ඔඩ්ඩිසගේ සුවිසැරිය

“නෑනේ මචං, ඒලියන්ලෝඩ්ස් ලා ගේමට බැස්සේ පස්සෙනේ. උඹට මතක නැද්ද ඊට කලිං ගැහුවේ අර තඩාර නියුක් එක නේ?”

“මඟුලක් කතා කරනවා, යකෝ, අර උඩහ තිබ්බ බිල්ඩිම කෑලි හතරකට කඩලා ගියේ උඹ කියන උලව්වේ නියුක් එකෙං නෙමෙයි. අර කලින් හෙණ සයිස් කොන්ක්‍රීට් පදාසයක් වැටුණයි කියලා චාමරයා කිව්වේ. ඒ කොන්ක්‍රීට් රෙද්දක් නෙමෙයි බං. ඒක තමයි එතුමංවහන්සේලගෙ ෂිප් එක!”

“න්නෑහ්? සිරාවට? උඹ දැක්ක ද?”

“නිකං පලයං යකෝ බොරු නොගහ”

“බොරු නෙමෙයි යකෝ. ඉතිං උඹ කියන්නේ මං හිටියේ වෝල්මාට් එක ගාව. එතනින් අඩි දහයක් එහායින් තමයි උංවහංසේලා බෑවෙ. ගේමට එන්ටර් වුණේම බයිසිකල් චේන් නකල් බකල් ඔක්කොම ඔතාගෙන පතාගෙන. බැස්ස ගමං කෙළියේ ත්‍රීවිල් ගැන්සියට.”

“හිහ්, බලහං ඩෝ මේ කැරියා දැක්කා වගේ බොරු වමාරන හැටි! උඹලත් ඉතිං අර මොක්කුද වගේ අහං ඉන්නවනේ?”

“ආ මේ එන්නේ. අඩෝ ජෝනා මුංට කියහං බං. මුං මං මෙච්චර කියලත් විශ්වාස කරන්නෙම නෑ නේ. යකෝ අපි දෙන්නා එතනිං බේරිලා ගියේ සෑහෙන ගේමක් දීලා. කියහංකො හුත්තො බුම්මට්ටා වගේ බලං ඉන්නේ.”

“මුගෙ බොරු බං. මේ මූ දිහා බලහං. ඌ සද්ද නැතුව ඉන්නේ මූව බයිට් කරන්න කැමති නැති හිංදා. උඹ හැමදාම ඌව ඩිෆෙන්ඩ් කරන්නෙපා ජෝනා. බලහං මූ උඹවත් ඇදගෙන බොරු කියන්න පටං අරන් තියෙන්නේ.”

“හැබැයි මෙහෙම එකකුත් තියෙනවා මචං. ඕක මං දැක්කේ සෑහෙන දුරක ඉඳංනෙ. ආය කල්පනා කරලා බලද්දි මට හිතෙන්නේ ඒ කොන්ක්‍රීට් එක හරි මොකක් හරි සීන් එක වැටුණම නෙමෙයි ද කොහෙද බං.”

“ඒ කිව්වේ?”

“නෑ බං. නිකං දැං කල්පනා කරද්දි ක්ලික් වුණේ. ඒක නිකං පොඩ්ඩක් හිමිං වගේ පාත් වුණේ බං. දැං බිල්ඩිම වැටිච්ච විදිහ උඹ දැක්ක නේ? ඒක සලබලාං! ගාලා ඔහේ වැටුණනේ?”

“ඔව් ඉතිං? එහෙම්ම නෙමෙයි ද එතකොට ඔය කෑල්ල වැටුණේ?”

“නෑ බං. මේක තමයි මුලිංම වැටුණේ. ඒකෙං පස්සේ තමයි බිල්ඩිමම බිමට පාත් වුණේ. එහා පැත්තට නේ වැටුණේ. හරියටම පෙනුණේ නෑ. හැබැයි දැං හිතෙනවා ඒක පාවෙලා වගේ පාත් වුණේ කියලා.”

“මොන හුත්තක් කියවනවද මංද බං. එකක් කියහංකො. දැං කියනවා පාවෙලා ආවලු. යකෝ කොන්ක්‍රීට් පාවෙන්න පුළුං කියලා හිතුවද?”

“පුළුං නෙමෙයි හුත්තො ඒක තමයි ශුද්ධවූ ෂිප් එක. කොහෙද උඹලා ඉතිං අපි කියන එව්වා විශ්වාස කරන්නෑනේ.”

