතින් තද කර වසාගෙන, ඊටත් උඩින් සෙලෝටේප් හෝ රබර් ටේප් වෙළාගෙන, දිව හපාගෙන, සහේතුක ව සළිත වන සිරුරට අනිසි බලපෑමක් නොඒ යැයි සිතමින්, දෙවියන් බුදුන් හෝ හැකි සියල්ලෝම යදිමින්, කල් ගෙවන්නා වූ අතිශය බියකරු කණිසමකි.

අටහමාර පසු වී තත්පරයකින් හතළිස් දහකින් එකක් හෝ යන්නටත් පෙර ‘සෙනිකවම’ එකී ප්‍රදේශය වෙළාගන්නා වූ අද්භූත බලවේගයන්ගේ බලපෑම් ප්‍රාදේශීය දනන්ගේ මෙම විකාරරූපී හැසිරීමට හේතුවන බව විද්වත් මතය යි. ඒ මන්දැයි සිතන්නට ගොස් පැණනැගි කුතුහලය නිති සිත් පෙළන්නට වූයෙන්, නොවළාම ඒ සංසිදවාගනු වස්, රාත්‍රී අටහමාරේ කණිසමෙන් පසු, මෙම අද්භූත බලවේගයන් ඇසින් දුටුවන් සොයා මිරිකාන විජයාරාම පෙදෙසට ගිය අපට, ඒ අසිරිමත් පුරුෂෝත්තමයන්ගෙන් එක් අයෙක් මුණගැසීමේ භාග්‍යය ලැබිණි.

ඒ කෙසේ ද යත්;

ගෝල් දේශයේ තාඩන පීඩන වලට නොබියව මුහුණ දුන් කොට කලිසම් කිසිසේත් නාඳින රෝමානු සොල්දාදුවන්ගේ කඳවුරක අසිරි ගත්, චීනමහා ප්‍රාකාරය මෙන් අහස් කුස සිසාරන උස් තාප්පයකින් හා මිනීකන කිඹුලන් පිරි විසල් ඇළකින් වට කර, සිව්කොණ සතරවරම් දෙවියන්ට කැප කොට, එළාර මරා රට එක්සේසත් කර දිවංගත වූ මහා දුට්ඨගාමණී අභය දෙවියන්ගේ ආනුභාවයෙන්, තද තද හිත් ඇත්තා වූ මුරභටයන්ගේ ආරක්ෂාව නිති ලැබෙන්නා වූ, ජ’පුර පුරාණ රජමහා විහාරස්ථානය බලා ගිය අප පිරිසට, එම භූමියේ ඉදිරිපස ගේට්ටුව අසළ මඳක් නැවතීමට සිදුවිය.

ඒ අප පිරිසේ කිසිවෙක් කොටකලිසම් හැඳ නොසිටී ද යන්න බැලීමටත්, පුරුෂයන් මෙන් වෙස්වළාගත් කාන්තාවන් සිටිත් දැයි බැලීමටත්, අප පිරිසේ සියල්ලන්ගේම පුඃලිඟු අතගා, කන්‍යාවන් ද බැලීමට මුණ්ඩ පස්සට ගසා, ගුදමගට ඇඟිලි ගැසීමට ආරක්ෂක භටයන් හට ඉහළින් උපදෙස් ලැබී තිබූ නිසා බව තරමක් වයෝවෘධ ආරක්ෂක භටයෙක් අපට දැනුම් දුනි. ඔවුන්ගේ හතළිස් ඇඳිරියෙන් වැසුණු තීක්ෂණ දෑසින් මිදී ඒ සියල් පරීක්ෂා දරාගෙන ඒ මහා පුණ්‍යභූමිය තුළට අපි සැවොම කුළුණු හැඟීමෙන් යුතු ව ඇතුළු වූයෙමු.

බලන බලන අත එළි විහිදුවන්නා වූ විදුලි පහන් කුළුණු ය. අවට සිසාරා හමන වෙරළු මල් සුවඳ ය. මදක් එහාට වන්නට විසල් ගොඩනැගිලි මැදිකරගත් මහා වෘක්ෂයෝ ය. ඒ සියල්ල යා කරනා මහා මාර්ග ය. එනමුදු කිසිදු මිනිස් පුළුටක් පෙනෙන්නට නොවී ය. අසන්නට ද කිසිවෙක් නොවීයෙන් අපි ‘හිසහැරුණුඅතේ’ න්‍යාය භාවිතා කොට එක් මගක් තෝරාගෙන ඒ ඔස්සේ ඇදෙන්නට වීමු. තරමක් දුර යත් දී විදුලි එළි පහන් කිසිවක් ගොඩනැගිලි සීමාවෙන් ඔබ්බට නොමැති බව් වටහාගත් අප තරමක් දෙගෙඩියාවෙන් බලා සිටිත් දී, මඳක් එහාට වන්නට පිහිටි පඳුරු ගොන්නකින් චුන්දයා සූකරයන් මරත් දී උන් කෑගසන්නාක් මෙන් හඬක් නොනවත්වා නැගෙන්නට වී ය.

ඒ භයානක හඬින් බියපත් අප සැවොම, බියෙන් මුසපත් ව මහ පොළොව බදා එහි පිහිට පැතූ පිරිසේ අවශේෂයන් එතැන අතැර දමා, ‘සෙනිකවම’ එතැනින් ඈත් වනු වස්, අතපයට පණ දී දුවන්නට වූයෙමු. තරමක් දුර හිස් ලූ ලූ අත දිවූ අප නොදැනුවත්වම පැමිණ ඇත්තේ පඳුරු වලින් ගහණ අඳුරු පෙදෙසකට බව පසක් වූයෙන් බියෙන් සළිතව කරකියාගත කිසිත් නොහැකිව විසල් දෑස් අඳුරට යොමා වෙව්ළන්නට වූයෙමු.

විගස අසළ පඳුරක් වේගයෙන් සෙළවෙන්නට විය. මොහොතක ඇවෑමෙන් තවත් පඳුරක් ද, තවත් පඳුරක් ද යනාදී වශයෙන් වටා පිටාවේ වූ සියල් පඳුරු වේගයෙන් සෙලවෙන්නට විය. අවට සිසාරා භීෂණකාරී සුළඟක් නොකඩවා හමන්නට විය. පෙර ඇසූ සූකර මරහඬ සතර දෙසින් දෙගුණ තෙගුණ වී ඇසෙන්නට විය.

අප බියට පත් කුඩා ගැහැණු ළමුන් මෙන් සොප්‍රානෝ හඬින් යටිගිරියෙන් කෑගසන්නට වීමු.

‘සෙනිකවම’ සූකර මරහඬ ද පඳුරු සෙළවීම ද වේගවත් සුළඟ ද නැවතුණි.

මොහොතක ඇවෑමෙන් නැවතත් පඳුරු ගොනු සර සර හඬ නගමින් අක්‍රමවත්ව සෙළවෙන්නට විය. ඒ තුළ සිටි යම් කණ්ඩායමකගේ කලබලකාරී කතාබහක් ඇසෙන්නට විය.

“නෑඹුල් යුවතියන් පිරිසක් නේ ද සහෝදරයා?!”

“සහෝදරයා සහෝදරයා කියා කෑ නොගසා මේ කලිසම ඇඳගන්න මිතුර!”

“මගේ යට කලිසම ඔබ ඇඳගෙන සොයුර, අහෝ ඕක ගලවා දෙන්න!”

“කිසිදු මංගලෝත්සවයක් කිරීමට පෙර ඔබේ පුඃලිඟුව ඔය ගස් බෙණයෙන් ගලවා ගන්න යහලුවේ!”

“එළියට ගොස් බලන්න කොලුව, අප මෙහි සිටින්නම්!”

අසළ වූ පඳුරකින් එළියට පැන්නේ අපිළිවෙලට හැඳ පැළඳගත්, නවදැළි හේනක තනිවූ වඳුරකුගේ පිළිස්සුණු ලෝම මෙන් මුහුණේ තැනින් තැන යන්තම් දැළි රවුළු වවාගත් තරුණයෙකි. විසල් දෑසින් පඳුරු දෙස බලා නිහඬව නිසොල්මන්ව හුන් තැනම පාෂාණිභූත වී සිටි අප දුටු විගස තුෂ්ණිම්භූත වූ ඔහු, මොහොතකින් මුහුණ සිනාවකින් එකාලෝක කරගෙන අප වෙතට පැමිණියේ ය.

“Muhude nau giyata parawal hitinne nane.. ewage unata 8.30n psse hitiyata aulk na.. habai..ubala wage mekata ena hamaekagema muhudu na.. ubala ubalage ewa muhudu kragena widawana eka anith ahinsaka kelantath krala un widawanawa blnna asha athi.. ubala maha kuhakai.. ubalage wesa kamata anith un palida.. 8.30n psse meka inna gaththoth japure kello ithuru wenne nathuwa out weddi okkama ganu idi ubala asa ehema wenawa blnnada.. ubalata unu de anith untath krannada..?”

කියා ඇසූ ඔහු, අප සියල්ලන්ගේම සිත්තුළ පැණ පිට පැණ ඉතිරි කර තබා නැවත පඳුරකට පැන අතුරුදහන් වී ය.

© 2019 Pamuditha Zen Anjana

Advertisements

දෙක

ඊයේ පෙරේදා සිට ලංකාවේ උන් ඉන්නේ තක්බීර් වෙලා ය. සමහරෞන් ඔහේ බලාගත්තු අතේ බලාගෙන ඉන්නා ගමන් දෙක දෙක බක බක ගානවා ය. එහෙව් එකෙක්ට ළං වී නිකමට වාගේ “මොකෝ බං ගෙම්බෙක් වගේ තප්පුළන්නේ?” කියා ඇසුවහොත් ඌට මාරෙට කේන්ති යනවා ය. එලෙස මාරාවේශයෙන්, ගඩොල් බාග දෑතින්ම දෙකක් ගෙන ළෙලවමින් අර දෙකේ ප්‍රශ්නය ඇසූ පුද්ගලයා පසු පස භීෂණාත්මක ලෙස එළවා එන ගමන් ඔවුන් කියන්නේ එකම එක දෙයක් ය. ඒ දෙක ගැන ය.

ඉතිං ලියන්නා ද දෙකේ කැසිල්ල නිසා ඒ කියනා දෙක ගැන සොයා බලන්නට උනන්දු වුණේ ය. ඒ දෙකේ කතාව මෙසේ ය;

අද දින උදෑසන වෙත් දී ලංකාවේ අගමැතිවරු දෙදෙනෙක් ද ජනාධිපතිවරු දෙදෙනෙක් ද වන බව සැළ විය. එක් ජනාධිපතිවරයෙක් ඒ මොහොතේම අගමැති ධූරයත් දරයි. අනෙකා විපක්ෂයට ගොස් එහි හිඳ ජනාධිපතිකමෙහි නියැළෙයි. දැන් විපක්ෂයේ ජනාධිපතිවරු දෙදෙනෙකි. ආණ්ඩු පක්ෂයට හුළං ය. ඔය අතරින් එක් ජනාධිපතිවරයෙක් අද උදෑසන වන තුරු හිටපු ජනාධිපතිලු ය, උදෑසන ජනාධිපති වී නැවතත් සන්ධ්‍යාව වෙත් දී හිටපු ජනාධිපති වුණා ලු ය. පසුව ඒ හංදි දෙකක ගහපු බෝඩ් ලෑලි දෙකක් නිසා බව ෆොටෝ දෙක දෙක දමා රටේ දෙක නැති හැත්තට පැහැදිලි කෙරුණා ය. එක් අගමැතිවරයෙක්ට අනුව අනෙකා ව්‍යවස්ථානුකූල නැත. එක් ජනාධිපතිවරයෙක්ට අනුව අනෙකා ජනාධිපතිවරයෙක් නොවේ ය. හිටපු (හිටං නොවේ) ජනාධිපතිවරයෙකි. එක් අගමැතිවරයෙක්ට අනුව බහුතරය ඔහුගේ ය. අනෙකාට අනුව ඔහුට ඇති බහුතරයක් නැති ලු ය. එක් ජනාධිපතිවරයෙක් පාවා දුන්නා ලු ය. අනෙක් ජනාධිපතිවරයා මහරජාණෝ ලු ය. ඉතිං මේ පිස්සුත්ත අස්සට පාවා දෙන්නෙකුයි රජ කෙනෙකුයිත් එකතු වෙලා ය.

