යුද්දේ නැතුව පාළුයි! | Bored Without War!

ලංකාව; ඉන්දියන් සාගරයේ මුතු ඇටය, ලෝකෙන් උතුම්ම රට, පෙරදිග ධාන්‍යාගාරය.. ඔන්න ඔහොමයි අපි ඒ දවස් වල ඉඳන් ඉගෙන ගත්තේ. ඒත් අද වෙද්දි, අපි නොහිතන විදිහේ විපර්යාස වලට ලක් වෙච්ච අපේ මව්බිම, අපි නොහිතපු විදිහට නිකම්ම නිකන් ම්ලේච්ඡයන්ගෙන් පිරුණු දූපතක් වේගෙන යන අපේ අනන්‍යතාවය… ඒක විනාශ වීගෙන යනවා. හැමෝම එකට මේ වගේ පුංචි දූපතක් ඇතුළේ ජීවත් වෙනවා කියන අදහසම දැන් මේ දවස් වල අන්තිම හුස්ම ටික ගන්න පණ අදිනවා. මොකද්ද වුණේ කියලා හොයලා බලද්දී එක හේතුවක් කියලා වෙන් කරලා අඳුරගන්න බැරි තරම්ම ඒක පැටලිච්ච නූල් බෝලයක් වෙලා.

කාලකණ්ණි යක්කු සේරම එකට එකතු වෙනවා එක දේකට. එක එක තැන් වලින් එක එක විදිහට එකතු වුණාට ඒ ඔක්කොම නවතින්නේ අන්තිමට එක තැනකට කියලා දැන් දැන් තේරෙන්න පටන් අරගෙන තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ දේ නවත්වන්න මොකද්ද කළ යුත්තේ කියලා තාම අපිටවත් හරියට නොතේරෙන එක. කූඩැල්ලන්ව මෙට්ටේ තියන්න බෑ වගේම මෝඩයන්ට තේරුම් කරන්නත් බෑ. අවියට අවිය කියන කතන්දරේ මේකට අදාළ නොවෙන්නේ ඔතනදී. උන් කරන දේම අපි කළොත් ඒක නිකම්ම නිකන් ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් වෙනවා. වෙන විදිහකට මේකට විසඳුමක් සෙවිය යුතුයි.

ඔක්කොගෙම ඔළු විකෘති වෙලා පිස්සෝ වගේ මේ පොඩි රට ඇතුළේ දඟලනවා. එක එකා ළඟ ඉන්න එකාව මරාගෙන කන්න හදනවා. කවදාකවත්ම ඇහුණේ නැති අද්භූත කතා මේ වෙද්දි ඇහෙන්න පටන් අරගෙන තියෙන්නේ. මේ දූපතේ ඉන්න ම්ලේච්ඡ ඔළු ඔක්කොම වගේ මේ වෙද්දි එකම විදිහකට හැඩ ගස්වලා ඉවරයි. එක තැනකින් හූ කිව්වොත් ඔක්කොම හූ කියාගෙන ඉවක් බවක් නැතුව යකා නටන්න ගනියි. ඒ වගේ අවස්ථා ගොඩක් අපි අත්වින්ඳා බොහොම මෑතකදි ඉඳන්. අදටත් අත් විඳිනවා.

අමු අමුවේ දරුණු කළකිරීමකින් තමා අද මේ දූපතේ හිර වෙලා ඉන්නේ. අපි අපි එකතු වෙන තැන් වල අපි අපේම රටක් හදාගෙන ඉන්නේ. සිංහල මුස්ලිම් දෙමළ භේදයක් නැතුව අපි ඔක්කොම එක බත් එක බෙදාගෙන කාලා ඉන්නවා. කවදාවත් උන්ගේ පල්ලියේ, කෝවිලේ කරන දෙයක් අපිට ප්‍රශ්නයක් වෙලා නෑ. උන්ටත් අපිව කවදාවත් ප්‍රශ්නයක් වෙලා නෑ. හිතුණොත් මෙවා ඔක්කොම දාලා එකට ඉන්න එවුන් ටිකත් එක්කම වෙන රටකට යනවා. ප්‍රශ්න වලට විසඳුම් හොයන්න අවස්ථාවක් නැත්නම් ඉතින් ඒකෙන් පැනලා යන එක තමා කරන්න ඉතිරි වෙලා තියෙන හොඳම දේ.