“ෂිප් එක? ඔය ෂිප් එක දාගනිං තොට වහගන්න අමතක වෙලා. මේ ඕයි චාමරයා, අපි දැන්වත් අර වැඩේ කරමු ද? මෙතන මුං ආගිය තොරතුරු කතා කරන්න තියාගත්තනේ. වැඩක් කරන්න ආවොත් ඔහොම්මමයි!”

“හිහ්, කියලා වැඩක් නෑ ඔඩ්ඩිසයා. ගනිං ඔන්නොය ලැප. මං කියන්නං උඹ ටයිප් කරගෙන යනවනේ? ඒ ඔහොම්ම ප්ලේන්ටියක් හදං වරෙංකො බං කුස්සියට යන එකේ.”

“අඩෝ මට ඉඟුරු කෑල්ලකුත් තියේ නං තලලා දාං හරි ද?”

“අඩෝ ජෝනා, ටීවී රූම් එකට අරං වරෙං. මුංට වැඩේ කරන්න දීලා අපි ඒ පැත්තට කැපෙමු!”

“උඹ පටං ගනිං. මං රෙඩි!”

“එළ මං නවත්තන්නැතුව දිගටම කියාගෙන යනවා, නැවැත්තුවොත් සීන් එක පැටළෙනවා. හරි ද?”

“මං ඔඩ්ඩිස හුත්තො. බය නැතුව ඔය ටික පේළියට කියහං. පැය තුනෙං වැඩේ ඉවරයි ආයේ දන්නවනේ!”

“හරි. ඔන්න එහෙනං ලියන්න ගනිං;

“රංජගේ ෆෝන් රෙකෝඩ්ස් ටික පොලිසියට අහුවුණාට පස්සේ එහෙම වෙයි කියලා කවුරුවත් හීනෙකිංවත් හිතලා තිබුණේ නෑ. මුලිං මුලිං ලීක් වුණේ දුමින්දයගේ සීන් ටිකයි, නීති කේස් ටිකයි, ඔය පියුමිලගෙ අරුංගෙ මුංගෙ විකාර ටිකයි වුණාට, පස්සේ පස්සේ අනිත් පැතිවල එව්වත් එළියට එන්න ගත්තම තමයි ඔස්ට්‍රේලියාවේ ලැව්ගිනි ලංකාවට ආවා වගේ ලංකාවෙ හැත්ත බුරුත්ත ඔක්කොම කලබල වෙන්න අරං තියෙන්නේ.

මුලින් කිව්වේ රෙකෝඩ්ස් එක්ලක්ෂ ගාණක් තියෙනවා කියලලු. පස්සේ ආරංචි වෙලා ඒ එක හාඩ් ඩිස්ක් එකක් විතරයි කියලා. ක්ලවුඩ් ස්ටොරේජ් ඇක්සස් ටික අරගෙන පස්සේ එතනිං ආපු ඩීටේල්ස් ඔස්සේ ගිහිං ස්විස් බෑන්ක් වලට කෝල් කරලා ඒවයේ ආරක්ෂිත සේප්පු වල තිබ්බ අනිත් හාඩ් ඩිස්ක් ටික ගෙන්නගත්තට පස්සේ තමයි ඔක්කෝම දෙලෝ රත් වෙලා ඩැමේජ් කන්ට්‍රෝල් කරන්න අරං තියෙන්නේ. එතකොට පරක්කු වැඩියි. අස්සයෝ පැනලා ගිහිං ඉස්තාලෙ ගිනිත් අරගෙන තියෙද්දි ගින්න නිවන්න කෙළ ගහනවා ඊට ලේසියි. අනික මේ වගේ හතර අතේ ලීක් වෙද්දි මොන ගොනාද ඉතුරු එවිඩන්ස් ටිකත් හැන්ඩ්ල් කරන්න උංටම දෙන්නේ?