ඒක පසෙක තැබූ කල එක් අගමැතිවරයෙක් ප්‍රජාතන්ත්‍රවාදී ලු ය. අනෙක් අගමැතිවරයා නීති විරෝධී ලු ය. සමහරෞත්තලා එක් අගමැතිවරයෙක්ට දෙකක් නැති බවත් අනෙත් අගමැතිවරයාට දෙකක් ඇති බවත් කියනවා ය. ඒ තුනෙන් ය. එක් ජනාධිපතිවරයෙක්ට රටේ ඉන්නා උං කියන්නේ අප්පච්චී කියා ලු ය. ඉතිං තමන්ගේ තාත්තාට අප්පච්චී කියනෞන්ට අප්පච්චිලාත් දෙකක් ලු ය. හත්තිලව් දෙකේ ප්‍රශ්න මදිවාට එක් ජනාධිපතිවරයෙක්ගේ නම මෛත්‍රී වන අතර එක් අගමැතිවරයෙක්ගේ බිරිඳගේ නම ද මෛත්‍රී ය. ඉතින් මෛත්‍රීලාත් දෙක කි. අගමැතිවරුන් සහ ජනාධිපතිවරුන් දෙක දෙක සිටින නිසා පාර්ලිමේන්තුව ද දෙකට බෙදිලා ය. පාර්ලිමේන්තුව දෙකට බෙදිලා නිසා රටේ හැතිකරේ ද දෙකට බෙදිලා ය. රටේ හැතිකරේ දෙකට බෙදිලා නිසා පාර්ලිමේන්තුව ද දෙකට බෙදිලා ය. ඔක්කෝම එකතු වී දෙක හොයනවා ය. දෙක නැතිවී ඇත්තේ කොහෙද කියා බැලූවිට දෙක නැතිවී නැති බවත් හොයන්නේ තුනෙන් දෙකක් බවත් එකෙක් ලියන්නාට තරයේ බිම දාගෙන කියා දුන්නෝ ය. ලියන්නාට ද ඊට පසු ටිකක් විතර දෙක මාරු විය. පේන දේවල් ද දෙක දෙක පේන්නට ගත්තේ ය. දෙකක් දාගත්තානං ඒක හරියනවා කියා සිතමින් ඔය දෙක මාරු වී සිටින අස්සේ ලියන්නාට මාධ්‍යායතන ගැන කල්පනාවට ආවේ ය. ඒ කාලේ සිටම මාධ්‍යායතන කොහොමත් තිබුණේ දෙකට බෙදිලා නිසා ඒකේ මහාමුත්තක් තිබ්බේ නැතිවුණාට දෙක මාරුවෙන මාරුවෙන සැරේට දෙක දෙක මාරුවෙන එකනම් පට්ටාතල් ය. ටීවී දමා චැනල් දෙකක නිව්ස් බැලූ කල ඒ ආතල් දෙපිටින් යනවා ය.

ඒ අතර තවත් දිගට ලියනවා නම්, නීතිය ද දෙකට බෙදිලා ලු ය. ඒක නම් වෙලා ඇත්තේ නීතීවේදීන් දෙකට බෙදී ඇති නිසා ය. එක් කොටසක් වුණ හුත්ත ව්‍යවස්ථානුකූල කියනා අතර අනෙක් කොටස ඒ හුත්ත ව්‍යවස්ථානුකූල නැති ලු ය. ඒ අව්වැස්සේ ව්‍යවස්ථා ද දෙකක්ම වෙලා ය. ඉංග්‍රීසියෙන් තියෙන එකේ එක් වාක්‍යයක් ද සිංහලෙන් තියෙන එකේ වෙනත් වාක්‍යයක් ද තියෙනවා ලු ය. ඔය හත්තිලව්ව දෙකක් විදිහට ලියන්නට මුල්වූ ඇටදෙකට ඇඟිල්ලෙන් ගැසූ කල හිස් ලූ ලූ අත දුවනා සුනඛයන් මෙන් දිවෙනා දිවදෙකේ දේශපාලුවෝ මේ දිනවල දෙකට දෙවාරනේ වැනෙමින් දෙක දෙක ගානා ගෙම්බන් මෙන් ඒ මේ අත පනිමින් කෝටි දෙක දෙක සාක්කුවේ දාගන්නා බව නම් ලියන්නාට පැහැදිලිව පෙනුණා ය.

එක්කෝ මේවාට කෙලින් මුහුණ දී දෙක පැටළීම නිරාකරණය කරගන්නට නම් කතරගම දෙයියන්ට මෙන් මුහුණු හයකුත් අත් දොළසකුත් තිබිය යුතු ය. ඒකට හරියන්නට ගෑණු දෙකකුත් සිටියාම ප්‍රශ්න හය හය නිරාකරණය කරගත හැකි වනු ඇති ය. හයයි හයයි දොළහයි නිසා දොළහ දෙකෙන් බෙදූ කල හයක් නිසාත් අර්ජුන ඒ දවස්සල ගැසූ හයේ පාරවල් නිසාත් ඔරලෝසුවේ හයයි දෙකයි දොළහයි තුනම තියෙන නිසාත් තුනෙන් දෙක ඔය හය අස්සෙන් හොයාගත හැකි වේවි කියා ලියන්නාට බුදු සුවර් ය. එවිට නං “අපි ඔක්කොම අගමැති ඔක්කොම වැසියෝ තුන් සිංහලයම ජනපති – යෝ යෝ” කියා අපි හැමෝම දෙක වසරේ සිට දන්නා සිංදුවක් රැප් කරතෑකි ය.

ඉතිං ඔය සියල්ල නිසාම ලියන්නාට සිතෙන්නේ, “අපි සැමට දෙක දෙක ය, රටට බක බක ය” කියා තමයි ය.

~ © 2018 Pamuditha Zen Anjana (මාරyeah)

#දෙකේකතාව #දෙකපැටළුණෞත්තොලියන්නගිහිං #දෙකටගහමු #තුනෙන්දෙකනැතිවෙලා #දෙකක්නැත්තංඉල්ලන්න #පාවිච්චිනොකරපුදෙකක්තියෙනවාදෙන්නං #දෙකනැත්තංපකකුඩාද #දෙකදෙකබකබක #මටගණන්බෑ #අංකගණිතයාරහං #තවදෙකේකතාදන්නේකෞද #පෝස්ට්ටෙකටහුතුදෙකයි #කෝමදඒදෙක #හෑෂ්ටැග්හදන්නකම්මැලියි #දෙකක්දාගන්නෝන #රුපියල්දෙකක්වත්තතේනෑ #තවමාසදෙකකිනීළඟෞරුද්දෞත්තො #මොනජීවිතදමේ #උපාසකබළල්ලුමීයෝදෙකදෙකාල්ලයි #නෑනෑඒමඑකක්නෙමෙයිකිව්වේ #අනිත්පැත්තටමයිහිතන්නේ #ආහිතුවෙනැත්තංඅයිංවෙලාපයිංපල #SLCoup #lka

අභිනව ලෝඩ් පකීර් (ෆේස්බුක්) වල්අලිපුණ්ඩේගේ ප්‍රමුදිත සෙම් අංජනම් මහතාගේ විශේෂ ප්‍රකාශය

අභිනව ලෝඩ් පකීර් (ෆේස්බුක්) වල්අලිපුණ්ඩේගේ ප්‍රමුදිත සෙම් අංජනම් මහතා විසින් ක්‍රිස්තු වර්ෂ දෙදහස් දාහටක් වූ වප් මස අටවිසි වන ඉරු දින අපරභාගයේ දී හෝ සන්ධ්‍යාකාලයේ දී වැහි නැති හෙණ හෝ දෙදරුම් සහිත අකුණු සහිතව සිදු කරනු ලැබූ විශේෂ ප්‍රකාශය.

ආදරණීය පූජ්‍ය පක්ෂයේ හිතවතුනි, ගුරු දෙගුරුනි, මිත්‍රවරුනි, ඒලියන්වරුනි, ළඟකදී පටන් පිබිදුණු පිස්සු හුටං බස් ලොලන්තයෙනි, ෆේස්බුක් වෙසියනි, දන්නෞත්තනිත්තියනි, නොදන්නෞත්තනිත්තියනි;

දන්නා කාලයේ පටන්ම ජාතිය අමතන මා අද දින මෙලෙස විශේෂයෙන් ම ජාතිය අමතා තද තද (ලාවට බුරුල්) ප්‍රකාශයක් කිරීමට තීරණය කළේ පසුගිය දින කිහිපය තුළ ෆේස්බුක්හි ඇති වූ ටහිකෙන දේශපාලන වෙනස්කම් සමග අනාගතය, හෙට දවස වෙනුවෙන් අප යා යුතු ගමන් මග පැහැදිලි කරමින් (පොඩ්ඩක් සුද්ධ කරන්නෝන, වල් වැදිලා), විශේෂයෙන් ම මෙවන් වෙනසක් සිදු කිරීමට හේතු වූ කරුණු සහ ඊට පසුබිම් වූ බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් ඉතාම කෙටි සඳහනක් කිරීමේ බලාපොරොත්තුවෙන්.

මේ අවස්ථාව වර්ෂයක් ගෙවී ගොස් නව වර්ෂයක් අබියස සිටින අවස්ථාවක්. දෙදාස්පසළොසක් වූ දුරුතු මස අට වනදා මේ ෆේස්බුක් හි වසන එන්ජීඕ පල්ලි පිල්ලි නඩයේ ආශිර්වාදයෙන් ආදරණීය අධිරාජ්‍යවාදී විරෝධී ජනතාව තිස්තුන්කෝටියකට ආසන්න පිරිසකගේ අති විශාල කැමැත්තෙන්, මා ඔබේ කුඩප්පච්චි වගේම ෆේස්බුක් ලෝඩ් පකීර් වශයෙන් පත් කර ගත්තේ බලාපොරොත්තු රාශියක් ඇතිවයි. ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහා ඔබ මා වෙත තැබූ විශ්වාසය (අනේ හුකේ) පිළිබඳව මා ඔබට අදත් මගේ ගෞරවනීය ස්තූතිය සහ ප්‍රණාමය පුද කරනවා වගේම ඒ තැබූ විශ්වාසය ඉදිරියටත්, හෙට දවසේත් ඔබ වෙනුවෙන් මගේ ජීවිත පරිත්‍යාගයෙන් (තොපි වෙනුවෙන් මැරෙන්නෙ පුකටදෞත්තො) මා ඉටු කරන බව පළමුව ප්‍රකාශ කරන්නට ඕන.