මේවා ගැන බෞද්ධ අන්තවාදීන්ට (කට ඇරගෙන බලං ඉන්න දෙයක් නෑ. දැන් එහෙම එවුනුත් ඉන්නවා!) කිව්වම උන් ඉතිහාසය කබල් ගාන්න හදනවා. දුටුගැමුණු කාලෙදි හාමුදුරුවරු යුද්දෙට ගියා කියනවා. මේක ඉතිහාසය නෙමේ වර්තමානය. ඉස්සර හිටපු රජවරු හිටියා වගේ කාලයක් නෙමේ මේක. අනික දුටුගැමුණු කාලේ හිටපු හාමුදුරුවරු සිවුරු ඉරාගෙන ගහ මරාගත්තේ, හින්දු කෝවිල් කඩන්න ගියේ, කුණුහරුප කියාගෙන පාර දිගේ කටගොන්නක් බී ගෙන වැඩ දැම්මේ, දායකයන්ගේ දානේ තෙල අහිංසක මිනිස්සුන්ට පෙන්නුවේ නෑ.

ඒ වගේ එකෙක්ට මම කිව්වා තොට මරා රජ්ජුරුවෝ වගේ පෙණුනට අපිට එහෙම පේන්නේ නෑ. වරෙන් මේ පැත්තට අපි කොහොමද සමගියෙන් ඉන්නේ කියලා පෙන්නන්න කියලා. මාළිගාවත්තේ ප්‍රශ්නෙදී පන්සල් කඩන්න වෛශ්‍යාවන්ගේ පුත්තු එද්දී ඔය අහවල් බෞද්ධයෝ ටික තමා නැට්ට අහවල් එකේ ගහගෙන හිටියේ. අහල පහළ හිටපු මුස්ලිම් කොල්ලෝ ටික ආරංචිය ලැබුණු ගමන් අපේ පන්සලට එකතු වුණා.. “බයවෙන්න එපා මචං ඕකුන්ට පන්සල පැත්තේ එන්න දෙන්නේ නෑ!” උන් එක හඬින් කිව්වා. තොපි දන්නේ මොනවද යකෝ. නොදකින් කාඩ්බෝඩ් ඉන්ටනෙට් වීරයෝ!

මගේ ඉස්කෝලේ හොඳම යාළුවා මුස්ලිම්. උගේ පවුලේ නොතේරෙන පොඩි එකාගේ පටන් මට වෙසක් කාඩ් එවලා තියෙනවා… කඩෙන් අරන් නෙමෙයි.. අතින් හදලා! තේරෙන කමකට නෙමෙයි, ඒත් එහෙමයි උන් හිතන්නේ. තොපි කියනවා වගේ අහවල් එකක් උන් ලඟ නෑ. එක්කෝ ජීවිතේට මුස්ලිම් එකෙක් ලඟින් ආශ්‍රය කරපු නැති එවුන් දන්නේ නැති මඟුලක් කතා නොකර ඉන්න ඕනේ. මේක ලංකාව! උපන් දවසේ ඉඳන් අපේ අම්මලා තාත්තලා මිනිස්සුත් එක්ක හරි විදිහට ජීවත් වෙන හැටි උගන්නලා තියෙනවා. යමක් කමක් තේරෙන කාලේ ඉඳන් හැම ජාතියකම ආගමකම හොඳ යාළුවෝ මගේ ලඟින්ම හිටියා… තාමත් එහෙමයි! ජාතීන් අතර සමගිය පවත්වගෙන යන්න කවුරුත් උපදෙස් දෙන්න ඕනේ නෑ.. හිතේ තියෙන කුහක කම් නැති කර ගත්තම ඇති. පඟර නැට්ටෝ උඩුබිරුවට ඒ දේවල් නැති වෙන්නේ නෑ. හාමුදුරුවරු ගැන වැඩිය කතා කරන්නේ නෑ මොකද මොන අහවල් වැඩේ කළත් අපි තාමත් බුද්ධ චීවරේට ගරු කරන නිසා. නැත්නම් ජංගි ගැලවෙන, මයිල් ඉස්මයිල් වෙන කතා තියෙනවා මං ළඟ. හැම හාමුදුරු කෙනෙක්ම ඒ වගේ නෙමෙයි කියලා මම දන්නවා… ඒත් සසරෙන් ඉක්මණට එතෙර වෙන්න කියලා ශාසනේට ඇතුළු වෙන හාමුදුරුවරු පාරේ ගහ මරා ගත්තම ඉතින්, අනේ මන්දා සරත් කියලා ඔහේ බලා ඉන්නවා ඇර කරන්න දෙයක් කොහෙද?

