වහා කැඩෙන බිඳෙන සුලුයි

ඉල්ලංකාවේ සංස්කෘතිය, ස්වෛරීත්වය, සදාචාරය, සභ්‍යත්වය, භෞමික අඛණ්ඩතාවය, ස්වයංවරය, උණ්ඩුකපුච්ඡය, අග්න්‍යාශය, ජාතිය, ආගම, ඉතිහාසය යනාදී එකී මෙකී නොකී සියල්ලම ඉතා ෆ්‍රැජයිල් (ඒ කිව්වේ වහා කැඩෙන බිඳෙනසුලුයි කියලෞත්තෝ) ය.

ඒකත් හරියට අර බඳින්න යන එකීගේ කන්‍යාපටලය වාගේ ය. මුං ඔක්කෝම හිතන් ඉන්නේ ඒක මාර හුත්තක් කියා ය. පුළුවන් තරම් පැකින් පිට ගන්න හදනවා ය. ජපන් කොඩි නැතිවුණොත් පහුවෙනිදා උදේ හෝටලේට කාමරේට එන අම්මාගේ, එහා ගෙදර ඇන්ටිලාගේ සිට සියලූමෞත්තිලා මෙන්ම තාත්තා හෝ එහා ගෙදර අංකල්ලාගේ හෝ රාජා හෝ මංගලියා හෝ අනිත් පයියලා පයියේවැල දාගෙන හාට් ඇටෑක් හදාගෙන මැරෙන්නට හදනවා ය. හැබැයි ඉතිරි පුළුවන් හැම වෙලේම පුළු පුළුවන් විදිහටත් අවලමේ යනවා ය. උං කොතරම් අවලමේ ගිය ද කවදාහරි කසාද බඳිනවානම් බඳිනෞත්තියොන්ගෙන් ඉරයි හඳයි කෙළයි පුකයි දෑවැද්දයි ඔක්කෝම ඉල්ලනවා ය. (ලිටරලි නෙමෙයියුත්තෝ)

කියන්නට ආවේ කන්‍යා පටලයක් ගැන නෙමෙයි වුණත් හුත්තක් මතක් වුණාම අපිත් ඩිස්ට්‍රැක්ට් වෙනවා සත්තයි ය.

ඩිස්ට්‍රැක්ෂන් එක පසෙකට ලා බැලූ කල පැහැදිලිව පෙනෙන දෙයක් නම් ඉල්ලංකාවේ වේසිගේ පුතාලා හිතන්නේ අරයාකාර විදිහට බව ය. ඒ කියන්නේ මුංගේ වහා කැඩෙන බිඳෙනසුලුත්තවල් සේරම මුංම අවලමේ යවා පසුව අනුංව අල්ලං මූ හිකුවා මූ හිකුවා කියා මැරෙන්නට හදනවා ය.

මුංට අනුව මුංගේ රටේ තියෙන ප්‍රධාන ආගම ලෝකෙං අංක එක ය. පරම සත්‍යය ලු ය. හැබැයි ගෑණියෙක්ගේ අතේ පච්චයකින් හෝ බිකිණියක ගැසූ නිඝණ්ටනාතපුත්තගේ කොපි කැට් චිත්‍රයකට හෝ ඇඳුමක ප්‍රින්ට් කළ කැන්ද කොළේකින් හෝ සෙරප්පුවක ගැසූ නැව් සුක්කානමකින් හෝ කවුරුහරි හුත්තෙක් ලියන පොතකින් හෝ අඳින චිත්‍රයකින් හෝ අඹන හුත්තකින් හෝ මුංගෙ අංක එකේ රොම්බ බුදුඅම්මෝ අලි පුක චොර වී නන්නත්තාර වී පරම සත්‍යය බොරු වී පඩයක් වී ලෝකෙට නිදහස් වෙනවා ලු ය.

දැන් දැන් දැනගන්නට ලැබෙන පදිරි මුංගේ අංක එකේ ඉතිහාසයත් එහෙම පයියක් ලු ය. කොහේවත් නැති ගලකට නැග කැමරාවට පුක පෙන්වීමෙන් මුංගේ ඉතිහාසය ලොන්ත වී ලොම් හැළුණු නාකි කටු බැල්ලියකගේ ඇඟේ සිටින මැක්කකුගේ පඩයක් තරම් නොවටිනා වී උංගේ අලිපුකේ ගල් වල තියෙන පුරාවිජ්ජාත්මක වටිනාකම ලපයිසිපයි වී යනවා ලු ය. පුරාවිජ්ජාත්මක ගලට උඩින් පුක තබා කැමරාවට පෙන්නීමෙන් හානි වෙලා ලු ය.