මේ මොහොත වන විට අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මගේ ප්‍රජා අයිතීන් අහෝසි කර දමා ඇති බවත්, මාගේ නියම ප්‍රොෆයිලයෙන් කිසිවක් පෝස්ට් කිරීමට නොහැකිවන සේත්, කමෙන්ට් කළ නොහැකිවන සේත්, රිඇක්ට් කළ නොහැකිවන සේත්, ෆේස්බුක් තුළ මා නැරඹුම් මැදිරියක සිරගත කොට දැමීමට හදිසියේ මඩුවල්ගය අතටගත් සුක්‍රබර්ගරයා කටයුතු යොදා ඇති බවත් ඔබ හොඳින්ම දන්නවා යයි සිතමි. නමුත් ඔබ සැම කෙරෙහි වූ ලෝපතළ මහා කරුණාව නිසාවෙන්ම, මම මෙලෙස නීතියේ ඇස් වසා, ෆේස්බුක් හිලකින් (නෑ නෑ එහෙම හිලක් නෙමෙයි) රිංගා මෙලෙස නොබියව නොපසුබටව (සෙනික ගටකින් යුතුව) ඔබ කැටුව පෙරගමන් යන්නට ඉදිරිපත්ව සිටින බව දෙවනුවත්, ෆේස්බුක්කයත් අප සැමගේ ජාතකයත් ඉතාමත් අස්ථාවර මට්ටමක පවතින මෙවන් තීරණාත්මක මොහොතක දී, ආතල් පෙරදැරිව නැවතත් පොප්කෝන් රැගෙන චිල්ලෙකේ මේ වන විපර්යාසයන් බලා ආතල්ලෙකක් ගන්නා ලෙසත්, ඕනාවට වඩා සීරියස් වන්නට ගිහිං තියෙනෞත්තෙ ආතල් කුඩු නොකර ගන්නා ලෙසත් තෙවනුව මෙහිලේලා ප්‍රකාශ කළ යුතුයි.

සිව්වනුව, ප්‍රචණ්ඩත්වය රජයන සර්වාසාධාරණ විපරීත සමාජයක එෆ්සීයයිඩී වැනි උසාවියටත් ඉහළින් ඇති හුත්තරීතර ආයතනයකට ෂෝටක් ගසා යෑමෙන් ඇතිකළ ජාතික පුනරුදය වෙනුවෙන් නාමල් කුමාරයාට මගේ බොක්කේ සුභාශිංසනය බන්දේසියක තබා පූජා කරන්නටත්, එම ක්‍රියාව ආදර්ශයට ගෙන ධෛර්යමත්ව නොපසුබට වීර්යයෙන් යුතුව, මෙරට සිටින හීනමානී විලම්භීතයන්ගේ කුප්ප විචාර කණකට නොගෙන, තමන්ට කැමති තන-සොරි-තැනකට ෂෝටක් ගසා යන ලෙසත් මම ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

එලෙසම, මේ වනෞත්තවල් නිසා කලබල වී තොපිත්තිගෙපුතාලාදුවලා ඒ මේ අත දුවලෞකාගන්නේනම් එය අපවන් කැරියන්ට නොමිලේ ආතල් ගැනීමට අවස්ථාව සළසන්නක් බවත්, කොහොමත් ඔයි අරලිය ගහෙයි ජම්බු ගහෙයි අර ඔෆිස්සෙකෙයි මේ ඔෆිස්සෙකෙයි ඉන්නෞත්තලා සැපෙන් සනීපෙන් රෑට පොඩි ෂොට්ටෙකක් දාං ඒසීඑකේ හිටං මැච්චෙකක් හෝ ටීවී සීරියස්සෙකක් බලං ඉන්නා බවත් මොකා ආවත් සෙට්වෙලා තොපෙන්ම කෙළත් ගෙන පුකේ අරින්නේ තොපිටම බවත් දැනගෙන කරනෞත්තක් කරන්නේ නම් මනා බව මෙහිදී කිව යුතුයි.

ඒ වගේම අද පවතින දේශපාලන වාතාවරණය තුළ මේ සමාජමාධ්‍යාවකාශෞත්තතුළ වසන පොදු මහජනතාව, ෆේස්බුක් නිලධාරීන්, රටින් පිටසිට පඩ ටෝක් ඉෂූකරනෞත්තන්, මාගේ තාවකාලික සිර දඬුවමින්, පසු බෑමෙන් හිස් වූ රජය ශක්තිමත් කරන්නට ඇප කැප වී අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව දිවා රෑ නොබලා ඔබ සැමට ආතල් දෙන ෆේස්බුක්කාතල් ප‍්‍රධානීන් ඇතුළු ආරක්ෂක අංශ ඒ සියල්ල මේ අවස්ථාවේ දී මා වෙත ලබාදෙන සහය, තවදුරටත් ෆේස්බුක් ආතල් ශක්තිමත් කරමින්, මේ ටෞකණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයත් ශක්තිමත් කරමින්, සියලුම ටකරංපකයන්ගේ දෛනික ජීවිතයට අවශ්‍ය පහසුකම් සලසමින් ඒ සෑම කෙනෙක්ම කටයුතු කරන ආකාරය පිළිබඳව, මම ඒ සියලූ දෙනාටම මාගේ ස්තුතිය පුද කරන්නට කැමැත්තෙමි.

ඒ වගේම මේ කෙටි කතාව අවසන් කරමින් මා පෙර කී පරිදිම ඔබේත් මගේත් ෆේස්බුක්කෙක වෙනුවෙන් ඒ සුන්දර වූ පරමාර්ථ ඉටුකරගන්න අපි සියලූ දෙනාම කැපවෙමු. ඔබට, හොඳ දැක්මක් ඇති (අම්මේ ඔව්), දේශීයත්වය අගය කරන (කොහොමදේක?), ෆේස්බුක්කෙකේ පොදු මහජනතාගේ දුකට පුං ගහන, සිනමා දර්ශන, ප‍්‍රතිපත්ති, මහේල ජයවර්ධන, පෙම් දාස, විදර්ශන ප‍්‍රතිපත්ති අගය කරන නායකයෙන් ඔබ ඉදිරියේ දී පත්කර ගතහොත් මම විශ්වාස කරනවා අපි සෑම කෙනෙකුගේම බලාපොරොත්තු වන ඒ පවිත‍්‍ර අරමුණු ඉටුකරගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා මගේ ප්‍රොෆයිල්ලෙක වෙනුවෙන්, මගේ ආදරණීය ජනතාව වෙනුවෙන් මේ ගත් දේශපාලන තීන්දුව සමඟ, ආර්ථික අර්බුදය අවසන් කරමින්, දේශපාලන අර්බුදය අවසන් කරමින්, සමෘද්ධිමත් ආර්ථිකයක් සමග යහපත් සමාජයක් ගොඩනගන්න, ආධ්‍යාත්මික වශයෙන් ප‍්‍රබුද්ධ සමාජයක් ගොඩනගන්න, ඔබ අප සෑම කෙනෙක්ම මේ සාමුහිකත්වය ඉටුකරමින් ෆේස්බුක්කෙකේ පූජ්‍ය පක්ෂයේ හිතවතුන්ට, ගුරු දෙගුරුන්ට, මිත්‍රවරුන්ට, ඒලියන්ලට, ළඟකදී පටන් පිබිදුණු පිස්සු හුටං බස් ලොලන්තයෙන්ට, ෆේස්බුක් වෙසියන්ට, දන්නෞත්තනිත්තියන්ට මෙන්ම නොදන්නෞත්තනිත්තියන්ට, මා ඉතාමත් ගෞරවයෙන් ඇරයුම් කරමින්, මේ කටයුතුවලට ඔබේ දායකත්වය ආශිර්වාදය ලබාදෙන මෙන් මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

සාදු පිහිටයි.

~ වල්අලිපුණ්ඩේගේ ප්‍රමුදිත සෙම් අංජනම්
(ඒකේඒ Pamuditha Zen Anjana, මාරyeah)
(උතුරලා මතුරලා)
ලෝඩ් පකීර් (ෆේස්බුක්)
සභාවේ සිනා විශාරද,
ලකේපංකාව (අපාය)

 

#ගොන්නුවිකිණුවෙකාලෙකටකලිං #දැංයන්නේඌබර්නැත්තංපික්මී #තොපිඔක්කොමහුකහං #මංචිල්ලෙකේ #පොප්කෝන්ටයිම්බේබි #නොට්නාමල්බේබි #මේවෙනබේබිකෙනෙක් #අම්මටහිකෙනතර්ක #මායියගමැති #නෑමායියගමැති #බෞකාපංමිතුරේමායියගමැති #පලයංහුත්තොඌයිඅගමැති #කටවහප්කැරියො #අපිඔක්කොමගමැති #හාද #ගොංපකයි #සර්පරයිස්මදර්ෆකර්ස් #සාදුබුද්ධංආප්පකාපං #කන්නටබැරිනංබල්ලටදාපං #කොහොමත්හිකිලාඉන්නේ #අමුතුවෙන්හුකන්නදෙයක්නෑ #පාර්ලිමේන්තුවරැස්කරලාඇතුළේතේගහපං #හුකනවාපුන්සඳේලන්තෑරුමපුංචිළිඳේවතුරරසයි #පුංචිළිඳකියන්නේඒකදදන්නෑනේ #ඉල්ලංකෑමටනියමිතයි #අබසරණයි #මහසෝනත්එළියේ #රටේපුකත්තෙළියේ #හිටංහුටංපිස්සුහුකං #slcoup

වහා කැඩෙන බිඳෙන සුලුයි

ඉල්ලංකාවේ සංස්කෘතිය, ස්වෛරීත්වය, සදාචාරය, සභ්‍යත්වය, භෞමික අඛණ්ඩතාවය, ස්වයංවරය, උණ්ඩුකපුච්ඡය, අග්න්‍යාශය, ජාතිය, ආගම, ඉතිහාසය යනාදී එකී මෙකී නොකී සියල්ලම ඉතා ෆ්‍රැජයිල් (ඒ කිව්වේ වහා කැඩෙන බිඳෙනසුලුයි කියලෞත්තෝ) ය.

ඒකත් හරියට අර බඳින්න යන එකීගේ කන්‍යාපටලය වාගේ ය. මුං ඔක්කෝම හිතන් ඉන්නේ ඒක මාර හුත්තක් කියා ය. පුළුවන් තරම් පැකින් පිට ගන්න හදනවා ය. ජපන් කොඩි නැතිවුණොත් පහුවෙනිදා උදේ හෝටලේට කාමරේට එන අම්මාගේ, එහා ගෙදර ඇන්ටිලාගේ සිට සියලූමෞත්තිලා මෙන්ම තාත්තා හෝ එහා ගෙදර අංකල්ලාගේ හෝ රාජා හෝ මංගලියා හෝ අනිත් පයියලා පයියේවැල දාගෙන හාට් ඇටෑක් හදාගෙන මැරෙන්නට හදනවා ය. හැබැයි ඉතිරි පුළුවන් හැම වෙලේම පුළු පුළුවන් විදිහටත් අවලමේ යනවා ය. උං කොතරම් අවලමේ ගිය ද කවදාහරි කසාද බඳිනවානම් බඳිනෞත්තියොන්ගෙන් ඉරයි හඳයි කෙළයි පුකයි දෑවැද්දයි ඔක්කෝම ඉල්ලනවා ය. (ලිටරලි නෙමෙයියුත්තෝ)

කියන්නට ආවේ කන්‍යා පටලයක් ගැන නෙමෙයි වුණත් හුත්තක් මතක් වුණාම අපිත් ඩිස්ට්‍රැක්ට් වෙනවා සත්තයි ය.

ඩිස්ට්‍රැක්ෂන් එක පසෙකට ලා බැලූ කල පැහැදිලිව පෙනෙන දෙයක් නම් ඉල්ලංකාවේ වේසිගේ පුතාලා හිතන්නේ අරයාකාර විදිහට බව ය. ඒ කියන්නේ මුංගේ වහා කැඩෙන බිඳෙනසුලුත්තවල් සේරම මුංම අවලමේ යවා පසුව අනුංව අල්ලං මූ හිකුවා මූ හිකුවා කියා මැරෙන්නට හදනවා ය.

