මරණ දණ්ඩනය

ලෝකප්‍රසිඬ විහිළුකාර ජෝජ් කාලින් විසින් එකදාස් නවසිය අනූහය වර්ෂයේ ජනගත කළ “බැක් ඉන් ටවුන්” නම් හිටං විහිළු දේශනාවේ “මරණ දණ්ඩනය” පිළිබඳ කොටසේ අතිශය සරළ පමුදිත 6සන් අංජන (මාරyeah) පන්නයේ ලාංකේය අනුවාදයක් බව කාරුණිකව සළකන්න.

“දැන් පොඩ්ඩක් හිතලා බලහං; ජීවිතයේ තියෙන පට්ට වැදගත්කමයි මරණ දඬුවමයි දෙකම හැදුවෙ මිනිස්සු වෙන අපි. ඉතිං උඹලට හිතෙන්නැද්ද අපරාදේ කියන්න බෑ අපි විවිධාකාර සමර්ථකම් ඇති එවුං කියලා?

දැන් අලුත්ම සීන් එක තමයි මේ රටේ ගොඩාක් උංට ඕන වෙලා තියෙනවා කුඩු ජාවාරම්කාරයො එල්ලලා මරන්න. මේක හෙණම ගොං සීන් එකක් ඕයි! තොපි හිතං ඉන්නේ කුඩු ජාවාරම්කාරයො මැරෙන්න බයයි කියල ද? උං දැනටත් කරන්නේ හැමදාම උං උං මරාගන්න එක. ගැන්සි පිටින් බැහැලා වෙඩි තියාගෙන කපාගෙන කොටාගෙන පාතාලෙ කියලා මහපාරේ මරාගන්නෙ උං තමයි. උං මැරෙන්න බය නෑ. මරණ දඬුවම නිසා අපරාධ අඩුවෙන්න තිබ්බා අඩුම තරමේ මැරෙන්න බය උංට ඒ දඬුවම දුන්නනම්. නිකං හිතපං, ඔය කුඩු ජාවාරම් වලින් හොයන කළු සල්ලි සුදු කරන දේශපාලකයොන්ට මරණ දඬුවම දුන්නා කියලා; අම්මටසිරි සට සට ගාලා කුඩු ජාවාරම් බලං ඉන්දැද්දි පහළ බහියි. ඔය හත්පොළේ මරන්න දඟලන ජාවාරම්කාරයෝ අමතක කරලා දේශපාලකයො දෙතුන් දෙනෙක් පෝරකේට දක්කන්න පටං ගනිං.

පෝරකෙත් අමතක කරහං. ඒක රිදෙනවා මදි. අපි මුංව කෙලිම්ම කුරුසයේ තියලා ඇණ ගහමු! මොකද කියන්නේ? එතනිනුත් ඕන්නං තව ටිකක් ඉස්සරහට ගිහිං අර ශාන්ත පීතර උන්නැහේ වගේ, මිනිස්සුංව ඔළුවෙන් හිටවලා කුරුසයේ තියලා ඇණ ගහමු. ආ අනික එහෙම ඇණගහන්න නියම වෙන එකෙක්ගෙ වත් ඇඟේ නූල්පොටක්වත් නෑ. හැම සතියකට සැරයක්ම ක්‍රිකට් මැච් එකක් පටන් ගන්න කලින්, අමු හෙළුවෙන්, ඔළුවෙන් හිටවලා, කුරුසයට තියලා ඇණ ගහලා, මරණ දණ්ඩනය දෙන එක ටීවී එකේ සජීවී ව පෙන්නනවා. සතිඅග කුරුසයේ ඇණ ගැහිල්ල! යකෝ ක්‍රිකට් බලන්නැති උනුත් ක්‍රිකට් මැච් බලන්න ගනියි. කොහොමද සංගක්කාර හරි ඔය විස්තර විචාරය කරන වෙන එකෙක් හරි අර ඇණ සෙට් එක අංශක අනූවක කෝණයකින් අවම බලයකින් ඇතුළට බහින්න ඕන ඇයි කියලා විස්තර කරද්දි?

