නිම්නයක හුදෙකලා වෙමු ද?

ලංකාවේ ෆිල්ම් ඕඩියන්ස් එක බිඳවැටිලා ලු. ඒ කියන්නේ ලංකාවේ ප්‍රේක්ෂකාගාරය ෆිල්ම් බලන්න තවදුරටත් එන්නෑ ලු.

ඔය කතාව අපි දැන් අවුරුදු කිහිපයක ඉඳන් අහමින් ඉන්නවා. සෙට් වෙලා ඉන්න වෙලාවක හරි වෙන වෙලාවක හරි, ෆිල්ම් ගැන කතා කරන්න ගන්න ඕනම වෙලාවක හරි, කතාව පටන් ගන්නේ එතනින්. ඒ කාරණාව වෙනස් කරන්න ඔය හැම වෙලාවකම එක එක අය එක එක විසඳුම් යෝජනා කරනවා. කට්ටියක් කියනවා ෆිල්ම් හෝල් ඩිජිටල් කරන්න ඕන ලු. අප්ඩේට් කරලා හොඳට හදන්න ඕන ලු. ෆිල්ම් මේකර්ස්ලා හදලා අවුරුදු ගණන් හෝල් වලට දාගන්න බැරුව පල් වෙවී පුස් කකා තියාගෙන ඉන්න  ෆිල්ම් හෝල් වලට දාන්න ඕන ලු. තවත් කට්ටියක් කියනවා මිනිස්සු ෆිල්ම් බලන්න එන්නේ නැත්තේ, සල්ලි නැති නිසා ලු. ෆිල්ම් බලන්න එනවට වඩා මිනිස්සුන්ට සල්ලි හොයන්න වැඩ කරන්න වෙලා තියෙන නිසා ලු.

ඔය ඔක්කෝම කතා හරි.

ෆිල්ම් හෝල් අප්ඩේට් වෙන්න ඕන. මිනිස්සුන්ට ආපහු ෆිල්ම් බලන එකේ ආතල් එක තේරෙන්න ඕන. මිනිස්සු හෝල් වලට එන්න ඕන, ෆිල්ම් බලන්න ඕන. විනෝදය වින්දනය කියන්නේ ජීවිතයේ අත්‍යාවශ්‍ය අංගයක් වුවමනාවක් කියලා මිනිස්සුන්ට දැනෙන්න ඕන. ඒත් ඒ ඔක්කෝටම කලින් වෙන්න ඕන වැදගත්ම වැඩක් තියෙනවා. ලංකාවේ හොඳ ෆිල්ම් හැදෙන්න ඕන.

එහෙම ෆිල්ම් හදන හීනයත් එක්ක තමයි අපිට මීට අවුරුදු හයකට හතකට කලින් බූඩිව සෙට් වෙන්නේ.

අපි එතකොට කැමරා අතගානවා. ෆිල්ම් ගැන කතා කරනවා. ඕන තරම් ෆිල්ම් බලලා තිබ්බට ෆිල්ම් එකක් කරන විදිහ වත් ෆිල්ම් එකක් හදන ප්‍රෝසස් එක ගැන වත් අපිට හරියටම අයිඩියා එකක්  තිබ්බේ නෑ. අතට අහුවෙච්ච කැමරාවකින් හිතට එන කතාවක් ෂෝට් ෆිල්ම් එකකින් මුදාහරිනවට වඩා ලොකු වැඩක් අපි කරලා තිබ්බේ නෑ. ඔය අව් අස්සේ බූඩිව සෙට් වුණාම බූඩි එයා ඒ දවස් වල කරපු ෆිල්ම් දෙකක් ගැන අපිත් එක්ක කතා කරනවා. එකක් මාතා. අනිත් එක “නිම්නයක හුදකලාව” එහෙමත් නැත්නම් “Alone In a Valley”. මාතා මේ වෙද්දි දැනටමත් තිරගත වෙලා ඉවරයි.

නිම්නයක හුදකලාව අවුරුදු කිහිපයකට පස්සේ, පළමු වතාවට මැයි දහනමවැනිදා ඉඳන් හෝල් වලට එනවා.

18403524_1427352563954864_5793592492893072782_n

ඇත්තම කතාව වෝ ෆිල්ම් එකක තියෙන ආතල් එකට වඩා අපිට ළඟින්ම සෙට් වෙන ආතල් එක තිබ්බේ නිම්නයක හුදකලාව අස්සේ. අපිට හිතන්න, කතා කරන්න, වාද විවාද කරන්න දේවල් ඉතුරු කරන අපිව පොඩ්ඩක් කරකවලා අතාරින්න පුළුවන් trippy ෆිල්ම් වලට අපි පොඩ්ඩක් වැඩිපුර ආසයි. නිම්නයක හුදකලාව කියන්නේ ඒ ජාතියේ ෆිල්ම් එකක්.

අපි මුලින්ම දැක්කේ කම්ප්ලීට් වෙච්ච ෆිල්ම් එක නෙමෙයි. අපිට මුණ ගැහුණේ ඒ දවස් වල තිබ්බ දිග ට්‍රේලර් එක සහ එඩිට් එකේ තැනින් තැන අපිළිවෙලකට පෙන්නපු විෂුවල්ස් ටිකක්. මේ මීට අවුරුදු හතරකට පහකට වගේ උඩ දි. අපි ඒ මුලින් දැකපු විෂුවල්ස් ටිකෙන් ආපු ෆීල් එකත් එක්ක සෑහෙන සර්ප්‍රයිස් වුණා මේ වගේ වැඩක් ලංකාව ඇතුළේ කෙරුණ එක ගැන. ඊට පස්සේ තරමක කාලයකට කලින් කම්ප්ලීට් වෙච්ච සම්පූර්ණ ෆිල්ම් එකම බලද්දිත් ඒ සර්ප්‍රයිස් එක (බූඩිගේ මුල්ම ෆිල්ම් එක වෙච්ච සිහින දේශයෙන් තාම බලද්දී දැනෙන අපූර්වත්වය වගේම අපූර්වත්වයක්) රස නොමැරී ඒ විදිහටම තිබ්බා.