මුංට අනුව මුංගේ රටේ තියෙන ප්‍රධාන ආගම ලෝකෙං අංක එක ය. පරම සත්‍යය ලු ය. හැබැයි ගෑණියෙක්ගේ අතේ පච්චයකින් හෝ බිකිණියක ගැසූ නිඝණ්ටනාතපුත්තගේ කොපි කැට් චිත්‍රයකට හෝ ඇඳුමක ප්‍රින්ට් කළ කැන්ද කොළේකින් හෝ සෙරප්පුවක ගැසූ නැව් සුක්කානමකින් හෝ කවුරුහරි හුත්තෙක් ලියන පොතකින් හෝ අඳින චිත්‍රයකින් හෝ අඹන හුත්තකින් හෝ මුංගෙ අංක එකේ රොම්බ බුදුඅම්මෝ අලි පුක චොර වී නන්නත්තාර වී පරම සත්‍යය බොරු වී පඩයක් වී ලෝකෙට නිදහස් වෙනවා ලු ය.

දැන් දැන් දැනගන්නට ලැබෙන පදිරි මුංගේ අංක එකේ ඉතිහාසයත් එහෙම පයියක් ලු ය. කොහේවත් නැති ගලකට නැග කැමරාවට පුක පෙන්වීමෙන් මුංගේ ඉතිහාසය ලොන්ත වී ලොම් හැළුණු නාකි කටු බැල්ලියකගේ ඇඟේ සිටින මැක්කකුගේ පඩයක් තරම් නොවටිනා වී උංගේ අලිපුකේ ගල් වල තියෙන පුරාවිජ්ජාත්මක වටිනාකම ලපයිසිපයි වී යනවා ලු ය. පුරාවිජ්ජාත්මක ගලට උඩින් පුක තබා කැමරාවට පෙන්නීමෙන් හානි වෙලා ලු ය.

අනේ හුකේ ය. නන්නානේ ය. සාලියාශෝකමාලාට හිකුවේ හඳපානේ ය.

ඒ කාලේ ඉඳම්ම මුං හිතන් ඉන්නේ මුංට කෙළින්න සකල ලෝකවාසී සියලූම මනුෂ්‍යයන් සැදී පැහැදී බලා ඉන්නවා කියලා ය. උදේට බොන තේ කෝප්පයේ ද කිඹුල්ලු නැත්තං හූනෙක් ඩයිනසෝරයෙක්වත් දැක කෑගැස්සෙනවා ය. හැබැයි හරියට බැලුවොත් මුංගේ රටයි මුංගේ හිඟන මානසිකත්වයයි ගැන දන්නේ ලෝකෙන් සීයට පහක් දහයක් විතරයි ය. අනිත් සීයට අනූවම වාගේ මේ ලොන්ත දූපත ගැන හීනෙං දැකලාවත් නැති ය.

මුංටම හරියන්න කුඩු සික් එකේ ඉන්නා පාලංකුඩ්ඩෝ මෙන් නියපොතු එක්ක ඇඟිලි ද කකා ඇට රිළව් මෙන් නියෝ නියෝ නිව්ස් හොය හොයා අතේ ගසමින් ෆේස්බුක් හි කරක් ගසන පඩංගු මාජ්ජවේජී හැතිකරයක් ද ඉන්නවා ය. මොකක් හරි හුත්තක් ෆේස්බුක් එකේ මාතෘකාව වූ සැණින් උං කරන්නේ ගතමන්ට් එකට ඒ රැල්ල උන් හොයාගත්තා වාගේ විකුණන් කෑම ය. හීන් නූලෙන් ගේම ගසා නූල කඩන්නට මේ කැරියෝ අති දස්ස ය.

කණාමැදිරියාට බය එකාට හයි පවර් ෆ්ලෑෂ් ලයිට් එකක් ගැසුවාක් සේ මුං අර පඩංගු මාජ්ජ වල දාන හුත්තවල් වලට මිනිස්සු බිය වැදී බිල්ඩිං පෙරළං දුවනවා ය. ඒකට කලබල වෙන ටෞකණ ආගමිකපකයිත් පොලිසියත් එකතු වී බට කැළේට ගිණිතියා හාවුන් අල්ලනවා ය. මුං ඊට පස්සේ ඒ හම්බවෙන සොච්චමෙන් අම්මටත් හුකා ගෙදර ළමයින්ට කන්න දෙනවා ය.

අන්තිමට ලොවෙත් නැති ආතල්ලෙකකට පොඩි පකයි ටිකකගේ විගඩමකට රටම ගිණිතබා උන්ව දඬුකඳේ ගසා ප්‍රසිද්ධියේ එල්ලා අපරාධකාරයන්ගේ ගොඩට දක්කනවා ය. ඉතිං රට හරක් කවුද කියා මේ ලියන අපිට ටෞඛණ ප්‍රශ්නයක් එනවා ය.

ඒ අතින් බැලූ කල ඉල්ලංකාවම එකම ඛේදවාචකයක් ය.

කියන්නට කිසිවක් නැති ය. කියනවානම් කියන්නට වන්නේ ඔච්චරම තොපේ ඔයි වටිනා කියන හැමෞත්තම වහා කැඩෙන බිඳෙන සුලුයි නම් කරුණාකර බෝල් ගාඩ් එකක් වත් දාගන්න කියා විතර ය. අඩුම තරමේ එතකොට ඇට දෙක වත් ඉතුරු වනු ඇතැයි හිත හදාගත හැකි ය.

© 2018 Pamuditha Zen Anjana

#ජාතිකපුක්පුරශ්නය #පුක්ඛවග්ගය #මොනෞත්තක්දෝයිමේ #ඉල්ලංකාව #පුකපෙන්නලාහිරේගියාවගේ #දැංඅරකහකඩයාසමාවදෙන්නසූජානංලු #බටකැළේටගිණිතියලානිවන්නචූකළාවගේනේද #කුජීතයිනේදසාමීනී #පුකක්ගියදුරක් #රෙනපුකටනීතියහුකයි #පීස්මාවහිරේදාන්නෙපා #හිරකාරයෝපුකේඅරියි #පුකපෙන්නලාපුරාවිජ්ජාවටහානිකරමු #කොමඩිලෑන්ඩ් #මොනෞත්තෙවිහිළුදෝයිමේ #පුකරංගල #lka

එල්ලලා මරමු

මීට අවුරුදු බරගාණකට කලිං(එච්චර බරත් නෑ හැබැයි), ඒ කිව්වේ මං ඉස්කෝලේ යන කාලේ, (ඉස්කෝලේ ඉගැන්වීම සෑහෙන හොඳ නිසා ගිය) ටියුෂන් පාරක් ඉවරවෙලා (ගණන් ක්ලාස්සෙකක්ද කොහෙද) ගෙදර ආවා මහදවල්.

එදා හොඳට ඉර පායලා තිබ්බ, හුළං එහෙම හොඳට හමපු, කාස්ටක දවසක්. එහා පැත්තෙ තාප්පෙ වහලා හිටපු කාක්කො ටික ක්‍රාක් ක්‍රාක් කියලා යටිගිරියෙන් කෑ ගහලා මට වෝනිංස් එකක් දුන්නට මං නෙමෙයි ඒක පඩේකට ගණන් ගත්තෙ. ගෙදර කවුරුත්ම හිටියේ නැති තැන මං අම්මට කෑගහන එක නවත්තලා හොර ක්‍රමේට දොරත් ඇරං ඇතුළට ගියා.

ඇතුළට ගිහිං පුරුදු පරිදි අතේ තිබ්බ පොත්ටික කෑම මේසෙට විසික්කරං කාමරේට රිංගද්දි දැක්ක දර්සනෙං මං තක්බීර් වෙලා ගියා.

අල්මාරිය හූයි ගාලා ඇරලාදාලා, ඒකෙ තිබ්බ බඩු ටික ලෝකෙ වටේ විසික්කරලා තිබ්බා. කාමරේ ලයිට් දාලා තිබ්බෙ නැති නිසා කළුවරයි. කළුවර කාමරේට බෝම්බයක් ගහලා වගේ. මං ඒත් හිතුවා අම්මා අල්මාරිය අස්කරංඩ අරංවත් ද කියලා. කෝකටත් කියලා විපරම් කරාම, මං දැක්කා…

මං දැක්කා කොණක තිබ්බ අල්මාරියත් බිත්තියත් අතරමැද්දෑවෙ කළුවර හිඩැසෙං මං දිහා බලං ඉන්න ඇස් දෙකක්.

නෑ නෑ හුත්තො, හොල්මනක් නෙමෙයි, ටහුකන්ඩ කැරි හොරෙක් කාමරේ අස්සේ කියාංකො.

කොල්ලා සට සට ගාලා මොළේ කල්පනා කරලා නොදැක්කා වගේ එළියට ආවා. මේං අර කැරියා මං ඌව දැක්කද කියලා සුවර් කරගන්ඩ හරි, මාව ගෙන්නගන්ඩ හරි අල්මාරියට අතිං ගගහා බිට් එකක් ගහනවා කියහංකො. (ඔව් ඔව් උඹලා හිතුවා හරි, මං ඒකට රැප් කළා ටහුකන්ඩ)

වටපිට බලලා ආයුධයක් දෙකේ දෙකේ පොල්ලක් නැති තැන මේසයක් උඩ තිබ්බ කතුරක් අරං පුකේ තිබ්බ ගට තනට අරං “එළියට වරෙං කැරියෝ!” කියලා කෑ ගැහුවට මූ නෙමෙයි එළියට ආවේ.

මේ කෝම්පිට්ටුපොන්නයා තාම අල්මාරියට තට්ටුව දාං බීට් එක ගහනවා.

එහා ඟෙදර ඩයල්ලෙක පොලිසියේ. (නෑ නෑ ඇත්ත පොලිස් නෙමෙයි, ට්‍රැෆික් ඕඅයිසී කෙනෙක්) පොර දවල්ට ගෙදර. මං ටාර් ගාලා එළියට ඇවිල්ලා උගෙ ගෙවල් පැත්තට දිව්වා. උගෙ යාළුවෙක්ද කොහෙද බැල්කනියේ චිල් එකේ හිටියා. මං ඌට සීන්නෙක කිව්වම පොර චිල්ලෙකේම පහළට ආවා.

ඌ එනකං මට පහළ පොල්ගාන්න බැරි නිසා මං සුටුස් ගාලා ආයේ අපේ ගෙවල් පැත්තට යද්දි මෙන්න මේ බෝල්ට්කැරියා සර්ට්ටෙකකුත් නැතුව පුල් ටොප්ලස් එකේ සේප් න්‍යායෙං පස්සෙ ගේට්ටෙකෙං මාරු වෙනවා. පස්සෙං දුවලා ගිහිං බෙල්ලෙං අල්ලගත්තම මේ වම්බටුහුකන්නා මගෙං ගේම ඉල්ලනවා කියාංකො.

“ඇයි මේ? ඇයි මොකද? මාව අතෑරපං” (නෑ නෑ වනචරයා කිව්වෙ නෑ, හින්දි ෆිල්ම්මෙකක් කියලා හිතුවද?)

“ඈ පකෝ තෝ ගේ අස්සෙ ඉඳං එළියට දුවලා දැං හොකද කියලා හාන්නේ?”

“මොන ගෙදර ද? මාව අතාරිනවා ඕයි!” (ඌ බබානෙ, මං ඌව නැළෙව්වා)

“හොරකං කරලා තව බබාහුකුං වෙන්නත් යනවද හුත්තො?”