අනේ හුකේ ය. නන්නානේ ය. සාලියාශෝකමාලාට හිකුවේ හඳපානේ ය.

ඒ කාලේ ඉඳම්ම මුං හිතන් ඉන්නේ මුංට කෙළින්න සකල ලෝකවාසී සියලූම මනුෂ්‍යයන් සැදී පැහැදී බලා ඉන්නවා කියලා ය. උදේට බොන තේ කෝප්පයේ ද කිඹුල්ලු නැත්තං හූනෙක් ඩයිනසෝරයෙක්වත් දැක කෑගැස්සෙනවා ය. හැබැයි හරියට බැලුවොත් මුංගේ රටයි මුංගේ හිඟන මානසිකත්වයයි ගැන දන්නේ ලෝකෙන් සීයට පහක් දහයක් විතරයි ය. අනිත් සීයට අනූවම වාගේ මේ ලොන්ත දූපත ගැන හීනෙං දැකලාවත් නැති ය.

මුංටම හරියන්න කුඩු සික් එකේ ඉන්නා පාලංකුඩ්ඩෝ මෙන් නියපොතු එක්ක ඇඟිලි ද කකා ඇට රිළව් මෙන් නියෝ නියෝ නිව්ස් හොය හොයා අතේ ගසමින් ෆේස්බුක් හි කරක් ගසන පඩංගු මාජ්ජවේජී හැතිකරයක් ද ඉන්නවා ය. මොකක් හරි හුත්තක් ෆේස්බුක් එකේ මාතෘකාව වූ සැණින් උං කරන්නේ ගතමන්ට් එකට ඒ රැල්ල උන් හොයාගත්තා වාගේ විකුණන් කෑම ය. හීන් නූලෙන් ගේම ගසා නූල කඩන්නට මේ කැරියෝ අති දස්ස ය.

කණාමැදිරියාට බය එකාට හයි පවර් ෆ්ලෑෂ් ලයිට් එකක් ගැසුවාක් සේ මුං අර පඩංගු මාජ්ජ වල දාන හුත්තවල් වලට මිනිස්සු බිය වැදී බිල්ඩිං පෙරළං දුවනවා ය. ඒකට කලබල වෙන ටෞකණ ආගමිකපකයිත් පොලිසියත් එකතු වී බට කැළේට ගිණිතියා හාවුන් අල්ලනවා ය. මුං ඊට පස්සේ ඒ හම්බවෙන සොච්චමෙන් අම්මටත් හුකා ගෙදර ළමයින්ට කන්න දෙනවා ය.

අන්තිමට ලොවෙත් නැති ආතල්ලෙකකට පොඩි පකයි ටිකකගේ විගඩමකට රටම ගිණිතබා උන්ව දඬුකඳේ ගසා ප්‍රසිද්ධියේ එල්ලා අපරාධකාරයන්ගේ ගොඩට දක්කනවා ය. ඉතිං රට හරක් කවුද කියා මේ ලියන අපිට ටෞඛණ ප්‍රශ්නයක් එනවා ය.

ඒ අතින් බැලූ කල ඉල්ලංකාවම එකම ඛේදවාචකයක් ය.

කියන්නට කිසිවක් නැති ය. කියනවානම් කියන්නට වන්නේ ඔච්චරම තොපේ ඔයි වටිනා කියන හැමෞත්තම වහා කැඩෙන බිඳෙන සුලුයි නම් කරුණාකර බෝල් ගාඩ් එකක් වත් දාගන්න කියා විතර ය. අඩුම තරමේ එතකොට ඇට දෙක වත් ඉතුරු වනු ඇතැයි හිත හදාගත හැකි ය.