නිම්නයක හුදකලාව කියන්නේ ලංකාවේ පළවෙනි ඩිජිටල් ෂූට් කරපු ෆිල්ම් එක. දැන් වගේ හැම එකාගෙම අතේ කැමරාවක් තියෙන කාලෙක ඒක මහ දෙයක් වගේ නොපෙනුණාට ඒ කාලේ ඇත්තටම මේක ගේම් චේන්ජර් එකක්. එච්චර කල් ෆිල්ම් රීල් වලින් විතරක් ෂූට් කර කර හිටපු වැඩේ ඩිජිටලි කරන්න වගේම, ලේයර්ස් කිහිපයක කතාවක්, නන් ලිනියර් එහෙමත් නැත්නම් අරේඛීය (තේරෙන භාෂාවෙන් කියනවනම් එක පේළියකට එහෙමත් නැත්නම් A to Z ගලාගෙන නොයන) සැකැස්මක් ඇතුළේ, ලංකාව වගේ රටක හැදෙන ෆිල්ම් එකකට ගේනවා කියන්නේ ඇත්තටම චැලෙන්ජ් එකක්. ඒ අස්සේ මේ වගේ ෆිල්ම් එකකට අවශ්‍ය විෂුවල් ඉෆෙක්ට්ස්. කටේ තියන්න බැරි විෂුවල් ඉෆෙක්ට්ස් හැදෙන කාලෙක බූඩි ඒ චැලෙන්ජ් එකත් භාරගෙන තිබ්බා වගේම, හොඳ VFX ටීම් එකක් හදාගෙන ලංකාවේ අනිත් ෆිල්ම් වල විෂුවල් ඉෆෙක්ට්ස් වලට සාපේක්ෂව ඉතාම සාර්ථකව ඒක ඉවර කරලා තිබ්බා.

ෆිල්ම් එක බලන ඕනම කෙනෙක්ට ෆිල්ම් එකේ පුරාවටම එක එක අමුතු දේවල් මුණ ගැහෙයි. රිලේට් කරගන්න පුළුවන් දේවල් වගේම රිලේට් කරගන්න බැරි අද්භූත දේවල්, එක්ස්ප්ලේන් කරගන්න බැරි අපූර්ව ට්‍රිප්, හීන, ජර්නීස් සෙට් වෙයි. ෆිල්ම් එකේ ඉන්න චරිත අපිට එදිනෙදා හම්බවෙන චරිත එක්ක සමපාත වෙයි. නැත්නම්, අම්මටඋඩු මෙහෙම උනුත් හිටියොත් කොහොමද කියලා හිතෙයි. නැවත නැවතත් අපි මුහුණ දෙන යථාර්තය ඇත්තම එකක්ද එහෙමත් නැත්නම් හුදෙක් ඔළුව අස්සේ තියෙන හිතලුවක්ද මායාවක්ද කියන ප්‍රශ්නය නරඹන්නා ඉස්සරහට එයි. ඇත්තටම තමන් කියන්නේ කවුද කියන ප්‍රශ්නය ආයේ ආයෙත් අපි අපෙන්ම අහගන්න පෙළඹෙයි. මේ වෙද්දි දෙතුන් පාරක්ම ෆිල්ම් එක බලපු කෙනෙක් විදිහට, අනිවාර්යයෙන්ම පැය එකහමාරක් දෙකක් පුරාවට නරඹන්නාව අමුතුම ට්‍රිප් එකක් එක්කගෙන යන්න මේ ෆිල්ම් එක සමත් වෙයි කියන විශ්වාසය මට තියෙනවා.

කාලෙකට පස්සේ ෆිල්ම් හෝල් වලට තවත් හොඳ නිර්මාණයක් එකතු වෙනවා. ලංකාවෙ ෆිල්ම් බලන්න හෝල් වලට මිනිස්සු එන්නේ නැති කාලෙක හෝල් වලට ගිහින් අනිවා බලන්න ඕන ජාතියේ ලාංකේය ෆිල්ම් එකක් හෝල් වලට එනවා. සීමිත කාලෙකට සීමිත දින ගණනකට සීමිත ෆිල්ම් හෝල් ගණනකට වගේ සීමා ඇතුළේ මේක රිලීස් වෙන නිසාම, මේ වගේ ෆිල්ම් වැඩි වැඩියෙන් ලංකාවේ හැදෙන්න නම්, වැඩි උනන්දුවකින් ගිහින් ෆිල්ම් එක බලන එක වටිනවා. ලොකු ස්ක්‍රීන් එකක් ඉස්සරහා ඉඳගෙන ඉන්න මිනිස්සු ගොඩක් මැද්දේ නිම්නයක හුදකලාවෙන හැමෝටම මේක ආතල් එක්ස්පීරියන්ස් එකක් වේවි කියන එක මට එකෙන්ම අනිවා ඩෙෆා ෂුවර්.

© 2017 Pamuditha Zen Anjana

 

බූඩි කීර්තිසේනගේ
නිම්නයක හුදකලාව (Alone In a Valley)
මැයි 19 දා සිට

රීගල් – කොළඹ, ලිඩෝ – බොරැල්ල, සිටි සිනමා – ගල්කිස්ස, ලිබර්ටි ලයිට් – කොල්ලුපිටිය, ඇමිටි ලයිට් – මහරගම, විස්ටා ලයිට් – ජා ඇළ, ස්කයි ලයිට්ස් – මාලඹේ, ප්ලාසා – කළුතර, රීගල් – ගම්පහ, ස්කයි ලයිට් – මාතර, එන්. අයි. ටී – කුරුණෑගල, එන්. අයි. ටී – රත්නපුර, නිකාඩෝ – කඩවත, දර්ශන කොස්වාඩිය ඇතුළු තවත් සිනමාහල් වල

සීමිත දින ගණනකට තිරගත වේ.

අති උත්තම රදීස් වැන්දඹුනෝනා මහත්මා වෙත ලියමි

බු.ව. දෙදහස් පන්සිය පණස් නවයක් වූ උඳුවප් මස එකුන් විසි වැනි බුධ දින,
දෙමටගොඩ ගුහාව දී ය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ,
සංස්කෘතික පොලීසියේ,
අභිනව ලේකම්,
අති උත්තම රදීස් වැන්දඹුනෝනා මහත්මා වෙත;

පස්වාන් දහසකට කමාවන්ඩ වැන්දඹුනෝනා මහතාණෙනි,

මුලින්ම කිව යුත්තේ, ෆිල්තිගේ ශාන්ති වීඩියෝව මට අනුවනම් මෙලෝ රහක් නැති එකක් කියා ය. සිංදුවද සෙට් වුණේ නැත. වීඩියෝ පැත්තෙන් ගත්තොත් ඕක ඔයිට වඩා ලස්සනට කරන්නට තිබුණා ය. ඕඩියෝ පැත්තෙන් බැලුවොත් ඕක ඔයිට වඩා ආතල් එකට කරන්නට තිබුණා ය. මට ඒ වීඩියෝව වත් සිංදුව වත් සෙට් වුණේ නැති ය.