මේ වෙද්දි ගෙවල් පැත්තෙ දෙතුන් දෙනෙක් සීන්නෙකට එන්ටර් වුණා. ඒකෙං ඌ සැලෙන්ඩර් වුණා. ගේම ඥරු ඥුරුවක් වුණා. වටෙං පිටෙං ආපු සෙට්ටෙක අරූට සබ්බුවක් දෙන්න හැදුවත් මං ගහන්න දුන්නෑ. (අපි හැමදාම හුක්තිය හාදාරණය වෙනුවෙන් පෙනී හිටිය කොල්ලො හරිය?)

අර කලිං කිව්ව පොලිසියෙ ඩයල්ලෙකත් චිල්ලෙකේම කලබලයක් නැතුව ඒ පැත්තට ඇවිදං ආවා. පස්සේ පොලිසියට කෝල් කරලා වන්ඩිය බැස්සම ඒකෙම එච්ච්රවෙලා ඔරව ඔරව හිටපු අරූවත් රෝල් කරලා බිම ගහලා, මාවත් සීන්නෙක හරියටම කියලා එන්ට්‍රියක් දාගන්න ඕන කියලා සීට්ටෙකක වාඩි කරගෙන සෙට්ටෙකම ගියා දෙමටගොඩ පොලිසියට.

නවත්තපු සෙනිකවම පොලිසියේ උං ටික ජීප්පෙකෙං බැහැලා අරූව වඩාගත්තා, මගෙ අම්මනා කැටේ කිය කිය පුක අතගගා කෙලිම්ම ඇතුළට එක්කං ගියා, මට එළියෙ පුටුවක ඉඳං ඉන්න කිව්වා.

පැය බාගයක් විතර ගියා. හෙණ ඩොටේ පැත්තකිං ඇහෙනවා හීනෙං වගේ,

“බුදු අම්මෝ මහත්තයෝ ගහන්න එපා! බුදු මහත්තයෝ එපා! අම්මෝ!’

කියලා සද්දයක්.

වන්ඩියේ පස්සෙ සීට්ටෙකේ හිටපු කොස්තාපල් බුවා ආවා,

“මල්ලි එන්නකෝ මේ පැත්තට”

මාත් පස්සෙං ගියා.

අපි ගියේ ක්‍රයිම් සෙක්ෂන් එක පැත්තට. ඉස්සරහට යන්න යන්න අර ඩොටෙං ඇහිච්ච සද්දෙ එන්න එන්න වැඩිවෙනවා.

“බුදු අම්මෝ! ඇති! අම්මේ! එපා!”

අපි ඇතුළ් වුණේ පොඩි කාමරේකට. මැද්දේ අර අටපට්ටංකැරියව වෙසක් කූඩුවක් වගේ රෝල් කරලා කකුලෙ ඇඟිලි වලිං එල්ලලා තිබ්බා. වටේ ඉන්න පොලිස්කාරයෝ දෙතුන් දෙනෙක් බැටන් වලිනුයි, ක්‍රියේටිව් බැටන් වලිනුයි(ඒ කිව්වේ වැලි පුරවපු එස්ලෝන් බට) අරූට (වැඩියෙම්ම උගෙ පුකට, මොකද වැඩිය පාරවල් හිටින්නැල්ලු, මානව හිමිකම්නෙ!) ආදරේ කරනවා. ආදරේ වැඩි කමට ඌ මෙරිගෝරවුන්ඩ් එක වගේ කැරකි කැරකි බලනවා. මාව දැක්කම උගෙ කෑගැහිල්ල වැඩි වුණා. (ඌ හිතන්ඩැති අල්ලපු වෙලාවෙදිත් නෙළන්න දුන්නැති නිසා මං වැඩේ ෂේප් කරයි කියලා, පකතමා, ඌට හොරකම් කරන්න පුළුවං වගේ තමයි මට ඒ ආතල්ලෙක ගන්නත් පුළුවං!)

පොලිසියේ ඩයල් ටික දැං අරූට ආදරේ කරන ගමං අහනවා ගත්ත දේවල් කියපං කියලා. මූ වෙන මොකුත් ගත්තේ නෑම කියනවා. අරුං ඉතිං තව තව ආදරේ කරනවා. ඕක ඔහොම විනාඩි කිහිපයක් රිපීට් යන අතරේ අර කොස්තාපල් බුවා මාව ඕඅයිසීව බැහැදැක්කුවා.

ඕඅයිසී අරූගෙ සාක්කුවෙ තිබ්බ හුත්තවල් ටික මේසෙ උඩිං තියලා අපේ ගෙදර අයිටම්ස් ටික අඳුරගන්න කිව්වා.

අනේ ඉතිං අපි හෙණට සල්ලි තියෙන පාරම්පරික වවුල්-සොරි- වලව් කාර පොෂ් ඩයල් නිසා මූ පැය ගාණක් අල්මාරිය හාරලා හාරලා හොයාගෙන තියෙනවා අපේ අම්මා ඒ කාලේ ඉඳං එකතු කරපු පරණ රුපියල් දහයෙ විස්සෙ පණහෙ සීයේ නෝට්ටු හත අටකුයි, පරණ කාසි දහයක් පහළවකුයි, තව පරණ පත්තර කෑල්ලකුයි.

මං අර සෙට්ටෙක පෙන්නලා ඒවා අපේ ගෙදරිං ගත්තෙව්වා කිව්වම ඕඅයිසී ඒ ටිඅකයි අර පත්තර කෑල්ලයි දුන්නා. මං පත්තරේ දෙපාරක් උඩිංපල්ලෙං බලලා රිටන් කළා ඒක අපේ නොවෙන නිසා. ඕඅයිසී ඒක දිගෑරලා බැලුවම ඒකේ මොනා හරි ඉටි වගේ සීන්නෙකක් තියෙනවා. බලද්දි අර අම්බස්ථලකැරියා කලින් දවසක කාපු කණේ පාරක ආෆ්ටරිෆෙක්ට් එකක්, කණෙං ඉටි එනවා. ඒ ඉටි පිහිදාපු කොළේ කියාංකො. (ඒක ඉතිං සංරක්ෂණය කරන්නයැ, විසික්කළා ඒ වෙලේම)

පස්සේ ඕඅයිසී ඉතුරු වැඩේ බලාගන්නං කියලා මට එන්ට්‍රි එක දාලා යන්න කිව්වම මං එළියට ඇවිත් එන්ට්‍රියත් ලියලා ගෙදර යන්න හදද්දි අර කොස්තාපල් බුවා එනවා හිනාවක් දාගෙන.

“මොකෝ අයියේ සීන්නෙක? අරූට දැං මොකද කරන්නේ?”

“ආ තාම වැඩ මල්ලි, ඔය හැත්ත එළියෙ හිටියම ආයේ හොරකමේ යනවා. අපිට මළ වාතේ. මේක ලොකු හොරකමක් නෙමෙයි නෙ. ඇතුළට දාන්න මදි. පහුගිය සතියේ ඔය මාළිගාවත්තෙං එහෙම ආපු හොරකං එන්ට්‍රි දෙකතුනක් උගෙ පිට දාලා, ඌව මාස තුන හතරකට ඇතුළට දානවා.”

“අම්මටහුඩු, එහෙමත් සීන්නෙකක්ද?”

“ඔව් මල්ලි, අඩුම තරමේ ඒ මාස තුන හතරේ හරි ඌ හොරකම් කරන්නෑනේ”

“ආ ඔව් නේ. මං එන්නං අයියේ තෑන්ක්ස්!”

මං ඉතිං ගෙදර ආවා.

© 2018 Pamuditha Zen Anjana

මං දැන් ලොකු ළමයෙක්

එතකොට මං පොඩියි. ස්වයං වින්දනය කියන වචනය වත් තේරෙන්නේ නැති කාලේ මම ස්වයං වින්දනය අත්හදා බලමින් හිටියා. මෙන්න යකෝ එක පාරටම අමුතු හැඟීමක් එක්ක මොනාද එකක් එළියට ආවා. බය වෙච්ච පාර මම ආයේ කවදාවත් මොකුත් නොකරම ඉන්න තීරණය කරා.

කුතුහලය නිසාම වගේ එදා ගේම් එකක් ගහන්න ගෙදර ආපු නෑදෑ අයියා කෙනෙක්ට සීන් එක අමාරුවෙන් කියලා උපදෙස් ඉල්ලුවම පොර හිනා වුණා. හේතුවක් නොකියාම මට කාමරේටම වෙලා ඉන්න කියපු අයියා එළියට ගියා.

රෑ වෙද්දි කාමරේ ඉන්න බැරි කමටම දොර රෙද්ද අස්සෙන් ඔළුව එළියට දාල බලපු මට පෙනුණේ අයියා ඒ වෙලාවෙද කොහෙද වැඩ ඇරිලා ගෙදර ආපු අපේ තාත්තත් එක්ක හිනා වෙවී මගේ කාමරේ දිහා බල බල මොනාද කතා කරනවා. තාත්තට සීන් එක කියනවද කොහෙද දැන් නම් ගුටි කන්නත් වෙයිද දන්නේ නෑ. මම ඇඳට නැගලා රෙද්දෙන් ඔළුවේ ඉඳන් පෙරවගත්තා.

ටිකකින් තාත්තා කාමරේට ඇවිත් මට කතා කරා. රෙද්ද මෑත් කරලා බැලුවම අයියත් ඇවිල්ලා. මම ලොකු ළමයෙක් වෙලාලු. දැන් වගකීමෙන් වැඩ කරන්න ඕන කාලේලු. දවස් හතක් යනකම් කාමරෙන් එළියට බහින්න නාන්න කරන්න එපා ලු. ගෑණු පරාණයක් දකින්නත් හොඳ නැල්ලු.

එතැන ඉඳන් දවස් හතක් යනකම් කාමරේට කෑම ගෙනාවේ තාත්තයි අයියයි. පොත් පත්තර කාමරේට ලැබුණා. හත්වෙනි දවස ළං වෙන්න ළං වෙන්න ගෙදරට කට්ටිය එන එක වැඩි වුණා. අපේ නෑදෑයෝ ගොඩක් ගෙදරට ඇවිල්ලලු. මගේ කාමරේට ඉතින් මාමලයි බාප්පලයි අයියලා මල්ලිලා එහෙම ඇවිල්ලා ගියා. හත්වෙනි දවසේ මට පාටි එකකුත් දානවලු. ඒක නම් මොනා වුණත් හොඳයි.

කවුරුත් නැති වෙලාවට අපේ නෑදෑ අක්කලා නංගිලා එහෙම මගේ කාමරේ ජනේලේ ගාවට ඇවිල්ලා එක එක විහිළු කරලා දුවනවා. මට ඒ හැටි තේරුමකුත් නෑ මොකද්ද වෙන්නේ කියලා.

හත්වෙනි දවස උදාවුණා. උදේ පාන්දරම තාත්තයි මාමලා සෙට් එකයි කාමරේට කඩා වැදිලා මාව ඇහැරෙව්වා. ඔළුවේ ඉඳන් රෙද්දක් පොරවලා ගේ මැදින් මාව පිටිපස්සේ ළිඳ ගාවට ගෙනිච්චා. කට්ටියම එකතුවෙලා මාව හොඳට නෑව්වා. වතුරට වතුසුද්ද මල් එහෙමත් දාලා තිබ්බා. මොනාද මොනාද චාරිත්‍ර ටිකකුත් කියලා දේවල් ටිකකුත් කළා.

ආයේ පාරක් මට උපදෙස් යමරෙට ලැබුණා. එදායින් පස්සේ ඉන්න ඕන විදිහ හැසිරෙන්න ඕන විදිහ අරක මේක ඔක්කෝම කියලා දුන්නා. මාව සුදු රෙද්දකින් පොරවගෙන ගේ ඇතුළට එක්ක ගියා. කාමරේ තිබ්බ අළුත් ඇඳුම් ටික අන්ඳවාගෙන මාව සාලෙට එක්කගෙන ගියා.

