අවුරුදු නැකැත් පත

සැ.යු. – සියල්ලටම පෙර අවුරුදු නැකැත් සාදාගත යුතු ය. රජයේ නැකැත් කමිටුවේ සාමාජිකත්වය දරණ, කොටු දොළහෙන් තෙකල් බලනා පරම්පරාවේ කුල්ලු මලයාලි පිල්ලි සර්වජන වශී- සොරි දෙක පැටළුණා- ජ්‍යෝතිශඥයන්ගේ පූර්ණ සහභාගීත්වය ඇතිව එකිනෙකා සමග අත්වැල් බැඳගෙන ඉතාම සමගියෙන් සමාදානයෙන් උම්මා පවා දෙමින්, ඉවුරු තලා ගංගා බැස යන්නට පෙර, උතුරු දෙසින් කොවුලා හඬලන්නට කලින් උදයක යෙදෙන නැකතකට අනුව අවුරුදු නැකැත් සාදනු ලැබෙන බව දත යුතු ය. ඒ මෙසේ ය.
 
අවුරුදු නැකැත් සෑදීමේ නැකත
අවුරුදු නැකැත් සෑදීමේ නැකත සෑදීමේ නැකත
අවුරුදු නැකැත් සෑදීමේ නැකත සෑදීමේ නැකත සෑදීමේ නැකත
අවුරුදු නැකැත් සෑදීමේ නැකත සෑදීමේ නැකත සෑදීමේ නැකත සෑදීමේ නැකත
(ඕක ඔහොම සෑහෙන කල් හදලා හදලා හදලා හදලා හදලා තමා දාන්නේ.. ඉතුරු ටික ඕන්නෑනේ?)
 
ලියන්නා විසින් යෝජනා කෙරෙනු ලැබෙන අලුතින් යාවත්කාලීන කරන ලද පරණ අවුරුදු නැකැත් සියල්ල මෙලෙස යෙදේ.
 
– පරණ අවුරුද්දට රෙදි සේදීම (මෙය ඔන්ලයින් රෙදි සේදීමේ කටයුතු සඳහා ද යොදාගත හැක)
 
– පරණ අවුරුද්දට හැකිතාක් මිනිසුන්ගේ ආතල් කුඩු කිරීම
 
– පරණ අවුරුද්දට ස්ටේටස් එකක් දැමීම
 
– පරණ අවුරුද්දට ශරීර කෘත්‍යය කිරීම (රෙන එක)
 
– පරණ අවුරුද්දට ස්වයංසම්භෝගයේ යෙදීම (ඔව් ඔව් ස්වයංසම්භෝගය කියන්නේ අතේ ගහන එක තමා)
 
– පරණ අවුරුද්දට මකුළුවන්, මීයන්, කැරපොත්තන්, කටුස්සන්, ගැරඬියන්, උකුණන්, මකුණන්, කැස්වටුවන්, පිළිහුඩුවන් වැනි ඒකරූමීය සතුන්ගේ නිජබිම් විනාශ කිරීම (උන්ටත් කියලා අලුත් වාසස්ථානයක් තියෙන්න එපැයි.. හැමදාම එකම තැන ඉන්න ගියාම බෝරින් වෙනවනේ)
 