© 2018 Pamuditha Zen Anjana

#ජාතිකපුක්පුරශ්නය #පුක්ඛවග්ගය #මොනෞත්තක්දෝයිමේ #ඉල්ලංකාව #පුකපෙන්නලාහිරේගියාවගේ #දැංඅරකහකඩයාසමාවදෙන්නසූජානංලු #බටකැළේටගිණිතියලානිවන්නචූකළාවගේනේද #කුජීතයිනේදසාමීනී #පුකක්ගියදුරක් #රෙනපුකටනීතියහුකයි #පීස්මාවහිරේදාන්නෙපා #හිරකාරයෝපුකේඅරියි #පුකපෙන්නලාපුරාවිජ්ජාවටහානිකරමු #කොමඩිලෑන්ඩ් #මොනෞත්තෙවිහිළුදෝයිමේ #පුකරංගල #lka

Advertisements

~ මළ පන්නගන්න පෙර සිතා බලන්න! ~

(කාලීන ඔන්ලයින් ධර්ම දේශනාව.)

මචං උඹට තියෙන්නේ මානසික ලෙඩක්.

මං වගේ කොහෙවත් යන මෙලෝ රහක් නැති ජිල්පිට්කැරියෙක් දාන මොකක් හරි නොවැදගත්තුත්තක් නිසා රට ජාතිය ආගම වගේ උඹට අම්බානක වැදගත්, හැබැයි මට පඩේකට නොවැදගත්, තිබ්බටුපයියක් නැතිවෙනවයි කියලා ලේ කෝප කරගෙන, පක උල් කරගෙන, මූව මරං කන්නෝනෞත්තො කියලා මෙසේජ් කරනවා.

දැං බලහං උඹ දිවහපාගෙන, පුකේ පොරවක් ඔබාගෙන, කීබෝඩ්ඩෙක උඩ නැගලා, කීස් පාග පාග කොටලා, ලේධාතුව රත්කරං දාපු, මෙසේජ් එකෙං කමෙන්ට්ටෙකෙං මොනා හරි වෙනස් වුණාද?

මං දාපු පෝස්ට් එකෙං, මං ලියපු පොතෙං, මං ඇඳපු චිත්‍රෙං, මං අඹපු පිළිමෙං, මං කියපු සිංදුවෙං, උඹේ රටජාතියආගමට කෙළ වුණා ද?

මං බුදුන්ට, ජේසුට, නබිට, හුකහං කිව්වත් ඒ මනුස්සයන්ටවත් (සර්වබලධාරී දෙයියංට හෝ අල්ලා දෙයියංට හෝ කතරගම දෙයියංට හෝ ශිව දෙයියංට හුකහං කිව්වට උංට කොහොමත් මොකුත් වෙන්නේ නෑ, උං දෙයියොනෙ බං!) උඹටවත් බුද්ධ දර්ශනයට/ආගමටවත්, ඉස්ලාම් හෝ කතෝලික ආගමටවත්, රටට ජාතියටවත් කිසිම දෙයක් වෙන්නේ නෑ.

හැබැයි පුතෝ උඹේ ඊගො එකට නං සෑහෙන හර්ට් වෙනවා. උඹට එකපාරටම හිතෙනවා “අඩෝ මුගෙ අම්මට දාලා, මේ කැරි දුම්බටහුකන්නා කොහොමද “මගේ” රටේ ඉඳගෙන “මගේ” ජාතියට මෙහෙම කියන්නේ හුත්තො? මරාගෙන මැරෙනවා පකෝ!” කියලා මළ පනිනවා.

(මං හිතනවා උඹ බෞද්ධයෙක් කියලා, නැත්තං උඹේ ආගමේ දහමේ විදිහට මේ ඊළඟට කියන හුත්තවල් වෙනස් කරගනිං)

උඹේ ධර්මයට අනුවම උඹේ හිතේ ද්වේශය වැඩෙනවා. උඹ අකුසලයක් සිද්ධ කරගන්නවා.

බලපං මගේ අතිශය සරළ ආතල් එකක් නිසා උඹට කෙළ වුණ හැටි.

මේක විහිළුවක් නෙමෙයි. වෙලාව අරගෙන කල්පනා කරපං;

මං මාරයා. (කතෝලික ඉස්ලාම් භක්තිකයෝ සාතන් කියලා වෙනස් කරගන්න) මං ද්වේශය වඩවලා උඹලගෙ සසර දික් කරනවා. උඹලා මට අහුවෙනවා. හා ද?

ඒක එහෙම ම තමයි වෙන්නේ, උඹලගෙ සසර දික් වෙනවා, මට මොනා වුණත් මට අවුලක් නැති නිසා මං සදාකල් සැපේ ඉන්නවා. (ඔව් ඔව් එහෙම තමයි හිතං ඉන්නේ)

හිතලා බලපං බං, මාරයාට ආතල් උඹලගෙ සසර දික් වෙනවට නෙ. දැන් බලපං. උඹ තාම උඹේ හිත එකඟ කරගන්න බැරි එකට මේක කියවනගමන් මට බණිනවා.