සාලේ නිවෙන පත්තුවෙන ලයිට් දාලා රසට කෑම මේසයක් එහෙම ඇරලා එකෙන්ම උත්සවශ්‍රීයක් තිබ්බේ. අපේ නෑදෑයොයි පවුලේ හිතවතුන් ඔක්කෝම වගේ හිටියා. ඔක්කෝම මගේ දිහා බලාගෙන හිටපු නිසා මම හෙණ ලැජ්ජාවට පත් වෙලා හිටියේ.

වැඩිහිටියෝ හැමෝටම මට වඳින්න වුණා. හැබැයි ඒ හැමෝම මට එක එක තෑගි බෝග එහෙම දුන්නා. ඒ හින්දා මට ඒකේ ලොකු අවුලක් තිබ්බේ නෑ. කොහොමින් කොහොම හරි එදා තමයි මම ලොකු ළමයෙක් වුණේ. පිරිමියෙක් වුණාම හැසිරෙන්න ඕන විදිහ මට එදා තේරුණා.

~ සමාන්තර විශ්වයක තරුණයෙක් විසින් එවන ලද්දක් බව සළකන්න.

© 2016 Pamuditha Zen Anjana

බ්ලොක්කරහං පුක!

දැන් මෙහෙමයි ඉතිං,

ඔය යහපාලනෞත්තලා හිතං ඉන්නවනං සද්ද නැතුව ෂේප්පෙකේ මේ සෝෂල් මීඩියා බ්ලොක්කෙක මෙහෙමම දිගටම කන්ටිනියු කරන්න පුළුවං කියලා, මට කියන්න තියෙන්නේ, තොපිට පුකේ ඉඳං පිස්සු කියලා තමයි.

පුළුවං තරං අරක නෑ, මේක නෑ, පුක නෑ, හිල නෑ, නිදහස නම් මේ ය, මහින්ද ආයේ එන්නේ තොපිට පුකේ අරින්ඩ ය, උන්දැ ආයේ ආවොත් භාෂණයේ නිදහස (ඒ කිව්වේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස) නැතිවෙයි, ෆේස්බුක් නැතිවෙයි, අපටතොපට අඩි හයක් වළපල්ලේ යන්න වෙයි, අපි ආවොත් ඔව්වා සුම්මා ය, තොරතුරු දැනගැනීමේ නිදහස ප්‍රතිස්ථාපනය කරනවා ය, ඒ නිසා අපිට පුකත් දෙන්න, කෙළත් දෙන්න, මස් රාත්තලත් දෙන්න, ඒකාධිපයිවාදය, පවුල් පාලනය ඉවරකරලා, සුරංගනාලෝකේ හදන්න දින සීයකට රට දෙන්න ය කියලා, නාහෙන් අඬලා බලයට ඇවිල්ලා තාම අතේගගහා ඉන්නවා කරපුත්තක් නෑ.

මං දැක්කා කොහෙදෝ මංදා කවුද මීහරකෙක් දෙන්නෙක් ලියලා තිබ්බා, බ්ලොක්කෙක දාපු නිසා වර්ගවාදය, ජාතිවාදය සහමුලින්ම නැවතුණා කියලා. බීලදෞත්තෝ? එහෙම නවත්තන්න පුළුවන්නම් අම්මෝ පට්ට, බුදුඅම්මෝ මරු, සංතානම් අපුච්චේ සිරානේන්නං ටෞකණ්ඩ.

එහෙම නවත්තයි පකක්!

බ්ලොක්කෙකෙං වුණේ ඔය වර්ගවාදී, ජාතිවාදී පොල්කුඩුපකයෝ ටික සංවිධානය වෙන එක තාවකාලිකව යම් තාක් දුරකට අඩු වුණ එක. (මේ හුත්ත නෑයි කියන්නෙපා, එහෙම වුණා, ඒක මං පැහැදිලිවම දැක්කා) දාස් ගණන් ෂෙයා වෙච්ච පේජ්, පෝස්ට්, දාස්ගණන් වැටිච්ච කමෙන්ට් අනන්මනන්, අරෙහෙට වරෙං මෙහාට වරෙං එහෙ ගහනවා, මෙහෙ ගහනවා, සිංහල කොල්ලො කෝ හුත්තො, වස්තු මට බඩු යන්න වගේ, කියලා දාපු පෝස්ට්වලිං බාගෙට බාගයක් සෑහෙන කාලෙකට පාලනය වුණා. (දැං එන්නෙපා අසූතුනේ සංවිධානය වුණේ එහෙමද කියාගෙන පුකදෙන්න. අසූතුනේ එහෙම නොවුණට මේ දෙදාස්දාඅට, මේ කාලේ මාස් එකකට සංවිධානය වෙන්න තියෙන ප්‍රධානම සහ සරළම ක්‍රමේ සෝෂල් මීඩියා තමයි, නෑමයි කියනවනං පුක දියං) ඒ කියන්නේ මේක නැති නිසා වෙන ක්‍රමවලිං සන්නිවේදනය කරගන්න උන්ටත් සිද්ද වුණා. ඒ ඇරෙන්න වුණ වෙනෞත්තක් නෑ. ඒකත් මේ රජය ගෙන යන බූරුවන්ට නීතිය හරි හැටි යොදවන්න ගැටළුවලට විසඳුම් දෙන්න බැරිබැරියාව නිසා අතීසාරෙට ගහපු අමුඩයක් මිසක් නිවරදි විසඳුමක් නෙමෙයි.

හැබැයි දැන් මේ සුදුරෙදිපොන්නයෝ හදන්නේ ඒකෙන් මේ බ්ලොක්කෙක සාධාරණීකරණය කරගන්න. ඈ හුකන්නෝ, තොපි හිතුවද අපි ඉබ්බෝ කියලා? අනික තොපි හිතුවද සෝෂල් මීඩියා, අන්තර්ජාලය කියන්නේ සදාකාලිකව පාලනය කරන්න පුළුවං හත්පත්තුව වගේ හුත්තක් කියලා? තොපි හිතුවද මේකේ ඉන්නේ කරත්ත ඇදං ගමං යනෞන් විතරයි කියලා?

ආණ්ඩුවෙ එකෙක් කියලා තිබ්බා ෆේස්බුක් බ්ලොක් එක ලිෆ්ට් කරලා නැත්තෙ තාම ජාතිවාදි පෝස්ට් පෙට්‍රල් බෝම්බ හදන හැටි ගැන තියෙන පෝස්ට් අනං මනං ෆේස්බුක්කෙකෙං අයිං කරලා නෑ, ඒවා අයිං කරනකං ඉන්නේ බ්ලොක් එක ලිෆ්ට් කරන්න කියලා. අනේ හුත්තො, තොපියි මායි දන්න සෝෂල් මීඩියා. තොපි චීනෙං හරි මොන තූත්තුකුඩියකින් හරි ගෙනල්ලා මෙහෙට හදන්න දතකන සෝෂල් මීඩියෞත්තක් ගැන ආරංචියකුත් ආවා. තොපි හිතං ඉන්නවනං එහෙම හදලා අපිව මොනිටර් කරන්න පුළුවං කියලා, ඉතිං තොපේ දැනුම ගැන පුකෙං හිනා.

යකෝ, යම්තාක් දුරකට ඉන්ටනෙට් එකේ ඔබලාකරලා අතපතගාලා දෙයක් හොයාගන්න දන්නෞත්තලට පුළුවං ඔව්වට විසඳුම් හොයාගන්න. මේ වීපීඑන් කියන්නේ සරළම ස්ටෙප්පෙකක් විතරයි. ආණ්ඩුවිරෝධි කතා, ජාතිවාදී කතා, වර්ගවාදී කතා අරවා මෙවුවා දාන්න තියෙන්නේ සෝෂල් මීඩියා විතරක් නෙමෙයි. මේක නැත්තං වෙන ඔප්ෂන් ඕනතරම් තියෙනවා. එහෙම නවත්තන්න පුළුවං හුත්තවල් නෙමෙයි මෙවුවා. තොපි මෙවුවා බ්ලොක් කරොත් මීට වඩා භයානක ක්‍රම වලට, ඔප්ෂන් වලට, සංනිවේදන ක්‍රම වලට මිනිස්සු තල්ලු වෙයි. එතකොට එන ප්‍රශ්න වලට තොපි වගේ බූරුවන්ට විසඳුම් හොයන්න වෙන්නේ දෙකට නැමිලා පුක අස්සේ ඔළුව ඔබාගෙන තමයි.

හරි විදිහට ප්‍රශ්න වලට උත්තර හොයපං. නීතිය හරියට ක්‍රියාත්මක කරපං. ඔව්වා ඉබේම විසඳෙයි.

ඉස්සරහටත් ටොපි දෙන්නෝනනං දීපං. ටික ටික මිනිස්සු ටොපි සුප්පද්දි, ටොපි දියවෙද්දි, නීරස වෙද්දි, ටොපි එපාවෙන කාලයක් එයි. එදාට තොපිට දුවන්න වෙන්නේ ටොපිකොළ නැතුව. පුක අතගාලා බලපං අං ඇවිල්ලද කියලා, ගොං හැත්ත.

© 2018 Pamuditha Zen Anjana

ප.ලි. – දැං එන්න එපා රජයෙන් බ්ලොක් කරලා තියෙද්දි වීපීඑන් දාගෙන ෆේස්බුක් එන එක නීතිය කඩකිරීමක් කියන්න. එහෙම නීතියක් කොහෙදෞත්තො තියෙන්නේ? එහෙම තියෙනවනං ජනාධිපතිටයි අගමැතිටයි මුලිං ඒක ක්‍රියාත්මක කරලා ඉදපං. නැත්තං වැඩක් බලාගෙන ෆකෝෆ් බ්‍රෝස්.

#freedomofspeech #kandy #stateofemergency #lka

පපඩම්

ඇතුළත. ඩයිනෝසර හෝටලය, අම්පාර – රාත්‍රිය

හෝටලය ඇතුළත වටාපිටාව කලබල බවක් උසුළයි.

සිංහලරටජාතිය වැනසීම වෙනුවෙන්ම මෙලොව එළිය දුටු, පපඩම් පිළිබඳ විශේෂ උපාධිධාරී, වයස අවුරුදු 30ක වෙලෝසිරැප්ටරයෙක් වන, අයකැමි වරයා බයාදු ලෙස වටපිට බලමින් කිසිවක් කරකියාගත නොහැකිව සිටියි.

අයකැමි කවුන්ටරය අසළ රැස් කමින් අයකැමි දෙස නියවමින් සිටින මිනිසුන් ගොන්නකි.

වෙලෝසිරැප්ටර පපඩම් පිළිබඳ සහජ ඉවක් සහ බියකින් යුක්ත, ජාතිරක්ෂණ විද්‍යාවේදී විශේෂ උපාධිධාරී, වයස අවුරුදු 35ක සිංහලයෙක් වන, අනුර, තම ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් අයකැමි අසළට පැමිණෙයි.

අනුර
වෙලෝසිරැප්ටරයා, පපඩමක් දැම්මා නේද?

අයකැමි වරයා උඩබිම බලයි.

අනුර
දැම්මා නේද?

පසෙකින් බලා සිටින මිනිසුන් විවිධ විධාන දෙයි.

මිනිසා #1
දැම්මනං කියපං!

අනුර
(අයකැමිගේ උරහිසට තට්ටු කරමින්)
පප — පපඩමක් දැම්මා නේද?

අයකැමිවරයා වටපිට සිට නියවන මිනිසුනට යමක් පවසන නමුත් එය අපට නොඇසේ. පසෙක සිටින මිනිසුන් අතරින් එක් අයෙක් තවත් අයෙක්ගේ පුකේ ඇඟිල්ලක් ගසයි.