කොහොමත් දෙදාස් විස්ස ලෝකෙටම මඤ්ඤං අවුරුද්දක් වෙලා තිබිලා තියෙන්නේ. එක පැත්තකිං ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි වලිං හෙණ ගාණක් අවතැන් වෙලා සත්තු බිලියන ගාණක් පණ පිටිං රෝස් වෙලා මැරිලා. අනිත් පැත්තේ ඇමරිකාවයි ඉරානෙයි මරාගන්න පටං අරංලු. ගේම කෝල් කරලා තිබ්බට කවුරුත් හිතුවේ නැල්ලු වැඩේ එච්චර දුර දිග යයි කියලා. ඒ අව්වැස්සේ ගැලැක්සි එස් ට්වෙන්ටි එකේ උං එවපු එෆ්ආර්බී එක සයන්ටිස්ට්ලට අහුවෙලා. ලංකාවෙ විතරක් නෙමෙයි. ඒ සයන්ටිස්ට්ලා ඇරුණම හිටපු වෙනත් සයන්ටිස්ට්ලා ඇරෙන්න කවුරුවත් ඒ එෆ්ආර්බී සීන් එක ඩොලරයකටවත් මායිම් කළේ නෑ. ලෝකේම උං වොරි වෙලා හිටියේ ලෝක යුද්ධේ ගැනලු. ලංකාවේ උං වොරි වෙලා හිටියේ ඊළඟට ලීක් වෙලා කෙළවෙන්නේ කාට ද කියලලු.

ඒ අස්සේ එක එක එවුං කිව්වත්ලු; “යකෝ අන්න අරෙහේ ලෝක යුද්ධයක් පටං ගන්න හදනවා, උඹලා මෙතන රංජගෙ මඟුල අස්සේ හිරවෙලා ආතල් ගන්නවා”, “පෘථිවිය ලෝක යුද්ධයක මුව විට..
ලංකාව රන්ජාගෙ ජොකා සිඹිමින් !” වගේ කතා. ඩොනල්ඩ් ට්‍රම්ප්ලටයි ආයතොල්ලාහ් අලි ඛමේනෙයිලටයි පූටින්ලටයි අරුංටයි මුංටයි ඔක්කොටම වැරදුණේ ඔතන තමයි. ලෝක යුද්ධෙකුත් නවත්තගන්න ඉඩ කඩ තිබිලත් ඒකට හරි ඇක්ෂන් එකක් ගන්න බැරි වුණේ ඇයි කියලා දැනගත්ත සාමාන්‍ය මිනිස්සුංට තමයි වැඩිපුරම කෙළ වෙලා තියෙන්නේ. ඇයි උංට විතරයි අන්තිමට ගිල්ට් එකක් කියලා දෙයක් ඉතුරු වෙලා තිබුණේ.

අමෙරිකාවෙන් කාසෙම් සොලේයිමානි ඝාතනය කිරීම නිසා ඉරානේ රිටැලියේට් කරලා ඒකට බැක් ඇන්ඩ් ෆෝර්ත් උත්තර දීමේ ප්‍රතිඵලයක් විදිහට යුද්ධේ පටං ගත්තා කියලා මාස තුනක් විතර මිනිස්සු විශ්වාස කරා තමයි. ඒත් ඇත්ත හේතු එළියට එන්න ගත්තෙ පස්සේ නේ.

වැඩේ කෙළ වුණේ අර යුක්‍රේන් ප්ලේන් එක ක්‍රෑෂ් වුණාට පස්සේ. ආ ඒ අස්සෙම අර නියුක්ලියර් ප්ලාන්ට් එක ගාව ඇති වෙච්ච භූමිකම්පාව. ඔය දෙකම ළඟ ළඟම වුණේ. සෙට් එකක් ප්ලේන් ක්‍රෑෂ් එකට හේතුව හොයාගෙන යනවා, තව සෙට් එකක් ප්ලාන්ට් එකට භූමිකම්පාවෙන් බලපෑමක් තියෙනවද හොයනවා, තවත් සෙට් එකක් ඉරාන් රිටැලියේෂන් එකෙං ඇමරිකාවට වෙච්ච ඩැමේජ් එක හොයනවා. කන්ස්පිරසි තියරීස් කෝටියක් විතර එහේ මෙහේ ෂෙයා වෙන්න ඇති. ලංකාවේ උංගෙනුත් බාගයක් විතර ඔය සෙට් එකයි, මේ ඔක්කොම ප්ලෑන් එකක් කිය කියයි, ක්‍රිකට් මැචුයි, දෙවනි ඉණිමයි, තව අනං මනනුයි තමයි හොයලා තියෙන්නේ.