ඒ වගත් එසේම කියා අපි මේ බුබුළු දාමින් පැසවන කාරණේට බහිමු ය.

අති උත්තම වැන්දඹුනෝනා මහත්මයා වන ඔබ තුමාට ඕන ඕන විදිහට ලංකාවේ හැමෝම වැඩ කරන්ඩ ඕනෑය කියා අපි දැනගත්තේ අද ය. ඔබ වහන්සේ ජූංජ ජූංජ වෙනස් කර කර එකම මොඩල් එකෙන් කෙළ කෝටියක් නාහෙන් අඬන සින්දු නිර්මාණය කර සල්ලි හොයාගන්නා බව අපි දනිමු. ඒ වුණාට අපි, විශේෂයෙන්, මේ ලියන මම, ඒ පිළිබඳව කිසිදු ෆකක් නොදුන්නේ ඔයාලත් ගාණක් හොයාගන්න ඕන නිසාත් අඬන සින්දු අහන උන්ට ඇඬෙන්න සින්දු තියෙන්න ඕන නිසාත් ය. හදිසියේ වත් ඔබතුමාගේ ලොකු එකේ නිර්මාණ වලට අපි ඔෆෙන්ඩ් වෙලා එකෙන්ම බැස රිපෝට් කර “මල් සිංදු” තහනම් කරමු ය කියා හෙණ සද්දයක් දානවාට වඩා අර හැමදාම හිටං ඉන්න උන්නැහේට කියා මඩු වල්ගෙන් පුක තළාගැනීම වඩාත් නුවණක්කාර බව අපි දන්නවා ය. හැබැයි ඔබතුමා ඒකේ අනිත් පැත්ත නොදන්නා බව වැටහුණේ අද ය.

ඔබ වහන්සේ හිප් හොප් කියා හිතාගෙන ඉන්නේ දේවාලයක කට්ටකුමංජල් දුම අස්සෙන් පේන මිනිස්සු මල් තියා වැඳිය යුතු සැමවිටම කිරි වලින් නාන ශිව ලිංගයක් වගේ පූජනීය මොකද්දෝ පයියක් බව තේරුණේ ඒ ස්ටේටස් එක දැක්කාම ය. ඔබ වහන්සේගේ “මල් සිංදු” පූජනීය නොවන්නේ යම් සේ ද එසේම හිප් හොප් හෝ සිංහල රැප් හෝ අන් ලබ්බක් පූජනීය වන්නේ නැත. එබැවින් ඕවාට මල් තියා වඳින එක නවත්වා කැමති නිර්මාණයක් කරගෙන පුළුවන්නම් ඒකෙන් ගාණක් හොයාගෙන හිටියාට කමක් නැති ය. හැබැයි ඔබ වහන්සේගේ දැනුම අපේ පුකේ ගැසීමට ආවොත් අපෙත් අත් කසනවා ය. එතකොට උන්නැහේගේ බිස්නස් එකට කෙළවෙන බව දැනගත යුතු ය.

හිප් හොප් කියන එක තියෙන්නේ සමාජයට පණිවිඩ දෙන්නට විතරක් නොවේ ය. දැන් හැදෙන උන් ඔක්කෝම හිප් හොප් ගැන කතා කරන්නේ බුදාම්මියෝ හිප් හොප් කියන්නේ සත්‍යයේ සාධාරණයේ රොම්බ සයිස් හඬ, ඒකෙන් අපිට නිවන් දකින්න පුළුවන් අනෙහ් අම්මෙහ් තද තද විප්ලවවාදී පරමෝත්කෘෂ්ට අහවල් එකේ පූජනීය කලාව, කරපන් සිංහල රැපට ගරු වාගේ ලෙවල් එහෙකින් ය. ඒත් කිව යුත්තේ හිප් හොප් කියන එක උන්නැහේලා දන්නවාට වඩා සෑහෙන පරාසයක විහිදුණු එකක් කියා ය. හිප් හොප් වලින් සමාජයට පණිවිඩ දෙන එක මෙන්ම හුදු ආතල් එකක් ගැනීමට ද තහනමක් නැති ය. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි සේම ඒ ඒ ටේස්ට් වලට ඒ ඒ ඔළු ද සෙට් වෙනවා ඇති ය. කවුරුත් ඒ පිළිබඳ මේකයි කියා නීති රීති මාලාවක් ලියා නැති ය. රදීස් වැන්දඹුනෝනා මහත්මයා එහෙම නීති රීති මාලාවක් පිළිබඳ දන්නවනම් අපිව ද දැනුවත් කරන එක වටිනවා ය.

හිප් හොප් කියන එක අද වෙද්දී කලාවකින් එහාට ගිහින් ඔය “සිංහල රැපට ගරු කරන” සිඟිති පාතාලයට වඩා ද ඔය උත්තමයාගේ ලොකු එකේ සිංහලබෞද්ධ (තනිවචනයකි) ලංකාවට වඩා ද පුළුල්ව විහිදිලා තියෙන ජීවන රටාවක් වෙලා ය. එනිසා ඒ බව නොදත් ඔය උත්තමයා ඔක්කෝම දන්නවා වාගේ එමිනෙම්, දොස්තර ඩ්‍රේ ගැන කියන්න ගිහින් නාගන්නේ නැතුව හිටියා නම් පට්ට ය. මොකද වැන්දඹුනෝනා උත්තමයාණන් වගේම අපිත් හිප් හොප් ගැන තාම දන්නේ හූණු බිජ්ජක් තරම් සොච්චමක් නිසා ය. හැබැයි ඒක වැන්දඹුනෝනා මහත්මයා දන්නා හූණු බිජ්ජට වඩා වැඩි බව නම් බුදු සුවර් ය.

