භොළව් යඛ්ඛයිණේ!

සීතාගේ උපත සහ රාවණාට ඇති සම්බන්ධය ගැන ආතල් කන්ස්පිරසි තියරියක් තියෙනවා. ඔය රාවණා බයිලාව ගැන කෑගහන උං දන්නවා ඇති සමහර විට.

ඒ දවස්සල (ඒ කිව්වේ ඉස්කෝලෙ යන කාලේ) තොපිට තිබ්බ කැසිල්ලම තිබිලා, රාවණා ගැන පරතෙරටම සොයා මිස පසු නොබසිමිත්තෝ කියලා ඒකායන අදිටනින්, ඉත්තෑවා සීරීම් තුවාල ලැබ මැරෙනකං, පුකෙං රූටා ලේඛනාරක්ෂකේ පවා ලොටා, ඌම පතා බතුත් නොකා, අතෙත් ගසා, පොත් හොය හොයා කාවාගේ වැඩේ පමුදිතයා කළා.

ඇසූ/කියවූ හැමෞත්තේ ඉතිහාස/මිත්‍යා කතාවලම එන ගොං පදිරි ප්ලොට් එක තමයි මේකෙත් තියෙන්නේ. මෝසෙස්ගේ සිට පණ්ඩුකාභයට උගෙ අම්මට, ඒ කිව්වේ උන්මාද චිත්‍රාට පවා ලැබුණු ගුටියක් මේ. කාගෙදෝ පොතකිං කියෙව්ව විදිහට (පොතේ නම මතක නෑ, දන්නෙකෙක් පහළිං දාං පල) ඒක මෙහෙමයි. (දිග වැඩිවෙයි, දිග වැඩි එව්වා තියෙනවනං ආසයි ලු නේ. ඒ නිසා කියවපං.)

රාවණාගේ අප්පට (ඔව් ඔව් ඌට තමයි) තව ගෑණියෙක්ට හරි ඒ ගෑණිටම හරි දාව දුවෙක් ඉපදෙනවා. මේකිගෙ නම “ආකුල්යා” කියලා තමයි කියෙව්ව පොතේ තිබ්බේ. (සහෝලි කියනවා එක එක නම් කියනවා අනේ මංදා) මේකි ඉපදුණ දවසෙම ලංකාපුරේම නැති තොටවත්තලයි සුමනදාසලයි අරූයි මූයි පකයයි ඔක්කෝම එකහෙළා, “මේකි හිටියොත් රාවණාට සහ තොපගේ මුළු හත්මුතු පරම්පරාවටම සිකවී යන්නේමය ඒ නිසා උපංගෙයි මරාදැමීම සුදුසු ය, පුක ය, පුක්ඛිල ය, අප්පගෙත්ත ය!” කියලා මැරෙංඩ හදනවා. උංගෙ කීම අහන්න තරම් රාවණාගේ අප්පා මෝඩයා කැවුං කන්න යෝදයා නිසාත්, නාසා සිටින්න තරම් හිද්දලයෙක් නිසාත්, “තොපි හුකාං, බට්, ඒත් කෝකටත්!” කියා, අර අඩෙ අප්පා “ආකුල්යා” ඇපල් කූඩෙක බහා වැසිදා කඩදාසි ඔරු සෙල්ලං කරන්නාක් සේ පා කර හරිනවා. ඔව්, ඒකට ගඟේ මූදේ දානවා කියලත් කියනවා. ගඟේ ද මූදෙ ද මතක නෑ.

කොහොමහරි ඔය කූඩෙ අර පොඩි එකීවත් ඇන්න පාවෙලා යනවා අර ජනකයා සීසෑමේ උත්සවය කරමින් ඉන්න ඉන්දියාව (ඒකාලෙ වෙනනමක් කියංඩැත්තේ) දිහාට.