වැදගත්ම කාරණා ටික ලාවට හරි උවමනාවකින් හොයන්න හිටියේ ලංකාවේ ජනගහණයෙන් සීයට විසිපහක් විතර වගේ ලු. හරියටම ෂුවර් නෑ ඉතිං. ඒ කාලේ ගාණක් මිම්මක් ගන්න විදිහක් තිබිලා නෑ නේ. ෆේස්බුක් එකෙං කවුන්ට් එකක් ගන්නවා කියන්නේ ඉතිං අර වතුර බොන්න ගිහිං මැරිච්ච ඔස්ට්‍රේලියන් ඔටුවොංගෙ ඇඟේ හිටපු කිනිතුල්ලෝ ගණන් කරා වගේ තමයි. මෙලෝ රහක් නෑ.

ස්විස් බෑන්ක් වලිං ගෙන්න ගත්තු හාඩ් ඩිස්ක් වල තිබිච්ච ඩේටා එන්ක්‍රිප්ෂන් එක සැර වැඩියි. ලංකාවේ සුපිරිම වැඩ්ඩෝ මාස දෙකතුනක්ම ට්‍රයි කරලා කරලා ඒක ක්‍රැක් කරන්න බැරිම තැන, මාර්ච් ඒප්‍රිල් වගේ ඇති මතක විදිහට, අර ඡන්දෙත් කට උඩ තියාගෙන, ලෝක යුද්ධ සේයාවලුත් බල බල, විලි ලැජ්ජ නැතුව ඇමරිකාවෙංම ගෙන්නලා ඩේටා ඩික්‍රිප්ට් කරන්න පොරවල් ටිකක්. මුංටත් වැඩේට සතියක් විතර ගිහිං. වැඩේ ඉවර කරපු සැණින් ඒ ආපු සුද්දෝ රතු වෙලා කල්ලෝ දම් වෙලා, ඉහිං කණින් දාඩිය දාලා, සමහරු කලන්තේ දාලා, සමහරු මීමැස්මොරේ වගේ ෆිට් එක හැදිලා සෙම දාගෙන බිම දඟලනවලු, උංගෙ ටීම් ලීඩර්ස්ලා බිත්ති බදාගෙන කෝල් ගන්නවලු, හෙණ සීන් එකක්.

ඒ හාඩ් ඩිස්ක් වල; ට්‍රම්ප් එක්ක, ආයතොල්ලාහ් එක්ක, පූටින් එක්ක විතරක් නෙමෙයි ලෝකේ වටේම නායකයො එක්ක, වැදගත් තනතුරු දරණ උං එක්ක, සෙලිබ්‍රිටීස්ලා, එතනිං එහාට දලයි ලාමාලා, පාප්ලා, ගෝත්‍රික නායකයෝ, විතරක් නෙමෙයි එස් ට්වෙන්ටි ගැලැක්සි එකේ උං එක්ක පවා රංජා කතා කරපු කෝල් රෙකෝඩ්ස් කෝටි ගාණක් තියෙනවා කියලා දැනගත්තු ගමං ඇමරිකන්කාරයෝ සෙට් එක ගේම ගහලා තියෙන්නේ මේ ප්‍රශ්නේ බැරෑරුම් කම නිසාම, කිසිම දෙයක් ලීක් නොවෙන්න ෆුල් සෙකියුර් කරලා වර්ල්ඩ් ලීඩර්ස් මීටින් එකක් තියලා විසඳුමක් එනකං මේකට ආරක්ෂාව දෙන්න.

ලංකාවෙ උං එක්ක කොහෙද ඒ සෙල්ලං. එක බඩ මහත නිලධාරියෙක් ඇවිල්ලා කිව්වලු, “ඕයි අයිසේ. ගුඩ් ජොබ්. යූ ගෝ. වී ටේක් දිස් කෝට්. ඕල් අතේ කෝට්. රංජා පිනිස්. ‍යු ජොබ් පිනිස්. ඛතම්. ඉවරයි. දැං යංඩ. ආයුබෝවන්. වෙල්කම් ටු සී ලංකා. දිස් හඬපට අස්සස්.” කියලා.