ගෞතම බුදුන් කිව්වේ එහෙමද?

“අත්ථාහි අත්ථනෝ නාථො!”

හරිම සරලයි නෙ. තම හිසට තම අතමය සෙවණැල්ල. ඒක අමතක වෙච්ච උඹ මට බැණ බැණ උඹේ සසර දික් කරගන්නවා.

මං වගේ උංට අහුවෙන්න එපා මචං!

කවුරු මොනවා කිව්වත් කළත් ධර්මය පිළිපදින අන්තිම එකා ඉන්නකං උඹගෙ ඔය අංක එකේ ශාසනය නැතිවෙන්නේ නෑ. හැබැයි උඹම පිස්සු කෙළලා කහකඩ කැරියොත් එක්ක උංගෙ බිස්නස් බේරගන්න පයි උල් කරන් දැඟලුවම ශාසනේ හුකාපලා වෙලා යනවා. මොකද ධර්මය පිළිපදින්න ඕන උං සදාකල් කිකිළියො වගේ රටජාතිආගං බිත්තර රකින්න පිස්සු කෙළින නිසා.

අන්තිමට බලාගෙන යද්දි බුදුන්ට බුද්ධ දේශනාවට කෙළවලා තියෙන්නේ උඹමයි. පූජාසනේක තියලා, දුං අල්ලලා, පුකේ ගහං, අතේ ගගහා, අම්මනා මේ මගේ ආගංසංගලකූටියා කියලා කරේ තියං ආදරේ කරන්න නෙමෙයි හුත්තො ඕක තියෙන්නේ. උඹගෙම ශාස්තෲ තමයි දෙසුවෙ මේක පහුරක් මේක තියෙන්නෙ එතෙර වෙන්න මිසක් කරතියාගෙන යන්න නෙමෙයි කියලා. උඹමයි කරේ තියාගෙන යන්නෙ. උඹමයි අතහැරගන්න බැරුව අතහරින්න ක්‍රම හොයන්නේ. ඒ ක්‍රමේ පැත්තක තියලා “මේක තමෞත්තො ලෝකේ හොඳම ආගම/දර්ශනය, අංක එකෞත්තො, අංක එක!” කියලා කෑ ගහන්නේ.

අන්තිමට කොහෙවත් ඉන්න මං වගේ උංට බැණලා, ගහලා, මරලා, ගිනිතියලා, උඹ හිත හදාගන්නවා, “දුන්නා අරූට කොහොමද දන්නවද? රෙවෙන්න දුන්නා ආයේ, අම්මටමහුකන්නදාලා පවුල පිටින් කපලා ගොඩකට ගහලා ගමටම ගිනි තිබ්බා පකයො! දැනගනිං දැක්කනේ දැංනං අපේ ආගම දහම රට ජාතිය ගොඩ!” කියලා.

දැන්වත් තේරුම් ගනිං, උඹ හැදුණොත් මගේ ආතල් කුඩු, මං කිංඩි දැම්මම උඹට රිදෙන්නෙ නැති දවසට මගේ ආතල් කුඩු. එතකොට මං ෆේල්. උඹ ගොඩ!

ඕක තමයි සරළවම සංසාරේ කියන්නේ මචං. බැඳීම් වැඩි වුණාම සංසාරේ දික් වෙනවා කියන්නේ ඕකටම තමයි

මට අනුව මං ගොඩ, උඹට අනුව උඹ තාම සංසාරේ. විශ්වාසය සහ ඇදහීම් පිළිබඳ ප්‍රශ්නයක් නෙ. මං විශ්වාස කරන්නේ මරණෙන් මතු මොකුත් නෑ කියලා. ඉතිං ගොඩ යන්නෝන උඹ. බලහං තාමත් මං ගැනනෙ හිතන්නේ, යකෝ උඹ ගැන හිතපං! උඹලා ගැන හිතපං! උඹලා එකතුවෙලා හරි ගොඩ පලයං! මගේ ආතල් කුඩු කරපං!

මං මාරයා කිව්වෙ නිකං නෙමෙයි! 😉

#මේකකියවලාවැරදිලාවත්රහත්වුණොත්මටමෙසේජෙකක්දාපං

© 2018 Pamuditha Zen Anjana