සී සාමිං ඉන්නෞංගෙ නගුලක් ඔය ළඟ තියෙන ගඟක හෝදන්න දාලා තියෙන වෙලේ මේ කූඩෙ ඔය නගුලේ පැටළෙනවා. අම්මටසිරි එතන හිටපු ගොයියො කලබල වෙලා උස්මුරුත්තාවෙන් කෑ ගහනවා, සමහරු සිහිමුර්ජා වෙලා වැටෙනවා, තවත් සමහරු ළයෙහි අත්ගසා අනේ කාලේ වනේ වාසේ මොනෞත්තටද මෙහෙම කරංඩ පුළුවං සාමිනේ, තමංගෙ ලෙයින් උපං දරුවො ගඟේ මූදේ දාන මුං දෙමාපියො ද අරක ද මේක ද ගාලා යූෂුවල් සෝකාලාපය දාගෙන වන් කන්ට්‍රි වන් හැමිණේෂන් කරද්දි ඕක ඇහෙන ජනකයා, ඔව් ඔව් රජා තමයි, සට බට ගාලා බැහැලා ෆුල් ඩිප්ලොමසි දාලා “ආකුල්යා” අතට අරගෙන නගුලෙන් උපන් නිසා “නගුලිය” නොහොත් “සීතා” කියලා රීනේම් කරලා ළමයි නැතුව දුක්ගින්නේ හිටපු වයිෆාණන් ෂේප් කරංඩත් එක්ක උප්පැන්නෙට පියාගෙ නම ජනක කියලා සේව් කරනවා.
ඊටපස්සේ තමයි සුදිය පටන් ගන්නේ.

දැං රාමා‍යණය කියවපු, නොකියවපු, අනුංගෙං කතා හාපු, විශ්වාසෙං අදහාපුත්තලා දන්නවා, රාවණා යනු පරමෝත්කුෂ්ට, බුදාම්බෝ සර්ව සාධාරණ, දසරාජ දැහැමින් සෙමින් රට පාලනය කරපු, ඔළු දහයක් පිහිටි හෝ වැඩ දහයක බුහුටි, ගිනි කසයා සේ හැකියාවැති, අනේ අම්මෝ පස්වාන් දහසකට බුදුවන, පසුව නිවං දකින, තාම හැංගිලා නිදං ඉන්න, ප්ලේන් පවා හදා ඒවායින් මිසයිල ගසා වඳුරන් වලසුන් මැරූ, කෝලංබස්ටත් කලිං ලෝකෙම හොයාගත්ත, ගැම්මෙන් ආනෝල්ඩ් සුබසිංහ, ඇම්මෙන් සක්විති රණසිංහ වැනි සුප්පා සුපිරි අවංක හිත උණු වෙන ලංකාවේ හිටපු, ඉන්න, ඉස්සරහට නැගිටින්න නියමිත, වෙඩි බුලට් රජෙක් කියලා.

ඉතිං පොරවගේ එකෙක් මේ අහක යන වලියකට කොහෙවත් යන එකෙක්ගෙ ගෑණියෙක් උස්සං යයි ද කියන ප්‍රශ්නෙට උත්තරයක් මේ කතාවෙංම දීලා ඇදලා දානවා. ඒ කෙසේ ද යත්;

රාවණාගෙ අනිත් නංගි, ඒ කියන්නේ හිටියට පවුලට අවුලක් නැති නංගි වන, සුපර්ණඛාගෙ ඇසකණනාසයදිවශරීරයට රාමා (ද ලක්ෂ්මණයද මතක නෑ) හානි කළාම කොල්ලට මළ පැනලා යනවා ප්ලේන් එකේ නැගලා පකයව හොයාගෙන. අම්මටෞඩු කොහොම හරි ගියාම මූ දකිනවා සීතා ව. දැක්ක ගමං පොරට ක්ලික් වෙනවා, ටහිකෛකසී දාලා ආයේ දෙකක් නෑ අර බලපං ඒකිගෙ නහය අප්පගෙ නහය වගේමයි, රණහංසයුවළ අම්මගෙ වගේමයි, බ්‍රහ්මයාපා මේකිනං මගේ නැතිවෙච්ච නංගිම තමයි කියලා. (ඒ කොහොමද කියලා හාන්නෙත්තො, අච්චර ප්ලේන් හදපු ලෝකෙම හොයාගත්තු ජාති ජාති මීටරයක් තියෙන ඌට ඒක තේරෙන්නැද්ද?)