සුද්දා ගේම අතඇරලා නෑ. ඌ දන්න සිංහලෙන් කියලා, මේක මෙහෙම විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි, ලෝකෙ ගවමන්ට්ස් ගොඩක් එක්ක කතා කරලා ගන්න ඕන තීරණයක්, ඒ නිසා මේක දෙන්න බෑ අරකයි මේකයි කියලා. ලංකාවෙ උංට ඔය බයිලා වලිං වැඩක් නැති නිසාත්, ඒ ගොං සුද්දංට කල්ලංට ලංකාවෙ උංගෙ ඉංග්‍රිසී තේරෙන්නැති නිසාත්, එහෙ උංගෙං එකෙක් ගිහිං පරණ නොකියා තර්ටිත්‍රී ටෙන් එකකින් අරුංගෙ ටීම් ලීඩර් ට කෙළලා. ටීම් ලීඩර් එතනම නිවන් දැකලා. අනිත් උං බය වෙච්ච පාර “තුං හෙළේ කැලෑ තුළ සිංහ පැටව් ඉන්නවෝ, බුදු අම්බෝ” කියලා එහෙම්ම ලංකාවෙ ගැට්ටට දුවලා පැරිෂුට් දාගන්නෙවත් නැතුව ගැට්ටෙං බිමට පැනලා මැරිලා.

ඒ ඔක්කොම වෙලා පැය බාගයක් යන්න කලිං, මුලිංම ක්‍රෑෂ් වෙලා තියෙන්නේ යූටියුබ් එක. ඒ ඉරාජ්ගෙ චැනල් එකෙං එක පාරට අප්ලෝඩ් වෙච්ච ඕඩියෝ ක්ලිප් කෝටිය නිසා. ඒවා වයිරල් වෙලා ට්‍රෙන්ඩිං වෙලා රෙකෝඩ් බ්‍රේක් කරගෙන යද්දි, වීව් කවුන්ට් කරගන්න බැරුව ඇල්ගොරිද්ම් ෆක් වෙලා, සර්වර්ස් උණු වෙලා යූටියුබ් නැත්තටම නැති බංගස්ථාන වෙලා.

ඊළඟට සුවීප් එක ඇදිලා තියෙන්නේ ඉන්ටනෙට් එකට. අර අප්ලෝඩ් වෙච්ච ටිකට, ඒ ඔක්කොම ඉලව් ඩවුන්ලෝඩ් කරලා ඒක එක එක තැන් වල අප්ලෝඩ් කරලා වීව්ස් ගන්නයි අරකටයි මේකටයි ෂෙයා කරගන්න දඟලපු ලෝකෙම එවුං නිසා ඉන්ටනෙට් එකත් යන්ටනෙට් වෙලාම ගිහිං.

ලෝකේ නායකයො වැදගත්තු අරුං මුං කියාගන්න ඔක්කෝගෙම රෙදි ඉල්ලෙයි වෙච්ච නිසා කවුරු කාට මුලිං ගැහුවද කියන එක තාම හොයාගන්න බෑයි කියලා තමයි කියන්නේ. හැබැයි ගොඩක් උං නං කියන්නේ මුලිංම ඔක්කෝම එකතුවෙලා තියෙන ඔක්කොම නියුක්ස් අනං මනං වලිං ගැහුවේ ලංකාවට කියලා. දන්න එවුං කියන විදිහට ලංකාවෙ ස්පෙසිෆික් ටාගට් කෝඩිනේට්ස් දෙකයිලු තිබිලා තියෙන්නේ. එකක් මාදිවෙල පැත්තේ, අනික කොළඹ පහ පැත්තෙලු. ලංකාව පොඩි නිසා ඉතිං දෙක ගහද්දි කවුරුත් ඉතුරු වෙලා නෑ.

පස්සේ ඉතිං වැඩි කල් යුද්ධේ ගෙනියන්න හම්බුණේ නෑයි කියනවා. මොකද කවුරු කාට මොකට ගහනවද කියලා කාටවත් හරියට මීටරයක් තිබ්බේ නෑලු. ඔක්කෝම මරාගන්නං වාලේ මරාගෙන. ක්ලයිමේට් චේන්ජ් ගැන වෝනිං දීපු උනුයි, ගැලැක්සි එස් ට්වෙන්ටි ගැන රීසර්ච් කරපු උනුයි ඒ සියල්ල අතෑරලා කාකොටාගෙන.

හැබැයි ලෝක ජනගහනයෙන් සීයට තුනක් විතර ඉතුරු වෙලා ඉන්දැද්දි හරියටම මාස පහකට පස්සේ මේජර් ජෙනරල් ග්‍රෙටා තන්බර්ග්, ඒත් මෝර්ස් කෝඩ් වලිං තව රෙඩ් වෝනිං එකක් යවලා තියෙනවලු. ඒක දන්නෙත් එයාගෙ ෆලෝවර්ස්ලා විතරයි කියලා තමයි වටිං ගොඩිං ඇහෙන්නේ නම්. ඒකේ එතුමිය කියලා තියෙනවා ළඟදීම පොදු සතුරෙක් වෙනුවෙන් ඒකරාශී වෙන්න මිනිස් වර්ගයා සූදානමින් සිටිය යුතුයි කියලා. වාසනාවකට වගේ ඒ මෙසේජ් එක ඔක්කෝටම ගිහිං නෑ. ගියානං මේක ලියන්න අද මාත් මෙතන නෑ.

