අහෝ ඛේදයකි ඉරකි තිතකි

ඔන්න ඔය වචන ටික තමයි අද වෙද්දී මේ රට වැඩ කරන හැටි දැක්කාම පොඩ්ඩක් හරි මොළේ තියෙන ඕන මිනිහෙක්ට කිය වෙන්නේ. මේ මෑත කාලයේ සිද්ධ වෙන වැඩ කටයුතු දැක්කාම ඔහොම කියලා විතරක් නෙමේ පොළොවේ පෙරළිලා පස් කන්න තමා හිතෙන්නේ. එක පැත්තකින් මිනිස්සු ජාතිවාදය පතුරුවන කට කතා කියනවා. හාමුදුරුවරු එක එක මාර්ගඵල ලාභීන් කියලා තම තමන්ව මාකට් කරගන්නවා. රටේ නමක් ගමක් තියාගත්තු දේශපාලුවෝ කටයි පශ්චාත් භාගයයි එළියේ දාගෙන ඒ මදිවට රෙදිත් ඇඳගෙන රටේ නැති ගොන් කතා කියවනවා. තෙල් මිල නොසිතූ විදිහට ඉහළ යනවා. රුපියලේ අගය තව තවත් පහළ යනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ලංකාවට කෙලින්ම පහර ගසන චැනල් 4 දෙවන වීඩියෝවට ප්‍රකාශ නිකුත් කරනවා. ඒ අතරේ අධි ආරක්ෂිත කලාපයක පිහිටලා තියෙන ජාතික කෞතුකාගාරයට මහ රෑ හොරු පැනලා කඩු සෙට් එකක් උස්සන් යනවා. මේවට එරෙහිව කතා කරන එවුන්ව උස්සන්න සුදු වෑන් මග බලාගෙන ඉන්නවා කියලා මිනිස්සුන්ව බය කරනවා.

හැම තැනම ජාතිවාදියෝ ආගම්වාදියෝ වැහි වැහැලා. ෆේස්බුක් එකේ පටන් එළකිරි දක්වා හැම තැනම උන් සුදු පාටින් ජාතිවාදයේ වසුරු හෙළන්න පටන් අරන්. කට්ටියක් ඉස්ලාම් ආගමිකයන් මරන්න කතා කරනවා. කට්ටියක් ඒ වැඩේට අනිත් ආගම් වල අයටත් එකතු වෙන්න ආරාධනා කරනවා. මේ තියෙන්නෙ ඔය කාරණාව පිළිබඳව මේ ළඟදි මම ෆේස්බුක් එකේ දැකපු කතා වගයක්.

“ශ්‍රී ලංකික බොදුනුවනි, කිතුනුවනි, හින්දු වරුනි….නුඹලා අතර කෙතරම් එදිරිවාදී කම් සහ සක සංකා පැවතියද, නුඹලා සියලු දෙනාම එකා සටන් පෙරමුණකට කැඳවන පොදු සතුරකු ඇත. ඒ සතුරා නුඹට අභිමුක වූ කල සහෝදර සතුරන්ගේ අගය දැනේවි. තවත් පම වෙන්න එපා. තාවකාලිකව බොහෝ දේ අමතක කර පැහැදිලිව දෙකට බෙදෙමු. ඉස්ලාම්- ඉස්ලාම් නොවන”

“මොන විදිහට හිතුවත් ඊළඟ අවුරුදු කීපය ඇතුලත ඉස්ලාම් සහ ඉස්ලාම් නොවන විදිහට ලෝක පරිමාන ගැටුමක් ඇති වෙනවා. ඉතිහාසයේ සිය පාරක් කරපු මෝඩ කම එතකොටවත් කරන්නේ නැතුව ඉමු( පෘතුගීසි කාරය තම්බියට ගහනකොට ඌව බේරාගත්තා. ලන්දේසිය කතෝලිකයට ගහන කොට ඌව බෙර ගත්ත . මොහොතකට කලින් අපි මැරුම් කෑවේ උගෙන්. ඊට පස්සේ ඇන්ග්ලිකන් කාරයාගෙන් මේ ඔක්කොම බෙර ගත්ත. අන්තිමට අයෙත් සැරයක් කොටියාගෙන් තම්බියව බේරා ගත්ත. ඉස්සරහට තම්බින්ව බේරා ගන්න සිංහලයෙක් ඉදිරිපත් උනොත් ඌව තමයි ඉස්සෙල්ලම මරන්න ඕන)”