උඹලා ගහ මරාගනිල්ලා උඹලා වගේම අන්තවාදී මුස්ලිම් එවුන් එක්ක. එක අහිංසකයෙක් හරි ඔය වගේ වැඩකදි අනතුරට ලක් වුණොත් අන්න එදාට උඹලාට දුවන්න පාරවල් හදා ගෙන තියා ගනිල්ලා! එදාට බෞද්ධයෝ, මුසල්මානුවෝ, කිතුණුවෝ, ද්‍රවිඩයෝ, විතරක් නෙමෙයි එකී නොකී හැම ආගමකම දහස් ගණන් සහෝදරයෝ තොපි වගේ ජාතිවාදීන්ගේ විකෘති ආශාවන්ට, විශ්වාසයන්ට විරුද්ධව පෙළ ගැහෙන්න සූදානමින් ඉන්නවා! ඒක මතක තියා ගනිල්ලා!

තෙරුවන් සරණයි!
එච්චරයි.

© 2012 Pamuditha Zen Anjana

Advertisements

4 thoughts on “යුද්දේ නැතුව පාළුයි! | Bored Without War!

  1. කොල්ලෝ…. මගේ උත්තමාචාරය මේ පොස්ට් එකට…
    මම මුස්ලිම්. මගේ හොඳම යාලුවෝ ටික බෞද්ධ.
    රැකියාව සදහා පිටරට ඉන්න මට, අදටත් ඊද් උත්සව දවසේ උදේ පාන්දරින්ම දුරකථන ඇමතුමක් දීල සුභ ප්‍රර්ථනා කරන්නේ ඔය මගේ බෞද්ධ යාලුවෝ ටික.
    නුඹ හරියට කිවුවා …
    මේක අපේ ශ්‍රී ලංකාව! උපන් දවසේ ඉඳන් අපේ අම්මලා තාත්තලා මිනිස්සුත් එක්ක හරි විදිහට ජීවත් වෙන හැටි උගන්නලා තියෙනවා.
    යමක් කමක් තේරෙන කාලේ ඉඳන් හැම ජාතියකම ආගමකම හොඳ යාළුවෝ මගේ ලඟින්ම හිටියා…
    තාමත් එහෙමයි! ජාතීන් අතර සමගිය පවත්වගෙන යන්න කවුරුත් උපදෙස් දෙන්න ඕනේ නෑ..
    පඟර නැට්ටෝ උඩුබිරුවට ඒ දේවල් නැති වෙන්නේ නෑ
    ~ අරෆාත් ෂනාස් … ශ්‍රී ලාංකිකයෙක්, ඩුබායි වල සිට ~

  2. එකඟයි ගොඩක් දෙවල්වලට
    මේ වගේ ප්‍රශ්න එක්සෙල් ෂීට් එකක් ලොකු වගුවක් ගහලා බෙදාගෙන විසදන්න පුලුවන් දේවල් නෙවේනෙ
    හැම පාර්ශවයකටම හිත් රිදීම් ඇතිවෙලා තියෙනවා ,ඇති වෙමින් පවතිනවා.කාටවත් තමන්ගේ කුට්ටිය සම්පූර්ණයෙන්ම කඩාගන්න අන්තගාමීන් දැඟලුවාට ඒකෙන් වෙන්නෙ අනිත් පාර්ශව කුපිත වෙන එකයි.
    හැබැයි කොයික කොහොමවුනත් තවමත් ඔය සමගිය යන්තමින් හරි රැකිලා තියෙනවා කියලා සතුටු වෙන්නනම් පුළුවන්.හැබැයි ඒක වෙන්නෙනම් සුළුතරයකගේ ක්‍රියාකලාපවලින්, සමූහයම අනුමාන නොකරන අය හින්දා මිසක් අන්තගාමියෝ නිසා නෙවේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s