– පරණ අවුරුද්දට මධුවිත තොලගෑම
 
– පරණ අවුරුද්දට වමනය කිරීම
 
– පරණ අවුරුද්දට හිසේ දෙහි ඉළීම
 
(ලියන්නාගේ විශේෂ සටහන: එම අවසන් පරණ අවුරුදු නැකතින් පසු පරණ අවුරුද්ද අහවර වන අතර එළඹෙන්නේ ගන්ධබ්බ කාලයක් ලෙස සැළකෙනු ලබන නොනගතය හෙවත් නැකැත් පති කාලයයි. එකී වේලාව අතරතුර සුභ කටයුතු කිසිවක් නොකළ යුතු අතර ඩිප ගසා නොකා නොබී ඔහේ උඩ බලාගෙන සිටිය යුතු ය. ගෙදරට වෙලා එහෙම ඉන්නට නොහැකි නම් වහා ළඟ ඇති පන්සලකට හෝ පල්ලියකට හෝ අඩුම තරමේ බස් හෝල්ට් එකකට හෝ ගොස් එසේ සිටිය යුතු ය. එසේ පුණ්‍ය කටයුතු වල යෙදීමට අකමැතිම නම් කාටත් හොරෙන් වහළයට වී ත්‍රෛලෝකවිජයාපත්‍ර කූරක් දෙකක් දල්වා ගත්තාට, අහුවුණොත් මිසක කවුරුත් මොකවත් කියන්නේ නම් නැති ය. හැබැයි ඊට පස්සේ කන්නට එක එක ජාති සොයන්නට යෑම තහනම් ය. විශේෂයෙන්ම අවුරුද්දට කන්නට සෑදූ කැවුම් කොකිස් මුං අලුවා කිරිබත් වල රස බැලුවා කරන්නට ගියොත් නොසෝදන ලද තෙල් හැඳි ප්‍රහාර වලට ලක් වීමෙන් සදා සොත්ථි භවන්තුතේ විය හැක. හදිසියේ මතක් වී දනි පනි ගා කඩේ ගොස්, පසුපස දොරෙන් මුට්ටියක් හා කිරි පැකට් එකක් ගෙන ගණුදෙණු කරන්නට නොහොඳ නිසා සල්ලි අසළ තැනකින් තබා මුදලාලිට කැමති නම් ගන්නට කියා වහා නිවසට පැමිණීම ද මේ පුණ්‍ය කාලය තුළ සිදුකරගන්නා කටයුතු ය.)
 
ඊළඟට යෙදෙන්නේ ලියන්නා විසින් යෝජනා කෙරෙනු ලැබෙන සංශෝධිත අලුත් අවුරුදු නැකැත් ය.
 
– අලුත් අවුරුද්දට දුම්වැටියක් දැල්වීම
 
– අලුත් අවුරුද්දට කඩෙන් අලුත් සිගරට් පැකට් එකක් ගෙන ගණුදෙණු කිරීම ආරම්භ කිරීම
 
– අලුත් අවුරුද්දට ස්ටේටස් එකක් දැමීම
 
– අලුත් අවුරුද්දට සෙල්ෆියක් ගැනීම
 
– අලුත් අවුරුද්දට බෙන්ස් දෙකක් ගැනීම
 
– අලුත් අවුරුද්දට රමණය කිරීම (ඔව් ඔව් ඒ කිව්වේ අහවල් එක තමා)
 
– ගැංගෝ හැපි හවසක් කිරීම
 
– අලුත් අවුරුද්දට ශරීර කෘත්‍යය කිරීම (රෙන එක) (ඒක අලුත් අවුරුද්දටත් කරන්න එපැයි ඉලව්වේ අර කන කැවිල්ලට)
 
– අලුත් අවුරුද්දට නෑදෑයන්ට කුණුහරුපයක් කියා එස් එම් එස් එකක් බැගින් තිළිණ කිරීම
 
– අලුත් අවුරුද්දට සහෘදයන් සමග සෙට් වීම
 
– අලුත් අවුරුද්දට කරටි කැඩෙන්න ගැසීම
 
– අලුත් අවුරුද්දට වමනය කිරීම
 
– අලුත් අවුරුද්දට හිසේ දෙහි ඉළීම
 
ඒ සියල්ල අවසන් වූ පසු වෙනදා වගේම එතැනින් පටන් ගන්නා සූර්යයාගේ වල්කමේ යෑම නැවතත් පටන් ගනු ඇති බවත් මේ සියල්ලම වෙනත් වෙනත් ආකාරයට මීළඟ වසරේදීත් අසන්නට ලැබෙන බවත් දත යුතු ය.
 
© 2017 Pamuditha Zen Anjana
 
#අලුතෞරුදු #නැකැත්පත #හෑස්ටෑග්දාන්ඩකම්මැලියියකෝ #සංශෝධිතනැකැත් #නොනගතසටහන් #නැකැත්හුකහං #පරණාවුරුද්දටාතල්කුඩුකිරීම #මේසෙන්මේසෙට #මාළුකනඑකාඑළුවන්කෑම #අම්මාකෑගහනවාරෑකෑමකන්නලු #හෑස්ටෑග්දානවදමේකපෝස්ට්කරලාකෑමකන්නයනවද #තෙවනලෝකයේපුරශ්න #දවල්ටකෑවෙපහටහයටඒත්තාමබඩගිනියිවගේ #අපිගියා #හෑස්ටෑග්හුකහං #lka

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s