ඔය කතා කියපු කෙනාට අනුව, ඔහුගේම වචන ඒ විදිහටම සඳහන් කළොත්…

“ඉස්ලාම් කියන්නේ මනුෂ්‍ය ශිෂ්ඨාචාරයේ මේ පරිච්චේදය අවසන් කරන්න බිහිවෙච්ච යකාගේ පණිවිඩය. එක පිළිගන්නේ නැති එවුන් එක්ක මට කතාවක් නෑ(දියුණු ක්‍රමයක් නෙමෙයි තමයි). ඒක තේරුම් ගන්න බැරි එකා එක්කෝ පොන්නයෙක් නැත්නම් ගොනෙක්”

ඔන්න ඔහොම තමා අද වෙනකොට ලංකාවේ මිනිස්සුන්ගෙන් බොහෝ අය හිතන්නේ! මුං ඔක්කොම හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්න අයිතිය තියෙන්නේ පිරිසිඳු සිංහල බෞද්ධ ලේ තියෙන එවුන්ට විතරයි කියලා. යකුනේ ඇස් ඇරපල්ලා. පිරිසිඳු සිංහල බෞද්ධ ලේ කියල එකක් නැහැ යකෝ. තම තමන්ගේ පරම්පරාව ආපස්සට හොයලා බලපන්. වෙන ජාතිකයෙක් තමන්ගේ පවුලේ නැති එකෙක් වත් මේ වෙද්දි ලංකාවේ නැහැ.

මේ යන පාර කොහාටද කියන එක තාම දරුණු ප්‍රශ්නයක්. ලංකාවේ මිනිස්සු හිතාගෙන හිටපු වීරයා දැන් මැරිලා ඉවරයි. දැන් ඔය වීරයා කියලා හිතාගෙන වඳින්නේ වීරයා ඒ දවස් වල දාපු සෙරෙප්පු දෙකකට. ලංකාවේ මිනිස්සුන්ට තාම තේරෙන්නේ නැති සරළ කාරණා ගොඩකින් එකක් තමයි වීරයාගෙයි දුෂ්ටයාගෙයි තියෙන අන්‍යොන්‍ය සබඳතාව. වීරයා කියන සංකල්පය පවතින්නේ දුෂ්ටයා කියන සංකල්පය තියෙනකම් විතරයි! සරලව ගත්තොත් දුෂ්ටයා ඉන්නකම් වීරයා පොරක්. කල් යද්දී වීරයා දුෂ්ටයාව පරාද කරනවා. අපේ උන් හිතං ඉන්නේ එතකොට “සියල්ලෝම සතුටින් විසිර ගියහ” වෙනවයි කියලා. පිස්සුද! එහෙම වෙන්නෙ සුරංගනා කතා වල විතරයි! දුෂ්ටයා නැති වුණු ගමන් වීරයා හුදෙකලා වෙනවා. ටික කාලෙකින් ඒ වීරයා දුෂ්ටයා බවට පරිවර්තනය වෙනවා. එතකොට තව වීරයෙක්ගේ වුවමනාව මතුවෙනවා. සමහර විටෙක අළුත් වීරයෙක් මතු වෙනවා නැත්නම් පරණ දුෂ්ටයාම වීරයෙක් බවට පරිවර්තනය වෙනවා.