මිනිසා #2
ආආආආආහ්?!

අනුර තවදුරටත් ප්‍රශ්න කරයි.

අනුර
මේ-හෝ හෝ. පපඩමක් දැම්මා නේද?

අයකැමි ඔළු බක්කෙක් මෙන් ඔළුව ඒ මේ අත සොළවමින් පිළිතුරු දෙයි.

අයකැමි
ඒක දන්නෑ මොනාද දන්නෑ මහ–

අනුරට හොඳටම කේන්ති යයි. ඔහු අයකැමි වරයාට ඇඟිල්ලක් දිගු කර තර්ජනය කරයි.

අනුර
මේ, උඹ දැං ඉස්සෙල්ලා පිළිගත්තනේ?!

අයකැමි
(මුමුණයි)
මට දන්නෑ. මොනා ද දන්නෑ–

අනුර
නෑ — දැන් — වෙලෝසිරැප්ටරයි දානවනේ?

අයකැමි හිස වනයි.

අයකැමි
හ — දානවා — දානවා.

අනුර
දානවා. දානවා.නේ? රයිට් ඒ ඇති මචං.

තිර පිටපත ~ පමුදිත සෙzන් අංජන
© 2018 Pamuditha Zen Anjana

#අපිනොදන්නවඳබෙහෙත් #අනේනිකංපලයංහුත්තොයන්න #පපඩම් #වෙලෝසිරැප්ටරුත්තෝ #යුද්දේනැතුවපාළුයි #උදේඉඳංහුත්තකෙවනවා #ඔයවඳබෙහෙත්තියෙනඑකෙකෙවපං #මංඕනහුත්තක්කනවාඩෝ #කාලාහුකලාළමයිහදලාඅබෝර්ට්කරලාපෙන්නන්නං #ජාත්යාතල් #මේසැපලෝකේ #ජාතියරකින්නහුකාගෙනහුකාගෙනයමු #ලකේපංකාව #lka

බේබදු දින සටහනක්

මේ අප්පටෞකණ මදුරුත්තගෙ පුතාලා නිසා රූට රූට ලියන එක මළ දෙපිටින් යන වැඩක් වුණාට මේ “ටික” නොලියා ම බැරි ය. අනික එක් එක් නොඑක් ජාති බී බේබදුකමේ ගොස් හත්පොළේ වැදී ඇති හැටියට දැම්ම නින්ද යන පාටක් ද නැති ය. කෙසේ වෙතත් මේක අර කලින් දවසේ දැමූ “මංගල කරනවා, සිරා එපා කියනවා” යන ස්ටේටස් එකට නෑදෑකම් කියන්නක් නිසා කියවන්න පුකේ අමාරුවක් නැති ඈයෝ දැම්ම කරුණාකර පැත්තකට වෙන්න ය. ඒත් එක්කම කුණුහරුප දැක්කම පුකේ රිංගන අලි නහයෙන් එනවා වුණත් අමාරුවෙන් තාමත් සුරුස් සුරුස් ගගා ඉහළට අදිමින් කියවන ත්තගෙපුතාලයි හෑෂ්ටැග් නැතුව කෑම එපා ඇට්ටිම්බොයි අනික් පැත්තට වුණානම් හොඳ ය.
 
එක්තරා නල්ලමලේ නෙල්ලිකැලේ රටක ඉන්න හරකාධිපති ඉඳන්ම පාරේ කුණු කන හරකුත්තලා දක්වා ඔක්කෝටම පුකේ ඉඳන්ම පිස්සු ය. කොච්චර පිස්සු ද කියනවානම් උන් කොච්චර හරක් නීතියක් වුණත් පුකේ ඉඳන්ම ගෞරවයෙන් වැඳගෙන කරගෙන උම්බෑහ් කියාගෙන පිළිපදිනවා ය. ඉඳහිට එන හරකෙක් හොඳ තණකොළ ටිකක් හොයාගන්නට කියා නවසීලන්තය වගේ පැතිවලට පියාසර කරන කොක්කුන්ට ආතල් දෙනවය කියා නීති වෙනස් කරන්නට කැලෑ පත්තරයක් ගැසූවිට (ඇයි කියලා අහන්නේ, ඇයි හුත්තො කොක්කුන්ට කියලා නවසීලන්තයේ පොෂ් හරක් කන හොඳවයින් තණකොළ ගෙන්නගන්ඩ පුළුවන්නේ) හරකාධිපති එය තමන්ගේ පුකේ ඇලවූ පෝස්ටර් මගින් කියවා “හෝව් ත්තගේපුතා, ඒම කරංනේ කෝමද හිටං? ටඉකේ!” කියා ගෝරනාඩු කර වල්ගය අතට ගන්නවා ය. උන්දැගෙ වල්ගය කපා ඇති නිසා එය ගේමක් නැතුව අතට ගත හැකි බව සළකන්න ය.
 
කෝම වුණත් කියන්න ආපු එක කියන්නෝන ය. හැමදාම වගේ වැදිලා ඉන්න වෙලාවට ලියන්න ගියාම ලියන්නේ වෙන වෙන ටකරංපයි කතා ය. මේ පේනවනේ? ය.
 
ලියන්නා දන්නා කල සිට හොඳට බොන බලවත්- ආ සොරි – ඒගොල්ලා දුර්වලයි – බවලත්! බවලත් උදවිය ඕනාවට වඩා දැක තිබේ ය. ඕනෑ තරම් ඒ ඇත්තන් සමග බීලා ද ඇත්තේ ය. බොනවා කිව්වෙ වතුර හෝ ජූස් හෝ පැණි බීම නොවේ ය. අරක්කු, කසිප්පු, විස්කි, බ්‍රැන්ඩි, වොඩ්කා, රම්, බියර්, වයින්, සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේ රමණී ය. හැබැයි දන්නා කාලෙක නම් ලියන්නා පාර අයිනේ තියෙන වයින් ඉස්ටෝරුවක පෝළිමේ ගෑණු ඉන්නවා නම් දැක නැති ය. ඒ වගේම වයින් ඉස්ටෝරුවක වැඩ කරන ඉටිකිරිස් ලලනාවන් ද ලියන්නා මෙතුවක් කල් දැක නැතුවා ය. හැබැයි රෙස්ටොරන්ට්, බාර්, පබ්, නයිට් ක්ලබ්, කැරෝකි ක්ලබ් වල නම් ඉටිකිරිස් කෙසේවෙතත් ලලනාවන් නම් ඉන්නවා දැක ඇති නිසා අහවල් නීතිය ගැන ඇහුණාම පුක හයියෙන් හිනා වෙනවා අසා ජබර කලන්තයක් ද හැදුණ බව ලියන්නාට මතක ය. ඒ සමහරක් විට බාර් වලට එන දුප්පත්තගේ පුතාලා වගේ නොව අරෙව්වට එන්නේ සල්ලි තියෙන හෝ කොහෙන් හරි හොයාගත් සල්ලි අතපත ගාන ඉංගිරිස් පොඩ්ඩක් තොලගාගන්ඩ පුළුවනුත්තලා නිසා ද කියා තේරෙන්නේ නැති ය.
 
කකුල් දෙක මැද හුත්තක් තිබෙන හා එසේ නොමැතිවුව ද පෙළක් විට තමන් කාන්තාවක් කියා හඳුන්වාගන්නා මිනිසුන් තමන්ගේ අප්පටෞකණ සල්ලිවලින් තමන්ට ඕනෞත්තක් ඕන තැනකින් ඕන විදිහකට අරගෙන බොන්න බැරි නම් පුකේ ඔබාගත් කල, ඔය කැසිල්ල හැදිලා නළියනෞත්තගෙ පුතාලගේ පුකේ හිල් හැදෙනවා ද එසේත් නැතිනම් ජිල්බෝල ගසන විට ටකස් ටකස් ගා එකිනෙක වදින ජිල් මෙන් ඇටදෙක එකිනෙක වැදී තදබල බොකබරක් වගේ එකක් හැදිලා කක්කුස්සියට දුවනවා ද කියා ද ලියන්නාට ඒ හැටි තේරුමක් නැති ය.
 
ඔය පොළොවෙං මතු වී, සරං ඇඳ, අළු පිම්මක් ගසා, ඇට්ලස් චූටි පෑන පුකේ ගසාගෙන ඉන්නා, සරළ ඇත්තලාට, ගමේ රා කට්ටක් ගැසූ අත්තම්මලා අමතක වුණාට ලියන්නාට නම් එවුවා හොඳට මතක ය. ඒ නිසා ඔය මොංගල් චින්තනේ අතෑරලා දැංවත් 2018ට එන්ඩ කියා උන්දැලාට ආරාධනා කොරංඩ කැමති ය.
 
කොහොමහරි ඔය කාන්තාවෝ කියන මනුස්සයොන්ට බොන්ඩ ඕනම නම් හිතවත්, නෑදෑ, දන්නා හඳුනන, කකුල් දෙක මැද්දේ ලම්බවක එල්ලෙන පයියක් හා ඇටදෙකක් ඇති/නැති, තමන් පිරිමි යනුවෙන් හඳුන්වාගන්නා උත්තමයෙක්ට පසඟ පිහිටුවා වැඳ, අහළ පහළ ගෙවල් වල පිරිමි උත්තමයන්ගෙනුයි, ගමේ වැඩිහිටි අයවලුන්ගෙනුයි, පන්සලේ, පල්ලියේ, කෝවිලේ, මස්ජිදේ වැඩ ඉන්නා අහවල් උත්තමයන්ගෙනුයි (උනුත් පිරිමි තමා මගෙහිතේ, මෙහෙණි ඈයො කවුන්ට් වෙන්නෑ ෆො ඔබ්වියස් රීසන්ස්), ඉස්කෝලේ ප්‍රින්සිපල්ගෙනුයි, ග්‍රාමසේවකගෙනුයි, බාර් හිමි සාමවිනිසුරු මහත්තැන්කෙනෙක්ගෙනුයි ගත් අවසර පත්‍රිකා සමග හැඬූ කඳුලින් යුතුව බැගෑපත්ව අයැදුම් කර, පොළොවේ පස් කා, හිඟා, ගෙන්නගෙන බොන්ඩ බොන්ඩියේ ය. එහෙම නැතුව බොන්ඩ හීනෙකින් වත් හිතන්ඩවත් එපා ය.
 
ඇයි කියා අහන්නේ හුත්ත, බෞදියේ එහෙම තමයි තංකුඹුපකිණියේ, ඔය බිජ්ජ තේරෙන්නැද්ද? ය. එහෙම ගෑණු බොන්න ගත්තොත් දෙදාස්පන්සීයේ හඩුරෙද්ද ගැලවිලා මේ රටේ සංස්- අප්පටෞකණ්ඩදාලා එක්කෝ ඕන්නෑ මඟුල, හැමදාම එකම බයිලේ කියලා ලියලා අපිට ද ඇති වෙලා ය!
 
ඔය මොකුත් නැතුව එදා ඉඳන්ම බොන බවලත් උදවිය ඉන්නවනම් ඒ විදිහටම ඉස්සරහටත් බොන්ඩ ය. ඔය නීති තිබ්බා නැතා කියලා එවුවා නම් නැවතුණේ ද නැත, ලොවෙත් නවතින්නේ ද නැති ය. එවුවා හඳේ ය. සුම්මා ය. පිස්සු පං පං ය. තනියම බොන්ඩ කම්මැලි නම් අපිට කතා කරන්ඩ ය. අපිත් හොඳට කන බොන “මිනිස්සු” ය. අදට ඔය ඇති ය. දිග ය. දැං වෙරි බැහැගෙන එනවා ය.
 
ටටා!
 
© 2018 Pamuditha Zen Anjana

නිම්නයක හුදෙකලා වෙමු ද?