එහෙම වුණානම් අපේ පරම්පරාවෙ උං යුද්ධෙට ගිහිං වාස්ප වෙලා ඩිසපියර් වෙලා!

ඒලියන්ලෝඩ්ස්වහන්සේලට හරි උංවහන්සේලාගේ ෂිප්වහන්සේලාට අතක් වත් තිබ්බ එකෙක්ගේ සෝල් එසන්ස් එකක් වත් ඉතුරු නොවෙන්න කර්මය පඩිසන් දීලා. සාමයෙං සමාදානෙං, ඔන්නොහෙ තියෙන අලයක් කොළයක් කාගෙන කියන විදිහකට ඉන්නං කියපු හැමෝටම අභය දානය ලැබුණයි කියලා අපේ ආච්චම්මාගේ සෙල්ෆි ක්ලිප් එකක තිබ්බා.

මේ 2695 අවුරුද්ද. මං ඉන්නේ එස් ට්වෙන්ටි ගැලැක්සි එකේ ෆස්ට් අර්ත් එකේ. මං ඉපදුණේ මිල්කිවේ සෙකන්ඩ් අර්ත් එකේ. ඒ වගේ නරා වළක ඉපදිලා මේ වගේ තැනකට ඇවිල්ලා මෙහෙම ඉන්න පුළුවන් වීම ගැන ඇත්තටම අපේ පාසල් මාතාවගේ විදුහල්පති ලෝඩ් ඩිස්කියෑවුං වහන්සේට පිං දෙන්න ඕන. උන්වහන්සේ නැත්නම් මේ වගේ වාසනාවක් අපි වගේ අවාසනාවන්ත ජොකියන්ට හම්බවෙන්නේ නෑ. ශිෂ්‍යත්වේ පාස් වෙලා එහෙං මෙහාට ආවේ නැත්තං මගේ ජීවිතේ සෑහෙන වෙනස් වෙන්න ඉඩ තිබ්බා.

රචනාවක් වුණත්, කාටවත් ලොකු වෙනසක් වෙන්නේ නැති වුණත්, මං මේක ලියන්න තීරණය කළෙත් ඉතිහාසය දන්න ඕන තරම් මිනිස්සු හිටියත්, ලෝඩ් වහන්සේලා අපිට හරි විදිහට ඉතිහාසය ඉගැන්නුවා වුණත්, ඉස්සරම සෙකන්ඩ් අර්ත් එකේ හිටපු මිනිස්සු වගේම, ඔබ වහන්සේලත් ඉතිහාසය ඉග්නෝ කරලා, ඒ හරක් කරපු වැරදි ඒ විදිහටම කරගෙන යනවා කියලා දැනිච්ච නිසා…”

“ම්ම්ම්.. දැනිච්ච නිසා… හරි!”

“කියපුවා ඔක්කෝම හරියට ටයිප් කරා නේ?”

“ඔව් ඔව් හුත්තො. ඉඳා. ඕන්නං කියවලම බලපං.”

“නෑ නෑ. ඕන්නෑ. මං පුරුද්දට ඇහුවේ. ඕක හරියට එන්ඩ් කරන්න තේරෙන්නෑ. එන්ඩිං එකක් අද රෑට කල්පනා කරලා දාමු!”

“එළ එළ. මාත් පොඩ්ඩක් කල්පනාවක් දාලා බලන්නං.”

“අඩෝ චාමරයා ඔය ඉලව්ව ඉවර නැද්ද යකෝ? මේ හතරාමාරේ කාටුන් පටන් ගන්න යන්නේ! වරෙං ඕක දාලා”

“අඩෝ තව පොඩ්ඩෙං අමතක වෙනවා කියහංකො. යමං යමං. ජීඅයියෝඕඕඕඕ! ජීඅයියෝ ඉස්දෙයාර්.. ජීඅයියෝ!!!”

© 2020 Pamuditha Zen Anjana