මං උඹලට එක දෙයක් ෂුවර් කරලා කියන්නම්, සතියකට එකා ගාණේ කුරුසයට තියලා දේශපාලකයෝ ඇණගහපං, ආයි ලොවෙත් නැති විදිහට පට්ට වේගෙකින් ඔය කුඩු ජාවාරම් ඔක්කොම පහළ බහියි. බලාගෙන ඉඳිද්දි පහළ බහියි! කොටිම්ම කිව්වොත් අඩුම තරමේ ඉස්කෝලවල තියා හිරගෙවල් වල වත් කුඩු හොයාගන්නවත් නැති වෙයි!

ඇත්තටම කිව්වොත්; මට ඔය මරණ දඬුවම ගැන සතපහක ගාණක් නෑ. ඕක දුන්නත් එකයි, නැතත් එකයි. මොකද ඒකෙන් වෙන හුත්තක් නෑ. ඕන්නං අර කාලයක් තිස්සේ හැමෝගෙම හිත් අස්සේ එක එක සයිස් එකෙන් ඉතුරු වෙලා තියෙන, පළිගැනීම පිළිබඳ ආගමික ආසාව සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි. පොඩ්ඩක් ඔය ආගම් ගැන හොයලා බලහං. ඔය හැම එකේම තියෙන්නේ පව් ඵල දීමයි පළිගැනීමයි තමයි. ඉතිං හරියට බැලුවොත් ඔය මරණ දඬුවම කියන්නේ ආගමික වතාවතක් හා සමානයි. කොටිම්ම කිව්වොත් පිරිපහදු කිරීමේ එහෙම නැත්නම් ශුද්ධපවිත්‍ර කිරීමේ අයිතියක් වගේ එකක්. නූතන සංස්කාර ධර්මයක්. නිකං හරි ඒක ඇත්තක් නම් මං කියන්නේ, පොඩ්ඩක් අපි මේ සීන් එක අප් කරලා ගමු. උඹලා ඔය මරණ දණ්ඩනය පොඩ්ඩක් විතර විනෝදාත්මක කරලා, හරියට මාකට් කරන්න ඉගෙන ගත්තොත්, ඒ හොයන සල්ලිවලින් කෙලිම්ම රටේම ණය සේරම බේරගන්න පුළුවන් වෙයි කියලා මං බොක්කෙම්ම විශ්වාස කරනවා!

ආ අනිත් එක, මං මේ ටික කියන්නේ මගේ ප්‍රියාදර සිංහලබෞද්ධ(තනිවචනයකි) ජනතාවට; මං කුරුසයේ ඇණ ගැහිල්ල විතරක් ගෙනල්ලා ඕගොල්ලන්ව අමතක කරන්නෑ. අපි කෙලිම්ම ගේමු හිස ගසා දැමීම. හා ද? කොහොමද ටීවී එකේ හිස ගසා දානවා පෙන්නද්දි, ස්ලෝමෝෂන් දාලා ඉන්ස්ටන්ට් රී-ප්ලේ එක්ක? ඕන්නං උඹලට පුළුවන් පොඩි කඳු ගැටයක් වගේ එකක ඉඳන් හිස ගසා දාලා, කන්ද දිගේ ඔළු පහළට රෝල් වෙලා එන්න වැඩේ කරන්න. කඳුගැටේ පාමුළ එකේ ඉඳං පහ වෙනකං අංක දාපු හිල් පහක් හදලා අර එන ඔළුව ඒ එකකට වැටෙන්න හදන්න. එතකොට ගෙදර ඉන්න උංට පුළුවන් අර ඔළුව වැටෙන්නේ මොන හිලටද කියලා ඔට්ටු අල්ලන්න. ක්‍රිකට් ස්ටේඩියම් එකේම මැද මොකක් හරි අට්ටාලයක් හදලා ඒක කරානම් ස්ටේඩියම් එකේ ඉන්න උංටත් එතනම ඉඳන් සජීවී ව ඔට්ටු දාන්න පුළුවන්. එහෙම කරලා තව ටිකක් සල්ලි හොයාගන්න පුළුවන්. ඒකත් නිකං ඉක්මණ් වැඩියි වගේ නම්, ඇඩ් එකක් දෙකක් දාගන්නවත් වෙලා මදි නං, වෙලාව අදින්නත් එක්ක උඹලට පුළුවන් හොඳට කැපෙන කඩුවක් හරි, පොරවක් හරි පාවිච්චි කරනවා වෙනුවට, පොඩි කියත් පටියක් වගේ එකක් පාවිච්චි කරන්න. ආ මෙච්චර දුර ඇවිත් දැන් මේක කියවන එක නවත්තන්න එපා යකෝ. දැනටමත් අපේ අතේ ලේ ගෑවිලා ඉවරයි. එකම කාරණාව තමයි කොච්චර මට්ටමකට අපි ලේ සාධාරණීකරණය කරනවද කියන එක. හා හා හරි අපි කියත් පටිය අමතක කරමුකො. වෙනසකටත් එක්ක අපි තව ටිකක් සියුමැලි දෙයක් පාවිච්චි කරමු. කොහොමද හිස ගසා දාන්න චූටි ගෑරුප්පුවක් පාවිච්චි කළොත්? අපිට තව සෑහෙන වෙලා ඇදගන්න පුළුවන් නේ?