මූ ට්‍රික්ස් පාරක් දාලා ගේමක් ගහලා සීතව තනියෙං හම්බෙලා (අර පරණ හිංදි ෆිල්ම් වල තියෙන දුක් සීන් සංගීතයක් බැක්ග්‍රවුන්ඩෙකට දාගෙන මේ ටික කියවංඩ) ඒකිට ෆුල් සීන්නෙකම කියනවා. දැං මොළේ තියෙන එකෙක් විදිහට හිතපං අච්චර මහ කැළේ, ඉරක් ගහලා, මුවෙක් අල්ලංඩ කියලා ඒකිව දාලා ගිය මිනිහයි උගෙ මිනිහයි කොහෙද ගියේ කියලා කන්ෆියුසියස් වෙලා ඉන්න ගෑණියෙක්ට, කොහෙවත් යන ඔළු දහයක් තියෙන බුලට්ටෙකක් ඇවිල්ලා ඔයා මගේ නැතිවෙච්ච නංගි කිව්වම ඇතිවෙන ජබර කලන්තේ. කලබල වෙන රාවණා (බෙහෙත් කරංඩ වෙන්නැති) “උඹලට කවදා හරි තේරෙයි®™” කියලා හයියෙං කියාගෙන මේකිව ප්ලේන්නෙකේ දාගෙන ලංකාපුරේට ගේනවා.
ගෙනල්ලා මාස ගාණක් ට්‍රයි කරනවා එක එක විදිහට තමං ඒකිගෙ අයියා කියලා ඔප්පු කරංඩ. ෆැමිලි ට්‍රී එක, ෆොටෝ ඇල්බම් එහෙම පෙන්නුවට, රාවණා ගුලි කැව්වට, මේකි නෙමෙයි ඒවා කණකට හිතකට වත් ගන්නේ. කොහෙවත් යන රාමෙක් ගැනම සිතා ඌම පතා බතුත් කකා ඉඳිද්දි තමයි හනුමා මුද්දත් පුකේ ගහං ඇවිල්ලා වැඩේ කාලා ලංකාපුරේටම ගිනි තියලා යන්නේ.

ඔන්නෝමයි සැප දීලා තියෙනවයි කියන්නේ. පස්සේ ඔක්කෝම ඉවරවෙලා ආයේ රාමා සීතව කැන්දං ගිහිං මාසගාණකිං ද කොහෙද ගින්දරට දාලා පිච්චෙනවද කියලා බලලා තියෙන්නෙත් ඔය සීන්නෙක හිංද ලු. සමහරවිට ඒකි ඒකෙං මදර් ඔෆ් ඩ්‍රැගන් සීන්නෙක දාංඩැත්තේ රාවණා පැවතෙන්නේ ගිනි නොගන්න පරම්පරාවකිං නිසා වෙංඩත්තැති. කවුද ඔව්වා දන්නේ.
දැං මේක හාලා නොතිබ්බෞත්තලත් මේක තමං හොයාගත්තා වගේ ප්‍රශ්න කරලා ලුණු ඇඹුල් දාලා කාක්කා හැත්තපංදාහ කරගෙන බෙලි ගෙඩියක් වැටුණහම දිව්ව හාවෝ වගේ ඒ මේ අත දිව්වට කමක් නෑ.

“ආකුල්යා” කියන නමේ තේරුමත් “සංඥකමෝල් කරලා කරකෝලා අරිනවා” වගේ එකක් නිසා ඒක තවත් සුපිරි. මං ගියා.

© 2020 Pamuditha Zen Anjana (මාරyeah)

#අකුල්යා #රාමායණය #රාවණාමටරවනා #රාවණා #කන්ස්පිරසිතියරි #ෆැන්ටතිහාසය #භොළව්යඛ්ඛයිණේ #ඒකන්දත්තපේතමයිමේකන්දත්තපේතමයි #නගුලි #රාමාසීතාරාධාක්රිස්ණාසාලියාසෝකමළා #lka

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s