ලංකාවේ ඔය කියන සංස්කෘතියද මොකද්ද එක ගැන කාලයක ඉඳන් හැමෝම කතා කරනවා ය. අර මේ ඊයේ පෙරේදා හරක් නිදහස් කරන්න ගිය සිංහල රැප් චෙයාමන් මහතා ද සංස්කෘතිය කෝට්ටක් කියලා හිතාගෙන කඩනවා ය කියා පහුගිය දොහක කියා තිබුණා ය. ඉතින් රටේ උන් අනේ පව් ය. මොකද මේ ඔක්කෝම මාකටින් බව ඒ රට හරක්ට නොතේරෙන නිසා ය. ඒ වාගේම වැන්දඹුනෝනා උත්තමයාණන්හට අනුව මේක ලංකාව ලු ය. ඇමරිකාව නොවේ ලු ය. “මේක සිංහලබෞද්ධ (තනිවචනයකි) රටක්” ලු ය. මේ රටේ තියෙන සංස්කෘතිය සජාචාරය බිත්තරයක් වගේ ආරස්සා කරගත යුතු ලු ය. උන්නැහේ ඒක කරන්නේ සමාජයට පණිවිඩ දෙන සිංදු විකුණලා ලු ය. ඒවා උපන්දා සිට කරපු පව් නැති වෙන පිංකම් ලු ය. සංස්කෘතිය යන බිජුවටය රක්කවන සයිස් එකේ පුකවල් ලු ය. අනේ අම්මෙහ් මගේ රට ලු ය.

ඔය උත්තමයාණන් සබන් කැටෙන් වැඩිය කුමාරයෙක් නිසා කෙල්ලෙක් හෙළු කොට්ටෙන් ඉන්නවා දැක නැතුවම ඇති ය. කෙල්ලෙකුයි කොල්ලෙකුයි කැතට හැමිණෙනවා හැබැහින් නම් දැක නැතුවාක් මෙන්ම අත්විඳ නැතුවාක් ද ඇති ය. හොරෙන් හොරෙන් බැලුවාට එළිපිට බලන්න හොඳ නෑ කියා එකෙන්ම හොරෙන් වැල බලලා ද ඇති ය. ඉතින් වෙන දේවල් ඇත්තට පෙන්නුවාම බඩ එළිය යනවා ය. විළි රුදාව හැදෙනවා ය. එහෙම බඩ එළිය යෑම විළි රුදාව හැදීම සාමාන්‍ය දෙයක් බව මතක තියාගත යුතු ය.

ඔය උත්තමයා දැනගත යුත්තේ ඔහොම දේවල් යමරෙට මේ සංස්කෘතික සජාචාරික සිංහල බෞද්ධ ලොකු සයිස් රටේ ඕනෑ තරම් වෙනවා කියා ය. ඊළඟට දැනගත යුත්තේ එහෙම දේවල් නොකර රොම්බ එකේ සයිස් පතිවතකින් හිටියානම් ලංකාවේ මෙච්චර ජනගහණයක් ඉන්නේ ද නැති බව ය. හැමෝම කරන දේවල් කැතට හෝ ලස්සනට පෙන්නුවාම උන්නැහේගේ පුක මල පූද්දවාගතයුතු නැත. එහෙම පුක මල පූද්දවාගෙන නිර්මාණකරණයට සීමා මායිම් දාන්න ගිහින් රෙදිගලවා නොගන්නේ නම් තවත් හොඳ ය. උන්නැහේට ඕන ඕන විදිහට වැඩ කරන්නට මේ රටේ අනිත් නිර්මාණ කරුවන් බැඳී නැති බව මතක තියාගත යුතු ය.

ඔය උත්තමයාණන්ට මොකක් හරි කියන්න ඕනෑම නම් “ආපෝ ඒක හෙණ ගොන් නේ?” කියා හෝ “අම්මටහුඩු ඒක පට්ට නේ?” වගේ අදහසක් දෙන එකක් කියා, එක එක හුත්තවල් තහනම් කරන්නට වාරණය කරන්නට රිපෝට් කරන්නට දත නොකා පාඩුවේ ඇඬෙන සිංදුවක් කරගෙන හිටියාම ඇති ය. මොකද හැමෝම තම තමන්ට සෙට් නොවෙන ඒවා තහනම් කරානම් ඒක හුයන්නක් වත් මේ හුයන්නේ ඉතුරු වෙන්නේ නැති නිසා ය.

ලියනවා නම් තව ලියන්නට පුළුවන් වුණත් අදට මෙතනින් නවතින්නම් ය. තව හිතුණොත් පස්සේත් ලියන්නම් ය. දැන් මේක කියවලා පුළුවන්නම් මෙන්න මූ සිංහලබෞද්ධ සංස්කෘතියක් තියෙන රට කනවා කියා මාව රිපෝට් කරන්න කියා උන්නැහේගේ පාරිභෝගිකයන්ගෙන් ඉල්ලන්න ය. අනේ හුකේ ය. නන්නානේ ය. මල් සිංදුවලට ජය වේවා ය.

© 2016 Pamuditha Zen Anjana

#රදීස්වැන්දඹුනෝනාමහතා #මල්සිංදුවලටජයවේවා #අපිඅඬමුප්රීතිවීලා #ශාන්ති #ෆිල්ති#සිංහලබෞද්ධරටහුත්තෝ #සංස්කෘතියරකිමු #පීස්රෙදිගළවගන්නඑපා#විකුණන්කෑමසහආතල්ගැනීම #ඔයාකියනවිදිහටඉන්නම්බුදුසෑර් #අනේහුකේ#පැකේජ්ලොකුද #අනෙහම්මෙහ්සජාචාරය #පිස්සුපංපං #තදතද #තග්ලයිෆ්#සංස්කෘතිකපොලීසිය #රිංටෝන්විකුණමු #හිප්හොප්වලටමල්තියලාවඳිමු#මුකුත්නොකියාඉන්නහිටියේඔයාපුකදුන්නනේඉතිංකිව්වා #lka

**පරණ එකක්. අමතක වෙන්න කලින් දැම්මා.

බබා හුකුං ඉඳං හිටං

බබාලන්තයේ ජනගහණ වර්ධන වේගය මෑතක සිට ඉතාමත් ඉහළ ගොස් ඇතැයි ලියන්නාට ළඟකදී පටන් වෙනදාට වඩා දැනෙන්නට පටන් ගත්තේ ය. ඒ රට ජාතිය රකින්නට පෙරට ආ බබාලා ලයිට් නිවා රෝස කැලෙන් බබ්බු ඇහිඳීම ඉහළ ගිය නිසා නොවේ. බබා රජයේ සංගණන වාර්තා වලට අනුව හෝ සංඛ්‍යා ලේඛණ දත්ත සළකා බැලීමෙන් අනතුරුව හෝ ද නොවේ. මෑතක දී පටන් එක එක බබාලා දාන බබා පාට් ප්‍රමාණය ඉහළ ගිය නිසා ය. බබාවරණයෙන් පසු සිදුවූ දෑ හා එක් එක් බබාලා කළ කී දෑ පිළිබඳව මොන්ටිසෝරි දැනුමක් හෝ ඇති මෙය කියවන බබාලාට, අමුතු ඇටයේ බබාලා ප්‍රමාණය ඉහළ ගොස් ඇති වග දැනෙන්නට ඇති බැව් නිසැක ය.