තව අමතක වෙච්ච ක්‍රම සෑහෙන තියෙනවා ඕයි!

අපි අන්තිමට කවද්ද කාවහරි පණපිටින් ගිණි තිබ්බේ? ඒකට කල් ගත්තා සෑහෙන වැඩියි නේ? මෙන්න තවත් ආගමික පදනමක් සහිත සුන්දර ලෙස මරණ දණ්ඩනය දීමේ ක්‍රමයක්. වරදකරුවන් පණ පිටින් ගිණි තැබීම. සාදර අනුග්‍රහය: ලක්විජය ගල් අඟුරු. අපි ඒක සජීව විකාශයක් දෙමු ඉරිදා උදේට. උඹලා හිතන්නේ ඒකට මේ හුත්තේ රටේ රේටිං නැතිවෙයි කියලද? හුත්තො මිනිස්සු ඉරිදා පල්ලි යන එක නවත්තලා ඕක බලන්න එයි ෂුවර් එකටම.

ආ ඕන්නං අතීතෙං තව ගන්න පුළුවන් ක්‍රම සහ විධි. කොහොමද වැරදිකාරයොංව නටන තෙල් හැළියකට බස්සන එක? අන්න ඒ කාලෙනෙ ඉන්න තිබ්බේ නේ? පත සයිස් හැළියකට තෙල් පුරවලා, යටින් ගිණි අවුළවලා, ලස්සනට තෙල් ටික නටාගෙන එද්දි; ඔළුව පහළට හිටින්න කකුල් දෙකෙන් එල්ලපු වැරදිකාරයව හිමීට ටික ටික පහළට එවද්දි ආතල් එක කොහොමද? මහජන සහභාගීත්වය වැඩි කරන්න ඕන්නං, අපි ඒ ස්ටේඩියම් එකේ රැස්වෙලා ඉන්න මිනිස්සුංට, අරූව පහත් වෙන වේගය පාලනය කරන්න ක්‍රමයක් දෙනවා. පවුලේ සැමට එකසේ විනෝද විය හැකි ක්‍රියාකාරකමක්. පොඩි උං පට්ට ආස වෙයි ඕක කරන්න. පොඩි උං එහෙම විනෝද වෙද්දි, අපිට පුළුවන් ෂේප් එකේ දිට්ඨධම්මවේදනීය කර්මය, එහෙමත් නැත්තම් කළ පව් මේ ආත්මයේදිම පඩිසන් දෙන ආකාරය පිළිබඳ බෞද්ධ සංකල්පය උගන්නන්න. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි. නටන තෙල් හැළියට බැස්සීම. සාදර අනුග්‍රහය: මන්දාරම් සුපිරිසුදු පොල්තෙල්! ඕන්නං මෙහෙමත් පුළුවන්, හැමදාම තෙල්වල බස්සන එකත් කම්මැලි වගේ නම් අපිට පුළුවන් ඉඳලා හිටලා වැරදිකාරයොන්ව ෆ්‍රෙන්ච් ෆ්‍රයි කරන්න. නිකං ආතල් එකටත් එක්ක, හොඳට ගහලා බැට කරලා ගත්ත බිත්තර සාරු වල ඔබලා බැදලා ගන්න.