ලංකාවේ ෆිල්ම් ඕඩියන්ස් එක බිඳවැටිලා ලු. ඒ කියන්නේ ලංකාවේ ප්‍රේක්ෂකාගාරය ෆිල්ම් බලන්න තවදුරටත් එන්නෑ ලු.

ඔය කතාව අපි දැන් අවුරුදු කිහිපයක ඉඳන් අහමින් ඉන්නවා. සෙට් වෙලා ඉන්න වෙලාවක හරි වෙන වෙලාවක හරි, ෆිල්ම් ගැන කතා කරන්න ගන්න ඕනම වෙලාවක හරි, කතාව පටන් ගන්නේ එතනින්. ඒ කාරණාව වෙනස් කරන්න ඔය හැම වෙලාවකම එක එක අය එක එක විසඳුම් යෝජනා කරනවා. කට්ටියක් කියනවා ෆිල්ම් හෝල් ඩිජිටල් කරන්න ඕන ලු. අප්ඩේට් කරලා හොඳට හදන්න ඕන ලු. ෆිල්ම් මේකර්ස්ලා හදලා අවුරුදු ගණන් හෝල් වලට දාගන්න බැරුව පල් වෙවී පුස් කකා තියාගෙන ඉන්න  ෆිල්ම් හෝල් වලට දාන්න ඕන ලු. තවත් කට්ටියක් කියනවා මිනිස්සු ෆිල්ම් බලන්න එන්නේ නැත්තේ, සල්ලි නැති නිසා ලු. ෆිල්ම් බලන්න එනවට වඩා මිනිස්සුන්ට සල්ලි හොයන්න වැඩ කරන්න වෙලා තියෙන නිසා ලු.

ඔය ඔක්කෝම කතා හරි.

ෆිල්ම් හෝල් අප්ඩේට් වෙන්න ඕන. මිනිස්සුන්ට ආපහු ෆිල්ම් බලන එකේ ආතල් එක තේරෙන්න ඕන. මිනිස්සු හෝල් වලට එන්න ඕන, ෆිල්ම් බලන්න ඕන. විනෝදය වින්දනය කියන්නේ ජීවිතයේ අත්‍යාවශ්‍ය අංගයක් වුවමනාවක් කියලා මිනිස්සුන්ට දැනෙන්න ඕන. ඒත් ඒ ඔක්කෝටම කලින් වෙන්න ඕන වැදගත්ම වැඩක් තියෙනවා. ලංකාවේ හොඳ ෆිල්ම් හැදෙන්න ඕන.

එහෙම ෆිල්ම් හදන හීනයත් එක්ක තමයි අපිට මීට අවුරුදු හයකට හතකට කලින් බූඩිව සෙට් වෙන්නේ.

අපි එතකොට කැමරා අතගානවා. ෆිල්ම් ගැන කතා කරනවා. ඕන තරම් ෆිල්ම් බලලා තිබ්බට ෆිල්ම් එකක් කරන විදිහ වත් ෆිල්ම් එකක් හදන ප්‍රෝසස් එක ගැන වත් අපිට හරියටම අයිඩියා එකක්  තිබ්බේ නෑ. අතට අහුවෙච්ච කැමරාවකින් හිතට එන කතාවක් ෂෝට් ෆිල්ම් එකකින් මුදාහරිනවට වඩා ලොකු වැඩක් අපි කරලා තිබ්බේ නෑ. ඔය අව් අස්සේ බූඩිව සෙට් වුණාම බූඩි එයා ඒ දවස් වල කරපු ෆිල්ම් දෙකක් ගැන අපිත් එක්ක කතා කරනවා. එකක් මාතා. අනිත් එක “නිම්නයක හුදකලාව” එහෙමත් නැත්නම් “Alone In a Valley”. මාතා මේ වෙද්දි දැනටමත් තිරගත වෙලා ඉවරයි.

නිම්නයක හුදකලාව අවුරුදු කිහිපයකට පස්සේ, පළමු වතාවට මැයි දහනමවැනිදා ඉඳන් හෝල් වලට එනවා.

18403524_1427352563954864_5793592492893072782_n

ඇත්තම කතාව වෝ ෆිල්ම් එකක තියෙන ආතල් එකට වඩා අපිට ළඟින්ම සෙට් වෙන ආතල් එක තිබ්බේ නිම්නයක හුදකලාව අස්සේ. අපිට හිතන්න, කතා කරන්න, වාද විවාද කරන්න දේවල් ඉතුරු කරන අපිව පොඩ්ඩක් කරකවලා අතාරින්න පුළුවන් trippy ෆිල්ම් වලට අපි පොඩ්ඩක් වැඩිපුර ආසයි. නිම්නයක හුදකලාව කියන්නේ ඒ ජාතියේ ෆිල්ම් එකක්.

අපි මුලින්ම දැක්කේ කම්ප්ලීට් වෙච්ච ෆිල්ම් එක නෙමෙයි. අපිට මුණ ගැහුණේ ඒ දවස් වල තිබ්බ දිග ට්‍රේලර් එක සහ එඩිට් එකේ තැනින් තැන අපිළිවෙලකට පෙන්නපු විෂුවල්ස් ටිකක්. මේ මීට අවුරුදු හතරකට පහකට වගේ උඩ දි. අපි ඒ මුලින් දැකපු විෂුවල්ස් ටිකෙන් ආපු ෆීල් එකත් එක්ක සෑහෙන සර්ප්‍රයිස් වුණා මේ වගේ වැඩක් ලංකාව ඇතුළේ කෙරුණ එක ගැන. ඊට පස්සේ තරමක කාලයකට කලින් කම්ප්ලීට් වෙච්ච සම්පූර්ණ ෆිල්ම් එකම බලද්දිත් ඒ සර්ප්‍රයිස් එක (බූඩිගේ මුල්ම ෆිල්ම් එක වෙච්ච සිහින දේශයෙන් තාම බලද්දී දැනෙන අපූර්වත්වය වගේම අපූර්වත්වයක්) රස නොමැරී ඒ විදිහටම තිබ්බා.

නිම්නයක හුදකලාව කියන්නේ ලංකාවේ පළවෙනි ඩිජිටල් ෂූට් කරපු ෆිල්ම් එක. දැන් වගේ හැම එකාගෙම අතේ කැමරාවක් තියෙන කාලෙක ඒක මහ දෙයක් වගේ නොපෙනුණාට ඒ කාලේ ඇත්තටම මේක ගේම් චේන්ජර් එකක්. එච්චර කල් ෆිල්ම් රීල් වලින් විතරක් ෂූට් කර කර හිටපු වැඩේ ඩිජිටලි කරන්න වගේම, ලේයර්ස් කිහිපයක කතාවක්, නන් ලිනියර් එහෙමත් නැත්නම් අරේඛීය (තේරෙන භාෂාවෙන් කියනවනම් එක පේළියකට එහෙමත් නැත්නම් A to Z ගලාගෙන නොයන) සැකැස්මක් ඇතුළේ, ලංකාව වගේ රටක හැදෙන ෆිල්ම් එකකට ගේනවා කියන්නේ ඇත්තටම චැලෙන්ජ් එකක්. ඒ අස්සේ මේ වගේ ෆිල්ම් එකකට අවශ්‍ය විෂුවල් ඉෆෙක්ට්ස්. කටේ තියන්න බැරි විෂුවල් ඉෆෙක්ට්ස් හැදෙන කාලෙක බූඩි ඒ චැලෙන්ජ් එකත් භාරගෙන තිබ්බා වගේම, හොඳ VFX ටීම් එකක් හදාගෙන ලංකාවේ අනිත් ෆිල්ම් වල විෂුවල් ඉෆෙක්ට්ස් වලට සාපේක්ෂව ඉතාම සාර්ථකව ඒක ඉවර කරලා තිබ්බා.

ෆිල්ම් එක බලන ඕනම කෙනෙක්ට ෆිල්ම් එකේ පුරාවටම එක එක අමුතු දේවල් මුණ ගැහෙයි. රිලේට් කරගන්න පුළුවන් දේවල් වගේම රිලේට් කරගන්න බැරි අද්භූත දේවල්, එක්ස්ප්ලේන් කරගන්න බැරි අපූර්ව ට්‍රිප්, හීන, ජර්නීස් සෙට් වෙයි. ෆිල්ම් එකේ ඉන්න චරිත අපිට එදිනෙදා හම්බවෙන චරිත එක්ක සමපාත වෙයි. නැත්නම්, අම්මටඋඩු මෙහෙම උනුත් හිටියොත් කොහොමද කියලා හිතෙයි. නැවත නැවතත් අපි මුහුණ දෙන යථාර්තය ඇත්තම එකක්ද එහෙමත් නැත්නම් හුදෙක් ඔළුව අස්සේ තියෙන හිතලුවක්ද මායාවක්ද කියන ප්‍රශ්නය නරඹන්නා ඉස්සරහට එයි. ඇත්තටම තමන් කියන්නේ කවුද කියන ප්‍රශ්නය ආයේ ආයෙත් අපි අපෙන්ම අහගන්න පෙළඹෙයි. මේ වෙද්දි දෙතුන් පාරක්ම ෆිල්ම් එක බලපු කෙනෙක් විදිහට, අනිවාර්යයෙන්ම පැය එකහමාරක් දෙකක් පුරාවට නරඹන්නාව අමුතුම ට්‍රිප් එකක් එක්කගෙන යන්න මේ ෆිල්ම් එක සමත් වෙයි කියන විශ්වාසය මට තියෙනවා.

කාලෙකට පස්සේ ෆිල්ම් හෝල් වලට තවත් හොඳ නිර්මාණයක් එකතු වෙනවා. ලංකාවෙ ෆිල්ම් බලන්න හෝල් වලට මිනිස්සු එන්නේ නැති කාලෙක හෝල් වලට ගිහින් අනිවා බලන්න ඕන ජාතියේ ලාංකේය ෆිල්ම් එකක් හෝල් වලට එනවා. සීමිත කාලෙකට සීමිත දින ගණනකට සීමිත ෆිල්ම් හෝල් ගණනකට වගේ සීමා ඇතුළේ මේක රිලීස් වෙන නිසාම, මේ වගේ ෆිල්ම් වැඩි වැඩියෙන් ලංකාවේ හැදෙන්න නම්, වැඩි උනන්දුවකින් ගිහින් ෆිල්ම් එක බලන එක වටිනවා. ලොකු ස්ක්‍රීන් එකක් ඉස්සරහා ඉඳගෙන ඉන්න මිනිස්සු ගොඩක් මැද්දේ නිම්නයක හුදකලාවෙන හැමෝටම මේක ආතල් එක්ස්පීරියන්ස් එකක් වේවි කියන එක මට එකෙන්ම අනිවා ඩෙෆා ෂුවර්.

© 2017 Pamuditha Zen Anjana

 

බූඩි කීර්තිසේනගේ
නිම්නයක හුදකලාව (Alone In a Valley)
මැයි 19 දා සිට

රීගල් – කොළඹ, ලිඩෝ – බොරැල්ල, සිටි සිනමා – ගල්කිස්ස, ලිබර්ටි ලයිට් – කොල්ලුපිටිය, ඇමිටි ලයිට් – මහරගම, විස්ටා ලයිට් – ජා ඇළ, ස්කයි ලයිට්ස් – මාලඹේ, ප්ලාසා – කළුතර, රීගල් – ගම්පහ, ස්කයි ලයිට් – මාතර, එන්. අයි. ටී – කුරුණෑගල, එන්. අයි. ටී – රත්නපුර, නිකාඩෝ – කඩවත, දර්ශන කොස්වාඩිය ඇතුළු තවත් සිනමාහල් වල

සීමිත දින ගණනකට තිරගත වේ.