ඉදින් මේ කියන්නට යන කතාව බබාලන්තයේ බබාලා හා ඔවුන්ගේ බබා පාට් ගැන ය. පොඩි දේටත් හිත රිදෙන බබාලා සහ මෙහෙක් කරද්දී පුෂ්පය විකසිත වෙන බබාලා වෙත් නම් කරුණාකර මෙය නොකියවා සූප්පුවක් කටේ ඔබාගෙන වෙනත් බබා හුකුං වැඩක් බලාගන්නේ නම් හොඳ ය.

බබාලන්තයේ වැඩකටයුතු සිදු වන්නේ ඉතාමත් සංකීර්ණ බබා වැඩ කෝටියක් සමග ය. බබා වැසියන් කන්නේ බොන්නේ ද ශරීර කෘත්‍යය ඉටු කරන්නේ ද එදිනෙදා වැඩ කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගන්නේ ද එකී මෙකී නොකී දෑ සියල්ල කරන්නේ ද වැව උඩ ඩේ කෙයා සෙන්ටර් එකට පත් කර යවන බබාලා පිළිබඳ අපරිමිත විශ්වාසයක් තබා ය. ඩේ කෙයා සෙන්ටර් එකට තෝරා යවන බබාලා සියල්ලම පාහේ එකී විශ්වාසය එක් එක් වේලාවට බිඳ දමන අතර, එසේ බිඳ දැමූ පසු බබා පාට් දෙකෝටියක් පමණ දමා ඡන්ද දායක බබාලා සනසන්නට ලොලිපොප් දෙන්නෝ ය. ඡන්ද දායක බබාලා ද ඒ ලොලිපොප් සාමාන්‍යයෙන් සතියක පමණ කාලයක් රස විඳ විශ්වාසය පිළිබඳව වගේ වගක් නැතුව නැවත සූප්පු කටේ ගසාගෙන තමන්ගේ බබා ජීවිත සටනේ නියැලෙන්නෝ ය.

විශ්වාසය කඩ වෙන්නට යන බව ඉඳ හිට දැනෙන බබාලා පාරට බැස පෙළපාලි පා ගමන් උද්ඝෝෂණ වල නියැළුණ ද ඩේ කෙයා සෙන්ටර් එකේ බබාලා ඒවා වගේ වගකට ගන්නේ නැති ය. එකී ක්‍රියාවල සද්දය ඕනාවට වඩා වැඩි වුණහොත් හෝ බබාලන්තයේ වෙන දේවල් මොකුත් නොදන්නා, දැනගත්තත් ඒ දේවල් වගේ වගක් නැතිව ජීවන සටනේ යෙදෙන අනිත් බබාලාගේ බබා ජීවිතයට බාධා වෙන වගක් දැනුණ හොත් පොලිස් බබාලා හෝ කැරළි මර්ධන බබාලා යොදා වතුර හා කඳුළු එන දුම්බෝම්බ ගසා ඔවුන් පළවාහරින්නට ඩේ කෙයා සෙන්ටර් එකේ බබාලා පසුබට වන්නේ ද නැත. එසේ ගේට්ටු උඩින් තාප්ප උඩින් පා ගමනින් වඩින්නට ගිය හාමුදුරු බබාලා ටිකක් ද හොඳින් නාගත් බව ලියන්නාට කාලෙකට පෙර අසන්නට ලැබුණි.

බබාලන්තයේ මතක ඇති කාළෙක දැමූ ලොකුම බබා පාට් එක දැම්මේ දුමින්ද බබා ය. මිනීමැරුම් චෝදනා එල්ල වෙන බව දැනගත් ඒ බබා කිව්වේ “අනී අංකල් මත මොකූත් මතක නෑනී” කියා ය. අනේ ඉතින් බබාලන්තයේ බබාලාද දවස් දෙකක් විතර ඇයි මතක නැති වෙන්නේ බබෝ කියා අසමින් ඉඳ වෙනත් බබා වැඩ ගැන කරදර වෙන්නට තිබෙන නිසා ඒ බබා පාට් එක තාවකාලිකව අමතක කර දැමුවෝ ය. ලියන්නාගේ අදහස නම් බබාලා බබා පාට් දාන්න වැඩියෙන් පෙළඹුණේ දුමින්ද බබාගේ ඒ බබා පාට් එකෙන් පසුව බව ය. දුමින්ද බබාගෙන් අත්පොත් රැගෙන එකී බබා පාට් එක එක් එක් විදිහට එක් එක් බබාලා පසුකාලීනව දැම්මෝ ය.

තරමක කාලයකට පෙර “දැක්කේ නෑ, දැනං හිටියේ නෑ” යන අමර බබා හුකුං පාට් එකක් දැම්මේ ඩලස් බබා හා ගම්මන්පිළ යන බබාලා දෙපළ ය. බබාලන්තයේ බබා කොඩියේ ඇති ඉරි දෙකක් කපා දැමූ කොඩි වනමින් උන් ඒ බබාලා දෙපළ එදවස කේස් එක දරුණු වෙන වග දැනුණු වහාම බබා පාට් දා ඉන් බේරුණෝ ය. ඔවුන් ඉරි කපා බේරුණ ද බබාලන්තයේ සාමාන්‍ය බබාලා ට නම් කොඩියේ ඉරි තබා පාරේ සුදු ඉරි කපා හෝ “දැක්කේ නෑ, දැනං හිටියේ නෑ” යන බබා පාට් දමා බේරෙන්නට නම් ලොවෙත් බැරි බව පැහැදිලි ය