මොන පැත්තෙන් බැලුවත් ලංකාව දැන් ඉන්නේ ඔය වගෙ අතරමැදි අවස්ථාවක. වෙලා තියෙන්නේ එකී කාරණාව මෙහේ තැන් තැන් වල තියෙන අවුල නිසා ක්‍රියාත්මක වෙන විදිහ විකාරරූපී වෙලා. තැන් තැන් වල පොඩි පොඩි කාඩ්බෝඩ් වීරයෝ පඳුරු අස්සෙන් එළියට එන්න අරගෙන. උන්ට ඕන ඕන විදිහට පොඩි පොඩි දුෂ්ටයො ටිකකුත් හදා ගෙන පශ්චාත් භාග ඉරාගෙන උන්ට පළු පැලෙන්න බනිනවා.

කාලයක් යටපත් වෙලා තිබුණු ඔය ගොන් කතා කියන සාම්ප්‍රදාය මෑතකදී නැවත ආරම්භ කළා අපේ අනුර එදිරිසිංහ අධ්‍යාපන කොමසාරිස්වරයා. දන්නෙ නැති මඟුලක් කතා අරන්න ගිහින් එයා ඉල්ලගෙන කෑවා.

ඊට පස්සේ ආයෙත් බොහොම මෑතකදී ඒකට එකතු වුණා විමල් වීරවංශ. එයා අම්බානක ගූ ලෝඩ් එකක් තනියම ඇදගෙන නෑවා අමෙරිකානු නිෂ්පාදන පාවිච්චි කරන එක නවත්වන්න කියලා. පව් අසරණයා මේ දවස් වල ලංකාවේ අමෙරිකානු ගැත්තන්ගේ මරණ තර්ජන වලට ලක් වෙලා කිය කිය පාරේ ඇවිදිනවා.

ඔන්න ඔය සෙටාර් එකට අපේ බන්දුල ගුණවර්ධන අංකලුත් එකතු වෙලා. එයා ෂෝක් විහිළුවක් කරලා තුන් දෙනෙක් ඉන්න පවුලකට මාසයක් ජීවත් වෙන්න රුපියල් 7500ක් ඇති කියලා. යකෝ එක මිනිහෙක්ට මාසයක් යහතින් කාලා ඇඳලා ඉන්නවත් ඔය ගාන මදි. මේ කට්ටිය හිතාගෙන ඉන්නවා ඇති ලංකාවේ ඔක්කොම ඉන්නෙ මොළේ කලඳක් වත් නැති හරක් කියලා. එහෙම නැත්නම් ඔය වගේ කතාවක් කියන්න තරම් සාමාන්‍ය දැනීමක් නැති කෙනෙක් තමයි රටේ අධ්‍යාපන ඇමති.

හැම දේටම ලොවෙත් නැති සංස්කුරුතියකුයි ජාතියකුයි ආගමකුයි උළුප්පලා පෙන්නලා තම තමන්ගේ හෙළුව වහ ගන්න අපේ අයියලා හරි දක්ෂයි. යුද්දේ පුළුවන් තරම් විකුණලා විකුණලා දැන් විකුණන්න දේවල් නැති තැන ඔය ටිකවත් ඉතින් විකුණගෙන කන්න එපෑ! කාලෙන් කාලෙට එක එක භීතිකා ඇති කරලා තියෙන ප්‍රශ්න වලින් මිනිස්සුන්ව හැමදාම රව්ට්ටගෙන ඉන්න බෑ. ඇත්ත එළි වෙන කාලය තියෙනවා. ඒ වෙනකම් ඉතින් හොඳ අවධානයකින් තමා අපිත් ඉන්නේ!

Advertisements

2 thoughts on “අහෝ ඛේදයකි ඉරකි තිතකි

  1. I am on with you with every piece of opinion in this article. It hurts to see how people use facebook and other social media to develop hate between communities. Ultimately we all are humans and we never know what we will be in the next birth.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s