මං දැන් ලොකු ළමයෙක්

එතකොට මං පොඩියි. ස්වයං වින්දනය කියන වචනය වත් තේරෙන්නේ නැති කාලේ මම ස්වයං වින්දනය අත්හදා බලමින් හිටියා. මෙන්න යකෝ එක පාරටම අමුතු හැඟීමක් එක්ක මොනාද එකක් එළියට ආවා. බය වෙච්ච පාර මම ආයේ කවදාවත් මොකුත් නොකරම ඉන්න තීරණය කරා.

කුතුහලය නිසාම වගේ එදා ගේම් එකක් ගහන්න ගෙදර ආපු නෑදෑ අයියා කෙනෙක්ට සීන් එක අමාරුවෙන් කියලා උපදෙස් ඉල්ලුවම පොර හිනා වුණා. හේතුවක් නොකියාම මට කාමරේටම වෙලා ඉන්න කියපු අයියා එළියට ගියා.

රෑ වෙද්දි කාමරේ ඉන්න බැරි කමටම දොර රෙද්ද අස්සෙන් ඔළුව එළියට දාල බලපු මට පෙනුණේ අයියා ඒ වෙලාවෙද කොහෙද වැඩ ඇරිලා ගෙදර ආපු අපේ තාත්තත් එක්ක හිනා වෙවී මගේ කාමරේ දිහා බල බල මොනාද කතා කරනවා. තාත්තට සීන් එක කියනවද කොහෙද දැන් නම් ගුටි කන්නත් වෙයිද දන්නේ නෑ. මම ඇඳට නැගලා රෙද්දෙන් ඔළුවේ ඉඳන් පෙරවගත්තා.

ටිකකින් තාත්තා කාමරේට ඇවිත් මට කතා කරා. රෙද්ද මෑත් කරලා බැලුවම අයියත් ඇවිල්ලා. මම ලොකු ළමයෙක් වෙලාලු. දැන් වගකීමෙන් වැඩ කරන්න ඕන කාලේලු. දවස් හතක් යනකම් කාමරෙන් එළියට බහින්න නාන්න කරන්න එපා ලු. ගෑණු පරාණයක් දකින්නත් හොඳ නැල්ලු.

එතැන ඉඳන් දවස් හතක් යනකම් කාමරේට කෑම ගෙනාවේ තාත්තයි අයියයි. පොත් පත්තර කාමරේට ලැබුණා. හත්වෙනි දවස ළං වෙන්න ළං වෙන්න ගෙදරට කට්ටිය එන එක වැඩි වුණා. අපේ නෑදෑයෝ ගොඩක් ගෙදරට ඇවිල්ලලු. මගේ කාමරේට ඉතින් මාමලයි බාප්පලයි අයියලා මල්ලිලා එහෙම ඇවිල්ලා ගියා. හත්වෙනි දවසේ මට පාටි එකකුත් දානවලු. ඒක නම් මොනා වුණත් හොඳයි.

කවුරුත් නැති වෙලාවට අපේ නෑදෑ අක්කලා නංගිලා එහෙම මගේ කාමරේ ජනේලේ ගාවට ඇවිල්ලා එක එක විහිළු කරලා දුවනවා. මට ඒ හැටි තේරුමකුත් නෑ මොකද්ද වෙන්නේ කියලා.

හත්වෙනි දවස උදාවුණා. උදේ පාන්දරම තාත්තයි මාමලා සෙට් එකයි කාමරේට කඩා වැදිලා මාව ඇහැරෙව්වා. ඔළුවේ ඉඳන් රෙද්දක් පොරවලා ගේ මැදින් මාව පිටිපස්සේ ළිඳ ගාවට ගෙනිච්චා. කට්ටියම එකතුවෙලා මාව හොඳට නෑව්වා. වතුරට වතුසුද්ද මල් එහෙමත් දාලා තිබ්බා. මොනාද මොනාද චාරිත්‍ර ටිකකුත් කියලා දේවල් ටිකකුත් කළා.

ආයේ පාරක් මට උපදෙස් යමරෙට ලැබුණා. එදායින් පස්සේ ඉන්න ඕන විදිහ හැසිරෙන්න ඕන විදිහ අරක මේක ඔක්කෝම කියලා දුන්නා. මාව සුදු රෙද්දකින් පොරවගෙන ගේ ඇතුළට එක්ක ගියා. කාමරේ තිබ්බ අළුත් ඇඳුම් ටික අන්ඳවාගෙන මාව සාලෙට එක්කගෙන ගියා.

සාලේ නිවෙන පත්තුවෙන ලයිට් දාලා රසට කෑම මේසයක් එහෙම ඇරලා එකෙන්ම උත්සවශ්‍රීයක් තිබ්බේ. අපේ නෑදෑයොයි පවුලේ හිතවතුන් ඔක්කෝම වගේ හිටියා. ඔක්කෝම මගේ දිහා බලාගෙන හිටපු නිසා මම හෙණ ලැජ්ජාවට පත් වෙලා හිටියේ.

වැඩිහිටියෝ හැමෝටම මට වඳින්න වුණා. හැබැයි ඒ හැමෝම මට එක එක තෑගි බෝග එහෙම දුන්නා. ඒ හින්දා මට ඒකේ ලොකු අවුලක් තිබ්බේ නෑ. කොහොමින් කොහොම හරි එදා තමයි මම ලොකු ළමයෙක් වුණේ. පිරිමියෙක් වුණාම හැසිරෙන්න ඕන විදිහ මට එදා තේරුණා.

~ සමාන්තර විශ්වයක තරුණයෙක් විසින් එවන ලද්දක් බව සළකන්න.

© 2016 Pamuditha Zen Anjana

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s