රූපවාහිනිය නරඹන යහපාලනයට සූප්පුවෙන්ම සපෝට් කළ බබාලා අතර ජනප්‍රිය සත්‍යාගාරයේ සන්නස්ගල බබා විපක්ෂ නායක සිරිපාල බබාගෙන් හිටපු අලිබබා ජනවාරියේ පැවැත්වූ බබාවරණයේ දී කළ බබා වැඩක් ගැන ඇසූ විට සිරිපාල බබා එහෙම වැඩක් ගැන දන්නෙත් නැත දැකලත් නැත අම්මාපල්ලා යයි පත බබා පාට් එකක් දැම්මේ ය. එය නැරඹූ බබාලා ගොඩක් අනේ පව් ඒ බබා දකින්න නැතුව ඇති කොච්චර වැඩ රාජකාරි මැද්දෙ ද ඉන්න ඇත්තේ කියූ අතර අනෙක් පැත්තේ බබාලා පස්චාත් බාගයෙන් සිනහ පහළ කරනු ලියන්නාට ඇසුණි. එසේ ඇසූ සන්නස්ගල බබා ම අගමැති බබා සත්‍යාගාරයට ගෙන්වා සූප්පුවක් කටේ ගසාගෙන වන් බම්ප් සෙල්ලම් කළ අයුරු ද කාලයකට පෙර දක්නට ලැබුණි.

අලි බබා සහ හොරු හතළිහ ගැන බබාලන්තයේ අගමැති බබා ද වරක් කියූ වගක් ලියන්නාට මතක ඇත. ඒ කතාව කියූ විට වැව උඩ ඩේ කෙයා සෙන්ටර් එකේ බබාලා අත්පොඩි ගසා ප්‍රීතිය පළ කරනු එකී වීඩියෝවේ සටහන් ව තිබුණි. අනෙකක් තබා අලුතින් පත්වූ ජනාධිපති බබා ද දන්නා දවසේ හිටං බබා පාට් දානවා ය. ඒ බබා කාලයක් බ්‍රෙසියර් එකක් හා මඩු වල්ග ගැන ද තවත් කාලයක් “මම ඒක දැක්කෙත් පත්තරෙං” කියා ද බබා පාට් දානවා ලියන්නාට හීනෙන් වගේ මතක ය.

බබාලන්තයටම ආවේණික මේ බබා පාට් හැරුණුකොට බබාලන්තයේ බබාලාගේ ප්‍රධානම හා වැදගත්ම බබා පාට් එක වන්නේ බබාහුකුං සංස්කෘතිය ආරස්සා කර ගැනීම ය. මොකද මෙහේ ඉන්න බබාලා සමන්පිච්ච පොහොට්ටු වගේ පිවිතුරු නිසාත් ඕනාවට වඩා ඉදිච්ච අඹ ගෙඩි වගේ තැළෙන සුළු නිසාත් පොඩ්ඩ ඇත්නං නරක් වෙලා කුප්ප වෙලා ඇත්ත ගතිගුණ එළියට එනවාලු ය. ඒ නිසා බබාලා සේරම විසිහතරපැයේ වෙහෙසෙන්නේ කටේ පුකේ සූප්පු ගසාගෙන බබාහුකුං සංස්කෘතිය, බබාජාතිය, බබාගම, විදේශ බබාලාගේ ආක්‍රමණවලින් හා අධිරාජ්‍යවාදී බබාලාගේ කුමණ්ත්‍රණ වලින් බේරාගන්නට ය. එසේ බේරාගන්නට මේ බබාලා එක එක බබා නීති රීති අණ පණත් වගේම බබා කුණුහරුප කතා ද ගේනවා ය.

උදාහරණයක් විදිහට බබාලන්තයේ බබාලා බබාවාහිනියේ හෝ බබාසිනමාවේ බබියකගේ හෙළුව වැරදිලාවත් හීනෙංවත් දකින්න ආස නැති ය. බබියන්ගේ හෙළුව දැක්කාම බබාලාගේ හෙළුව කුල්මත් වෙලා මල් වගේ පිවිතුරු වර්ජින් හිත් කුණු වෙලා අංගජාත කෙලින් වී යන නිසාද කොහේද බබියක් හෙළුව වැරදිලාවත් පෙන්නුවොත් අනික් බබාලා එකතු වී ඒ බබීට නිදහසේ පාරේ යන්නට ඇති අයිතිය අහෝසි කරනවා ය. හෙළුව පෙන්නනටම ඕනෑ ද නැති ය. බබියකගේ රෝස පාට ජංගියක් හෝ දණහිසක් හෝ බුරියක් හෝ ඇඟිල්ලක් දැක්කද බබාලාට ඇති ය. දුටු තැන උරුක් කරන් බබාහුකුං සංස්කෘතිය රැක බලාගන්නට රෙදි ගලවාගෙන දුව එනවා ය.

බබාලා බබාලා හදන්නට හොරෙං හොරෙං ලයිට් ඕෆ් කරන් කරුවලේ කරන බබාහුකුං වැඩ කරනවා මෙන් බබාවාහිනියේ හෝ බබාසිනමාවේ පෙන්නුවාම ද බබාහුකුං සංස්කෘතියට කෙළ වෙනවාලු ය. මොකද බබාලා බබලා හදන්නේ රෝස කැලෙන් ඇහිඳගෙන නිසා ය. අනෙකක් තබා බබාලා බබාෆිල්ම් වල සිගරට් අරක්කු බොනවා පෙන්නුවාමත් අනිත් බබාලා හා දෙදාස් පන්සීයක් ඉස්සරහට ඇන්න ආපු බබාහුකුං සංස්කෘතිය නරක් වෙනවා ලු ය කියා ඊයේ අසන්නට ලැබුණි. ඇයි බබාලා කවුරුවක්වත් ජීවිතේට හීනෙංවත් වැරදිලාවත් බුදු අම්මෝ චී ඊයා හලෝ අපිනං සිගරට් අරක්කු ලොවෙත් බොන්නේ නැති නිසා ය.

මේ ටික කියවාගෙන පහතට ආපු බබාලන්තයේ ජීවත් වෙන වැඩිහිටියන්ට, බබාලන්තයේ ජීවත් වීම ඉතාම අසීරු කර්තව්‍යයක් බව දැනටමත් දැනෙන බව නම් ලියන්නාට අම්බ සුවර් ය. මොකද එක බබෙක්ගේ ඇඬිල්ල අසා ඇති වැඩිහිටියන්ට මිලියන 19.5ක් විතර බබලා එක එක ලබ්බවල් වලට එක එක වෙලාවට අඬන්න ගත්තාම ආතල් එක කොහොමද කියලා කියලා දෙන්නට ඕනෑ නැති නිසා ය.