හරි හරි, අතීතකාමය ඇති. අපි බලමු වර්තමාන කාලයට ගැළපෙන විදිහේ නවීන ක්‍රමවලට කොහොමද මරණ දණ්ඩනය දෙන්නේ කියලා.

නිකං හිතපං, උඹලා වැරදි කාරයෙක්ව විසික් කරනවා පිටකොටුවෙ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එකේ උඩම තට්ටුවෙන්. ඌ විසි වෙලා ගිහින් කාගේ හරි ඔළුව උඩට වැටුණොත්, ඒ අහක හිටපු පුද්ගලයට එදා රෑ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දිනුම් අදින ලොකුම ලොතරැයි ත්‍යාගය හම්බවෙනවා. ඕන්නං අපි තව ටිකක් විදග්ධ ක්‍රමයක් බලමු. උඹලා වැරදිකාරයෙක්ව ඔබනවා වටේටම ඒඩ්ස් වෛරස් එක තියෙන ඉන්ජෙක්ෂන් කටු බිත්තිවල ගහලා තියෙන කාමරේකට. ඒකටම දානවා පොරකන සත්තු සීයක් විතර. ඌ ආයේ ජීවිතේට බස් වලදි පොඩි උංට අතවර කරන එකක් නෑ. ආ තව සිරා ක්‍රමයක් මතක් වුණා. ඔය වැරදිකාරයෙක් අරගෙන ඌව දානවා පත සයිස් කැටපෝලෙකට. දාලා ඌව විදිනවා කෙලින්ම කොන්ක්‍රීට් බිත්තියකට. එකම අවුල තියෙන්නේ ඒ ක්‍රමය ඉක්මන් වැඩියි. ඉක්මණට ඉවර වෙන නිසා ටීවී එකේ පෙන්නන්න තරම් මදි. හරි ඒකට විසඳුමකුත් තියෙනවා. ඕන්නං පුළුවන් එක දිගට වැරදිකාරයෝ ගොඩක් ඒ විදිහට මරන්න. කඩිමුඩි දණ්ඩන! කැටපෝල පහළවයි. එකක් විදිද්දි අනිත් ඒවා ලෝඩ් කරනවා. අතරමැද පොඩි පොඩි විරාම ගන්න වෙනවා බිත්තිය සුද්ද කරන්න හැබැයි. ශුද්ධවන්තභාවය දේවත්වය ළඟින්ම තියෙන එකක් නේ.

හරි, අපි බලමු අති නවීන තාක්ෂණික ක්‍රම වලට කොහොමද මරණ දණ්ඩනය දෙන්නේ කියලා. මං දන්නවා ගොඩක් කට්ටිය නවීන තාක්ෂණික ක්‍රමවේද වලට ආසයි. මං ගාව තියෙනවා විසඳුම්. හරිම සරළයි. පොඩි න්‍යෂ්ටික බෝම්බයක් ගන්නවා. ඒක ඔබනවා වැරදිකාරයගේ පුකේ! කොහොමද ඒක? ආ ඊට වඩා මරු ක්‍රමයක් තියෙනවා. ගන්නවා ඊටත් ටිකක් පොඩි පරමාණු බෝම්බයක්. අරගෙන, අර වැරදිකාරයගේ පකේ කෙළවරේ තියෙන පොඩි හිලේ ගහනවා. ඔව්, පකේ බෝම්බයක්! කොහොමද පුපුරද්දි, ඌට බඩු යනවද එනවද කියලා හිතාගන්න බැරිවෙයි නේ?”

ලංකාවට ගැළපෙන ලෙස උදාහරණ සමහරක් වෙනස් කර ඇති හෙයින් ඔරිජිනල් දේශනාව පහළින් ගොස් ඉංග්‍රීසියෙන් බලන්න.

Advertisements