කොහොම වුණත් බබාලාගේ එක එක ආතල් ගැන පිළිවෙලක් නැතුව ලිව්වා අදට ඇති ය. මොකද බබාසීන් ලියන්නට ගියාම ඉවරයක් නැති නිසා ය. අනික බබාහුකුං සීන් ලියලාම ලියන්නාද බබෙක් වේගන වේගන එනව එනවා වගේ ය. ඒ නිසා මේ ලිවිල්ල මෙතනින් නවත්තලා වහාම වැඩිහිටියන්ට පමණයි ෆිල්ම් එකක් බලලා දුමක් එහෙම ඇදලා නිදාගත යුතු ය. මොකද හෙට උදේ නැගිටිද්දි බබාලා ඒ ටිකටත් කෙළවලාම තියෙයිද දන්නේ නැති නිසා ය.

© 2016 Pamuditha Zen Anjana

පරණ පොතකින් කොළයක්

කාලයක් පසුදොර ලියූ චාමියා දැන් ඊටත් පසු දොරකින් “ඒ කාලේ” ගැන කතා ලියනා පොතෙන් කොළයක් කැඩීමට මටද සිත් දුන්නේ නාසා ගිය නදීශාවන් අත්හළ කියුමක් නිසාය.

“කව්රු කොහොම කිව්වත් ලොව කරුණිකම නායකයා අප මහා විදුහල්පති තුමාය” ~ Nadeesha Chandrasena

නදීසාවන්ගේ ඉහත කියමන හා මා එකෙන්ම එකඟ වන්නේ සහේතුකවය.

මන්ද යත් ඒ කතාව අපේ විදුහල්පතිතුමාටත් අදාළ නිසා ය.

කාලයක් පංති කාමරයේ යතුර භාරව සිටි නිසා උදේ පාන්දර පාසැලට එද්දී ප්‍රසන්න මුහුණකින් වේවැලත් අතේ තියාගෙන ගේට්ටුවත් ඔෆිස් එකත් අතර පාරේ එහාට මෙහාට ඇවිදින විදුහල්පතිතුමා දුටු විට “ගුඩ් මෝර්නින් සර්” කීම සහ කුණු ඇහිඳීම එදිනෙදා චර්යාවක් වී තිබුණා මතක ය.

මන්ද යත් සැම විටම පාහේ ඔහුගේ පිළිතුර වන්නේ “ගුඩ් මෝර්නින්.. ඔය කොළ ටික ඇහිඳගෙන යන්න” බැවිනි.

අප පාසැල වෙනත් විදුහල්පතිවරයකු යටතේ එතරම් පිරිසිඳුව තිබූ කාලයක් මට මතක නැති ය.

අපේ පංති කාමර පිහිටියේ පාසැලේ කාර්යාල ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ ය. විවේක කාලය අවසන් බව දැක්වෙන සීනුව නාද වන විට වේවැලත් සමග එළියට බසින විදුහල්පතිතුමා තම නිල සංචාරයේ නිරත වන්නේ විවේක කාලය අවසන් බව අමතක වූ සිසුන්ට වේලාව මතක් කරන්නට සහ විදුහල්පති කාර්යාලය හා හරි කෙලින් පිට්ටනියට එහායින් පිහිටි ආපන ශාලාවේ කෑම සහ ප්ලේන්ටී අතර සිර වූ සිසුන් ඉන් නිදහස් කිරීමට ය. එම සීනුව නාද වූ පසු අප වැඩිපුරම විපරම් කරන්නේ විදුහල්පතිතුමා කොහේද යන්න විමසීමට ය. තනි සුදු අත්දිග කමිසය සහ කලිසමෙන් සැරසුණු ඔහු පාසැල් නිල ඇඳුමෙන් වෙනස් වන්නේ අත්දිග කමිසය සහ පැළඳ සිටින ටයි පටිය නිසා පමණකි. එබැවින් කලබලකාරී සිසුන් අතර ඔහු සොයාගැනීම ඉතාමත් අපහසු කාර්යයකි.

විවේක කාලයට පසු කාලපරිච්ඡේදයේ විදුහල්පති තම සංචාරයේ නිරත වන බව දන්නා සිසුන් අතර ඒ කාලයේ ප්‍රචලිතව තිබූ විනෝදාංශයක් වූ “පිනා එනෝ” ආතල් එක ගැනීමට ගොස් දිනක් කුජීත වූ අයුරු මට මතක ය.

ඉහළ මාලයේ සිට කෙලින්ම විදුහල්පති කාර්යාලය අසළට විවර වෙන පඩි පෙළ කෙළවරට බියෙන් පැකිළෙමින් යන සිසුන් කණ්ඩායමක් හදිසියේම ගාල කඩාගත් හරක් රැළක් මෙන් “පිනා එනෝ” යනුවෙන් කෑ ගසමින් දුව විත් ඩෙස් උඩින් පැන පංතියේ හිඳ ගැනීම මෙහිදී මූලික වශයෙන් සිදුවේ. ඉන් අපේක්ෂා කෙරෙනුයේ පංතියේ එවිට ආතල් එකේ ඩෙස් උඩ හිඳගෙන කකුල් පද්දමින් කතා දාගෙන සිටිනා සිසු සිසුවියන්ගේ ආතල් කුඩු කිරීමයි.

දිනක් විවේක කාලයෙන් පසුව නැවත පංති කාමරයට ගොස් ඒ කාලපරිච්ඡේදයට නියමිත ගුරුවරයා පැමිණ නැති බව දැන පහළට ගිය කණ්ඩායමත් සමග “පිනා එනෝ” යනුවෙන් කෑ ගසමින් දුව විත් ඊට ඉහළ මාලයේ සිට පහළට බසිමින් සිටි විදුහල්පතිගේ ඇඟේ හැපී විළිලජ්ජාවට පත් වූ අයුරු මතක් වෙද්දීත් දැන් නම් හතර හිනා ය. විදුහල්පතිතුමාට ද සිනහ පහළ වූවෙන් කුඩා වේවැල් පහර කීපයක් ඒ මේ අතින් රැන්ඩම්ලි කා “දුඃ පංතිවලට” කියා අසාගෙන පංතිවලට ගියා මතක ය.

තවත් දිනෙක අප දහදෙනෙක් පමණ “ෆ්‍රී පීරියඩ්” එකක් ආපන ශාලාවේ ගත කර එළියට බහින්නට හදද්දී, කාර්යාලයෙන් එළියට බට විදුහල්පතිතුමා සංඥා කර අප සියල්ල ගෙන්වා කාර්යාලය ඉදිරියේ සිටුවා තිබ්බා මතක ය. විනාඩි තිහක්  හතළිහක් පමණ යත්දී ප්‍රාථමික අංශයට පාසැල නිමවීමේ වේලාව හඟවන සීනුව නාද විය. එකේ දෙකේ පංතිවල පොඩි එවුන් පන්තිවලින් පෝලිමට එළියට බැස පිට්ටනිය පසු කරත්දී පෝළිම් ලොවෙත් කඩාගෙන ආතල් එකේ දුව එනු දුටු විදුහල්පතිතුමා අප කිහිප දෙනාට සන් කොට පොඩි උන්ගේ පෝළිම් හදන්නට කීය.

පෝළිම් හදනා අතරේ අප සමග හිටි “ගප්පියා”(නෑ නෑ ඒ ගප්පියා නෙමෙයි වෙන එකෙක්) යන අන්වර්ථ නමින් හැඳින්වූ සගයෙක් මරු වැඩක් කළේ ය.

අර පෝළිමට යන්නට හදනා පොඩි උන්ට විදුහල්පතිතුමා පෙන්වූ ඔහු “මල්ලී අතනින් යද්දී අර මාමට ටටා කියන්න හොඳේ” යනුවෙන් පැවසීය. අර පොඩි උන් දන්නා විදුහල්පතීත්වයක් නැති නිසා උන් හැමෝම කාර්යාලය පසු වෙත්දී මහ හඬින් “මාමේ ටටා.. මාමේ ටටා” යනුවෙන් අත් වනමින් යනු දැක විදුහල්පතිතුමාට ද හතර හිනා ගියා මතක ය. පොඩි උන් ටික ගේට්ටුවෙන් එළියට ගිය පසු සිනාමුසුව සිටි විදුහල්පතිතුමාට “සර් අපිත් පංතිවලට යන්නම් එහෙනම්” කියා ශේප් වී එන්නට අපට හැකිවූයේ ඔහුට විහිළුවක් සිනාසී භාර ගැනීමට හැකිවූ නිසා බව නම් ෂුවර් ය.

ඔහු, සිසුවෙක් වරදක් කළ විට අම්බානක නෙළනවා මෙන් පේන්නට වරදකාරී සිසුවා අල්ලා වටේ පිටේ බිත්තිවල හප්පා පිටට ගසා මහා කලබගෑනියක් සාදන නමුදු ඒ ගහන එකක්වත් රිදෙන්නට ගැසූ බවක් මේ වන තෙක් අසා නැත. (නමුත් ඊට හරියන්නට මාරාවේශයෙන් පහර දෙන ඇරියස් සහිත සහකාර විදුහල්පතිවරයෙක් සිටි බව ද නොකියාම බැරිය. ඔහු සිටියොත් නම් වැඩේ එහෙම ලේසියෙන් ගොඩ යන්නේ නැති ය. පාසැලෙන් ඉවත් වූ බොහෝ දෙනා තාමත් ඔහු සමග බද්ධ වෛරයකින් සිටිනා බවද ෂුවර් ය.) විදුහල්පතිතුමා අත මෙහෙක් කොට බොකුටු කර පිට මැදට ගසන පහරවල රිදීමක් නොවුණද “දබොක්” යනුවෙන් මහා හඬක් නැගෙයි. ඊට වටා පිටාවේ සියල්ලම අතිශය භීතියට පත් වී එකෙන්ම සයිලන්ට් වී යයි.

ශිෂ්‍ය නායකයකුව හිටි කාලයේ වෝනින් දෙකකට පසුවත් “කට්” එකක් කපා පාසැල් ගිය දවසක ඔෆිස් එක තුළ මා කොටු කර බැජ් ගලවා මා ඒ මේ අත විසි කර එසේ “පහර දී” ඇති කළ කලබගෑනිය දැක මොකද්දෝ සයින් කරගන්නට කියා ඔෆිස් එකට අවේලාවේ ඇවිදින් සිටි මගේ යෙහෙළියකගේ ඇසට කඳුළු ද නැගුණා මතක ය (මලිත් චංචලා වගේ සිද්දියක් නම් නොවේ). එහෙත් මා නම් සිටියේ ඒ මේ අත විසි වීමෙන් ඇති වූ තුෂ්ණිම්භූත බව හා කැටි වුණ මද බියකින් වුවද අමුතුම අන්දමේ ආතල් එකෙනි. ඇමියුස්මන්ට් එකකිනි.

මන්ද යත්, හරි හැටි රිදෙන්නට පහරක් වත් ගැහුවේ නැත්තේ ඇයි කියා මා කල්පනා කරමින් සිටි බැවිනි.

ඔහු කවදාවත් සිසුවෙක්ට රිදෙන්නට පහර දී නැති බව මා දන්නා හැටියට බොක්කෙන්ම කිව හැකි ය. වනාතමුල්ල මැගසින් පාරේ සිට අප පාසැලට පැමිණෙන දාමරික ගැටවරවියේ හුන් මැරෑටි කොල්ලෝ සෑහෙන ගණනක් ගොඩ ගියේ වරදකදී ඔහු ඇති කරන මහා කලබගෑනියෙන් සහ ඉන්පසු කියනා වචන කිහිපය හිතට වදින්නට කියන නිසා බව මට බුදු ෂුවර් ය.

කල් ගතවී ඒ ලෙවල් රිසල්ට්ස් ආ දවසේ (මා ඒලෙවල් ෆේල් ය) මා පාසැලෙන් සමුගැනීමට ඔහු හමුවීමට ගිය අවස්ථාවේ ඔහු විසින් කියන්නට යෙදුණු, මගේ ජීවිතය වෙනස් කළ කතාවක් තාමත් මා මතකයේ රැව් දේ. අවසානයට එයද මෙතනට අතහැර මෙය අහවර කර දමමි. මන්ද යත් මේ වෙද්දී මතකයට නැගෙන කෙළවරක් නොමැති රස කතා ලියන්නට ගියහොත් ඉවරයක් නැති නිසා ය.

“තමුසේ පහනක් වගේ මිනිහෙක්. තමුසේ ඒක තේරුම් අරන් වැඩ කරන්නේ නෑ. එහෙම කළානම් තමුසේ ඉන්නේ මෙතන නෙමෙයි!”

© 2015 Pamuditha Zen Anjana